මොන දේ වුනත් අත්වල ලේ තවරගත්තේ නෑ – මහින්ද රාජපක්ෂ

තමාගේ අත්වල ලේ තවරාගෙන නැති බවද සාමය උදා කරදුන් රටේ නැවත ලේ වගුරනවාට තමා කැමති නැති බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අරගලයෙන් නැත්තටම නැතිවීමට ගිය රට බේරුණේ ජනතාව දුන් ජනවරම නිසා බවට තමා විශ්වාස කරන අතර එම ජනවරම ආරක්ෂා කරගෙන රට වැටීමට ගිය ආගාධයෙන් ගොඩගන්නට හැකියාව ලැබුණු බවයි ඔහු සඳහන් කළේ.

අරගලයට මුවා වී තම පාක්ෂිකයන්ට පහර දුන් බවද, ගේ දොර ගිනි තැබීමට ලක්වූ අයට තවමත් සාධාරණයක් ඉටු වී නැති බවද ඔහු පවසා සිටියා.

මේ කාරණා සම්බන්ධයෙන් කොමිෂන් සභාවක් පත්කර විමර්ශණයක් පැවැත්විය යුතු බවට තමා විශ්වාස කරන බවයි ඔහු සඳහන් කළේ.

අලුත් රටක් වෙනුවෙන් පෙළ ගැහෙන ලෙස සියළු දෙනාට ආරාධනා කරනවා – මහින්ද

අලුත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් ජාති ආගම් භේදයකින් තොරව එක්වන ලෙස සියළු දෙනාට ආරාධනා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

කුමන බලවේග පැමිණියද හෙට දිනයේත් රටේ ප්‍රබලම බලවේගය බවට පත්වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ඊළඟ මැතිවරණයේ බලවත්ම කඳවුර වන්නේද පොදුජන පෙරමුණ බවයි ඔහු සඳහන් කළේ.

ජනතාව ආර්ථික පීඩනයක සිටින බවත්, විදුලි සහ ජල ගාස්තු වැඩි බවත්, භාණ්ඩ මිල අඩු කිරීමට හැකිතාක් උත්සාහ කළ යුතු බවත්, ඒ අතරතුර රටට ඉදිරියට යාමට අවශ්‍ය වටපිටාව සකස් කර දිය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අපේම ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් වෙමු, ඒක පාණ්ඩුවක් නොවන්න කටයුතු කළ යුතුයි – බැසිල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ඕනෑම මැතිවරණයක් ජය ගැනීමට සූදානම් බව පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

සිය පක්ෂයේම ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් විය යුතු බවත්, එය පෙර ආකාරයේ මෙන් පාණ්ඩුවක් නොවී නියම එඩිතර ආණ්ඩුවක් වීමට කටයුතු කළ යුතු බවයි පක්ෂ සම්මේලනය අමතමින් ඔහු සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගල් ගැසීමට කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී බලාගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පොහොට්ටුවේ නායකත්වය යළි මහින්දට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස යළිත් මහින්ද රාජපක්ෂ තෝරා පත්කරගෙන තිබෙනවා.

මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ විසින් මහින්ද රාජපක්ෂගේ නම යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් එය ස්ථිර කළා.

පොහොට්ටුවේ ජාතික මහා සම්මේලනය ඇරඹේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනය මේ වන විට ආරම්භවී තිබෙනවා.

ඒ අනුව පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භවී ඇති බවයි සඳහන් වන්නේ.

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ගොනුකල පෙත්සම් යළි විභාග කෙරේ

නියමිත දිනයට පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනුකල පෙත්සම් ඊයේ (13) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ යළිත් විභාගයට ගැනුණා.

මේ වෙනුවෙන් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් මුලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ගොනුකර තිබුණා.

වගඋත්තරකරුවකු ලෙස මුදල් අමාත්‍යවරයා නම්කර තිබුණත් ඔහු ඊට  අදාලව විරෝධතා ගොනු නොකිරීම ගැටලු සහගත බවත්, එම විරෝධතා ගොනු කිරීම සඳහා ඔහුට වගකීමක් තිබෙන බවටත් පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්ථික දේවේන්ද්‍ර කරුණු ඉදිරිපත් කළා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගොනුකර තිබෙන විරෝධතාවල මැතිවරණය පැවැත්වීම සඳහා  මුදල් ප්‍රතිපාදන වෙන්කිරීමට තරම් ප්‍රමාණවත් මුදල් නොමැති බව මුදල් අමාත්‍යවරයා දැනුම් දී ඇතැයි ප්‍රකාශ කර තිබු බවත්, මුදල් අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කර තිබෙන බව පවසා ඇති බවයි නීතිඥවරයා පවසා සිටියේ.

පාර්ලිමේන්තුව ජනවාරි 9 වනදා දක්වා කල් තබයි

අයවැය තෙවන වර ඡන්ද විමසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළිත් ජනවාරි 9 වන දින දක්වා කල් තබා තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ ජනවාරි 9 වනදා යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

2024 අයවැය තෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

2024  අයවැය තෙවනවර කියවීම අද (13) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව අයවැය තෙවන වර කියවීමට පක්ෂව ඡන්ද 122 ක් හා විපක්ෂව ඡන්ද 81 ක් හිමි වුණා.

6579b049aecfd

6579b04a98b70 6579b04a269b2

රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් මඟින් ක්‍රියාත්මක වන දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රත්මලාන දුම්රිය ඩීසල් බලවේග කට්ටල කර්මාන්ත ශාලාව සැලසුම් කර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සඳහා ජාත්‍යන්තර ලංසු කැඳවා තිබෙනවා.

ඒ අනුව ලංසු 09 ක් ඉදිරිපත් වී ඇති අතර ලංසු 02 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඉතිරි ලංසු 07 ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති චයිනා සිවිල් ඉංජිනියරින් කන්ස්ට්‍රක්ෂන් සමාගම වෙත එකී කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

කල් දැමූ VAT සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඇරඹේ

කල් දැමූ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය අද (11) නැවතත් ආරම්භ කර තිබෙනවා.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය ඊයේ (10) ආරම්භ කළ අතර ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුව යළිත් අද දිනය දක්වා කල් දැමීමට කටයුතු කළා.