විධායක ජනාධිපති ධූරය අහෝසි කලොත්, ජනාධිපතිවරණයක් නෑ – ජී.එල්. ජීරිස්
Category: politics_sub
ජී. එල්. පීරිස්ගේ සහාය සජිත්ට
ඉදිරි ජනාධිපතිවරණයකදී තමා ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පවසනවා.
මේ වන විට ප්‍රබල ජන මතයක් සජිත් ප්‍රේමදාසට ගොඩනැගෙමින් ඇති බවයි නිදහස ජනතා සභාව අද (19) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරණයක් වුවද පාර්ලිමේන්තු මැතිවරණයක් වුවද සජිත් ප්‍රේමදාසට සහායෝගය ලබාදෙන ස්ථාවරයේ සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා දරණ තනතුරු පිළිබඳව තීරණය අත්හිටුවමින් දින 14 ක වාරණ නියෝගයක්
සමගි ජන බලවේග පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිලඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ පක්ෂ සාමාජිකත්වය සහා දරන තනතුරු අත්හිටුවීම විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය දින 14ක වාරණ නියෝගයක් නිකුත් කර ඇත.
අසාධාරණ ලෙස විනය ක්‍රියාමාර්ග ගැනීම තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පක්ෂ සාමාජිකත්වය සහ සමගි ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර එම පෙත්සම සලකා බැලීමෙන් පසු කොළඹ දිසා අධිකරණය මගින් මෙම නියෝගය නිකුත් කර ඇත.
සමගි ජන බලවේග පක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා වෙත මෙම නියෝගය නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තු ඉහළම නිලයකට උසස් වීම් ලැබූ නිලධාරිනියක් පැය 24ක් යාමට පෙර එම නිලයෙන් ඉවත් කරයි.
පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය
පාර්ලිමේන්තු ඉහළම නිලයකට උසස් වීම් ලැබූ නිලධාරිනියක් පැය 24ක් යාමට පෙර එම නිලයෙන් ඉවත් කරයි.
එම උසස් නිලධාරිනියගේ අංශයේ දෙවැනි නිලයට පත් කළ නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විරුද්ධව බලපෑම් කරන ලදැයි චෝදනා පදනම් කර ගනිමින් එම තනතුරින් ඉවත් කිරීමට තීරණය කර ඇත.
දෙවැනි නිලයට පත් කළ නිලධාරියා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර දැනුම් දීමෙන් පසුව මෙම පියවර ගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේග පක්ෂයේ සභාපති ධුරයෙන් නෙරපා දැමීමට එම පක්ෂය තීන්දු කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ජ්‍යෙෂ්ඨ නායකයින් රැසක් නායක සජිත් ප්‍රේමදාසගෙන් පසුගියදා මේ පිළිබඳව ඉල්ලීම් කර තිබී ඇති අතර
පක්ෂ නායකත්වය පක්ෂය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම යන කරුණු මුල් කරගෙන පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා මහතා ඉවත් කිරීම ඉතා ඉක්මනින්ම සිදුකරනු ඇතයි වැඩිදුරටත් සඳහන් වේ.
ගල්පාත චන්දන පෙරේරා
මෛත්‍රී සහ අෆ්රීන් අක්තර් අතර හමුවක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් හමුවක් ඊයේ (14) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇතිවී ඇති බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ප්‍රකාශයට පත්කිරීම දින නියමයක් නොමැතිව කල් තබයි
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය විසින් ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තබා තිබෙනවා.
ඒ අනුව ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පවත්වා තිබෙනවා.
පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු කරුණු ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස්ද නැවත කරුණු දැක්වීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
අනුර කුමාර දිසානායක සහ යුරෝපා සංගමයේ තානාපති අතර හමුවක්
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති Carmen Moreno සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (13) පස්වරුවේදී සිදුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ බවත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම මෙන්ම මැතිවරණ කල් දැමීම ගැනද අවධානයට ලක් වූ බවයි එම පක්ෂය නිවේදනය කරන්නේ.
එසේම Online Safety පනත පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවද අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

රනිල් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න වේගවත් වැඩකොටසක් කරනවා – මෛත්‍රී
මැතිවරණය කල් දැමීම සඳහා ජනාධිපතිවරයා ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා හිටපු කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් නීතීඥ කණ්ඩායමක් පත්කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ඉක්මනින් කටයුතු කරමින් ඇති බවයි ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව ජනමත විචාරණයක් පැමිණේවිද, නැතහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේවිද යන්න ගැටලු සහගත බවත්, ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු අතර ඉදිරියට එන ඡන්දය කුමක්ද යන්න නිසි ලෙස ප්‍රකාශ කිරීමට නොහැකිවීම හේතුවෙන් ඉලක්කගතව වැඩ කිරීමට නොහැකි වී ඇති බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ.
ලෝක දේශපාලනයේ වෙනස්කම් අනුව අපේ පක්ෂයත් වෙනස් වෙලා – විජිත හේරත්
ලෝක දේශපාලනයේ සිදුව ඇති වෙනස්කම් අනුව තම පක්ෂයද වෙනස්වී ඇති බව ජාතික ජන බලවේගය පවසනවා.
ජාතික ජන බලවේගයේ ඉන්දීය සංචාරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ, මෙම සංචාරය සඳහා ඉන්දියාව ආරාධනා කළේ, හදිසියේ නොවන බවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා ආරාධනා කළ බවයි.
80 දශකයේදී ඉන්දියාවේ සෘජු මැදිහත්වීමක් ශ්‍රී ලංකාවට තබූ බවත් අද වන විට එම දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්වී ඇති බවත් තම පාලනයක් තුළ සියලු රටවල් සමඟ ආර්ථික දේශපාලන තත්ත්වයන්ට සමගාමී වන ආකාරයෙන් සම්බන්ධතා පවත්වන බවයි විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
තම විදෙස් ප්‍රතිපත්තිය පැහැදිළිව එරට බලධාරීන්ට ප්‍රකාශ කළ බවත් ලෝකය සහ කලාපීය දේශපාලනයද වෙනස්වී ඇති අතර එයට සමගාමීව දේශපාලන ව්‍යාපාරයක් ලෙස තමන්ද වෙනස්වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
ඉන්දියාවේ අමුල් සමාගම සමඟ සාකච්ඡා කිරීමේදී තමන්ට ගැටලුව ඇත්තේ රට තුළ කිසිඳු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොවීම සම්බන්ධයෙන් බවත් එය එම සමාගමෙන් විමසූ විට, එය සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා රජයෙන් බවත් එහි වගකීමක් තමන්ට භාර ගැනීමට නොහැකි බවට ඔවුන් එහිදී ප්‍රකාශ කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.
