සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවට විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට රැස්වීමට නියමිතව තිබෙන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ඒ අනුව අදාළ සාකච්ඡාව මෙම සතිය තුළ පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.
අදාළ විශ්වාසභංගය සම්බන්ධයෙන් කඩිනමින් විවාදයක් ලබාදෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩුව සත පහක විනිවිදභාවයකින් වැඩ කරන්නේ නැහැ – රහුමාන්
රනිල් දන්නවා ඔහුගේ ප්‍රෝඩාකාරී ආර්ථික සැලැස්මට විරුද්ධව පීඩාවට පත්වන ජනතාව නැගී සිටින බව – අනුර
පොලිසියේ සියලු දෙනා කටයුතු කරන්නේ බලපෑම්වලට ලක්වෙලා – සජිත්
ලබන වසරේදී නියත වශයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
කාලසීමවක් සඳහන් කළ නොහැකි වුවද ජනාධිපතිවරණක් පැවැත්වීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවලියේම කොටසක් මිස අනෙකක් නොවන බව සමගි ජන බලවේගය පවසනවා.
ඒ අනුව එවැනි වාතාවරණයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට හැකිවේද යන්න සැක සහිත බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කරමින් සමගි ජන බලවේගය සඳහන් කරන්නේ.
උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විපක්ෂයෙන් ප්‍රතිචාර ඉල්ලා සිටින බවත් සිදුවිය යුත්තේ ප්‍රතිචාර ලබාගැනීම සඳහා වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් කිරීම බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
රජය සිය යෝජනා ඉදිරිපත් කළ පසු විපක්ෂය සිය වගකීම් ඉටු කිරීමට සූදානම් බවයි ඔවුන් සිය නිවේදනය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.

ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් හෙට (26) සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
අදාළ සාකච්ඡාවට සම්බන්ධවීම සම්බන්ධයෙන් හෙට දිනයේ තීරණය කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළා.
එසේම මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගී නොවන බව සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළා.
නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමට එරෙහිව ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ මස 26 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සම් දෙකක් අද (24) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණා.
කෙසේ නමුත් පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරයෙකු වන ප්‍රියන්ත ජයවර්ධන වෙනත් නඩු විභාගයකට සහභාගි වීම හේතුවෙන් මෙම පෙත්සම් සලකා බැලීම මෙලෙස කල් තැබීමට නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
නියමිත පරිදි පසුගිය මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
පාර්ලිමේන්තුව අද (18 ) සිට ලබන 21 දක්වා රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භවීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
හෙට දිනයේ රේගු ආඥාපනත යටතේ සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.