ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව ලාංකීය දේශපාලනය තුළ ආන්දෝලනාත්මක අවස්ථාවකි. 1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 සහ 21 යන වගන්ති වලට අනුව ශ්‍රී ලාංකීක පුරවැසියකු ඔහුගේ හෝ ඇයගේ මෙරට පුරවැසිභාවය වෙනත් රටක පුරවැසිභාවය ලැබීමෙන් අහෝසි වී යනු ඇත.

එලෙසින් අහිමිවන ශ්‍රී ලාංකීය පුරවැසිබව නැවත ලබාගැනීමට හෝ එය අවසන් නොවී පවත්වා ගැනීමට අවශ්‍ය ෛනතික රාමුව එම පනතේම19(2) සහ 19(3) යන වගන්ති යටතේ දක්වා ඇති අතර එම විධිවිධාන තවමත් අහෝසි කර නොමැත. ඒනිසා ද්විත්ව පුරවැසිභාවය සතු පුද්ගලයෙක් හට ඔහුගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමිවීමක් හෝ යළි පුරවැසි බව ලබාගැනීමට කිසිදු  බාධාවක් හෝ සීමාවකට යටත් කර නොමැත.

නමුත් ගීතා කුමාරසිංහ මහත්මියට අභියාචනාධිකරණය  ලබා දුන් තීන්දුව හරහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ගණනාවකට සිය මන්ත‍්‍රී ධුර අහිමි වීමේ අවධානමක් පවතී. මෙය කරලියට පැමිණෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු මීළඟට මැතිවරණය‌ එළඹීමට පෙර එක්‌ රටක පුරවැසිභාවයකින් ඉවත්වීමට තීරණයකිරීමෙනි. මේ තීරණයට අනුව ඔවුන් තිදෙනා ලබන වසරේ මුල් මස දෙක තුළ සිය විදේශ පුරවැසිභාවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.

     ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබූවන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කර තැබීම සැබවින්ම අර්ථ විරහිත ක්‍රියාවකි. උපන් බිමේ බිම් අගලක හෝ උරුමක් නැති අයෙකු වුවත් රටට සේවය කිරීම උදෙසා කටයතු කරන්නේ නම් එයට අවස්ථාව ලබාදිය යුතුය. ද්විත්ව පුරවැසිභාවය මත මන්ත‍්‍රී ධුරය අහිමි  කිරීම හුදෙක් දේශපාලන කාරණයක් විනා රටේ යහපතට ගනු ලබන තීරණයක් ලෙස සිතිය නොහැකිය. රටේ ජනතාවට ඉන් කිසිදු විශේෂ වාසියක් නැත. රාජ්‍ය පාලකයන් ජනතාවගේ අභිලාෂයන් හැකි උපරිම අන්දමින් මුදුන් පත් කිරීමට කළ යුතු අතර මෙවැනි දේශපාලන කරණා කෙරේ මුල් තැන දීම විහිළුවකි. රටේ අනාගතය වෙනුවෙන් වඩාත් වැදගත් වන තීන්දු තීරණ ගන්නා ආයතන  කෙරෙහි ද්විත්ව පුරවැසිභාවය අදාළ කර ගැනීම සැබවින්ම අර්ථ විරහිතය.

සටහන – පබසරා රාජකරුණා  

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තිය තුළ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්කර ඇත. එනමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය හෝ ජනතා පරමාධිපත්‍යයට ගරු කිරීමක්‌ දක්නට නොමැත. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යන මන්ත්‍රීන් සිය පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව පක්ෂ මාරු කරති. මෙය සමානුපාතික නියෝජන ක්‍රමයේ ඇති දුර්වලතාවයකි. ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රමවේදය සකස් වී ඇත්තේ දේශපාලන පක්ෂ ක්‍රමය මතයි.

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ අපේක්ෂකයා හා ඡන්දදායකයා අතර සෘජු සම්බන්ධතාවක් ඇතිවී නැති අතර පක්ෂයට මුල්තැන ලැබී ඇත. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එක් එක් පක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රතිශත අනුව මන්ත්‍රීවරු බෙදියාමේදී අනිවාර්යෙන්ම දුර්වල පාර්ලිමේන්තු නිර්මාණය වන අතර 2009 වසරේ හැර කිසිම දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ  113 ක බහුතරයක් ලබා ගැනීමට සමත්ව නැහැ. එම නිසා ආණ්ඩු පිහිටුවීමට වෙනත් පක්ෂ හා පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් සභාග ආණ්ඩු නිර්මාණය කරන අතර මේ හරහා සිදුවන්නේ දේශපාලන පිල් මාරුවයි. පසුගිය ඔක්තෝම්බර් මස ජනධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මන්ත්‍රීවරු මිලියන 500ක් වැනි මුදලකට විකිනෙන බවයි. පළමු පක්‌ෂ මාරුව සිදුවූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත්ව තවත් පාක්‌ෂිකයන් කීපදෙනකු සමඟ මහජන එක්‌සත් පෙරමුණට සම්බන්ධ වීමෙනි.1956 සිදු වූ පෙරළියත් සමඟ දේශයට ලැදිදේශීයත්වය අගයන පිරිසෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බිහිවිය.

ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන අපේක්ෂකයන් ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී නොසිට මුදලට පක්ෂ මාරු කරමින් සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම ජනතාවට කරන සුවිශාල අපරාධයකි. එවැනි පුද්ගලයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ වගකීමකි. මෙවැනි අවස්ථාවන්හිදී මහජනතාවට අධිකරණයේ පිහිට පැතීමට ක්‍රමයක් නිර්මාණය කළ යුතු අතර මන්ත්‍රීවරුන්ගේ  විශ්‍රාම වැටුප්  අහෝසි වන ආකාරයෙන් නව නීති සැදීමේ අවශ්‍යතාව මතුව ඇත. 

 සටහන : පබසරා රාජකරුණා

ගාල්ල ප්රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතාපැවසුවේ ලබන වසරේ ජනවාරි මස 09 වනදාට පසු ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණක් කැඳවිමේ හැකියාවජනාධිපතිවරයාට සතුව පවතින බවයි.

අද (18) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසූයේ පක්ෂ තීරණය නොතකා ආණ්ඩුවට එක්වන අයට ඇමති තනතුරු නොදෙන බවට ජනපති ප්ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවයි.

බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන්නේ නම් ඔහුව මෙරටට රැගෙන ඒමට ආණ්ඩුව වහා කටයුතු කළ යුතු බවයි.
 උන්වහන්සේ මේ බව කියා සිටියේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ජනපතිගේ කළ ඉල්ලීමට මැදිහත්වන්නැයි ඉල්ලමින් අද දින  මහනුවර දී අස්ගිරි මල්වතු මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුවයි.
අනිද්දා දින නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මෙහිදී තිස් දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මන්ඩලයේ ජේෂ්ඨ අමාත්‍ය ධූර එක්සත් ජාතික පෙරමුණ වෙත ලබාදීමටයි තීරණය වී ඇත්තේ.
අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹුව නගරයෙහි පේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්වීම් ත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීම්ට කටයුතු කර තිබෙනවා.
මෙහි දී එක්සත් ජාතික පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායකවරයා  අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පැමිණි එහි සේවයෙන් යුතු නිලධාරීන්ට බැනවදිමින් ඔවුන්ගේ රාජකාරිය කටයුතුවලට බාධා කර තිබෙනවා.
මෙම අවස්ථාවේ දර්ශන ප්රාදේශීය සභාවේ සවිකර තිබූ CCTV කැමරාවල ද සටහන් වී තිබුණා.
රටේ මතු වී ඇති වාතාවරනය හමුවේ රාජ්‍යඅමාත්‍යාංශවල  හිටපු අමාත්‍යවරුන් හෝ ආධාරකරුවන් කලබල ඇති කළහොත් පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය සඳහා යුද හමුදාව යෙදවීම සඳහා සීරුවෙන් තබන්න නියෝග කර තිබේ .

රජය විසින් රජයේ මුදල් පාලනය අමතක කරනවා නම්, රටකට එහි විපාක විඳීමට සිදු වෙනවා – රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකන් ගුවන්සේවය ඩොලර් කෝටි 74ක් ණය අරන් තිබේන බවත්රජය විසින් රජයේ මුදල් පාලනය අමතක කරනවා නම්රටකට එහි විපාක විඳීමට සිදු වෙන බවත් මේ වනවිට යම් මුදල් පාලනයක් ඇතිකරගෙන තිබෙන බවද  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (13) පාර්ලිමේන්තු සංකීරණයේ  පැවැති 2015 මූල්‍ය වර්ෂයේ මූල්‍ය පාලන නීතිරීති හා රෙගුලාසිවලට අනුගතවෙමින් සහ කාර්යසාධනය පිළිබඳව සතුටුදායක ප්‍රතිඵල අත්කරගත් රාජ්‍ය ආයතන සඳහා සම්මාන ප්‍රදානෝත්වයට සහභාගීවෙමිනි.

එහිදි වැඩිදුරටත් අගමැතිවරයා මෙසේ ද කිවේය.

පාර්ලිමේන්තුවට ප්‍රධාන කාර්යය තුනක් තිබෙනවා. එකක් නීති සම්පාදනයවිධායකයට විශ්වාසය පළ කිරීම සහ මූල්‍ය පාලනය කිරීම. මුදල් පාලනය කරන්නේ මේ කොමිටි මාර්ගයෙන්. රජයේ මුදල් පාලනය අමතක කරනවානම් රටකට එහි විපාක විඳීමට සිදු වෙනවා.

එදා පාර්ලිමේන්තුවේ මුදල් පාලනය අඩු වුණා. රට පසුගිය වසර පහ හය තුළ කඩා වැටුණා. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ පාර්ලිමේන්තුවේ මුදල් බලය යළි තහවුරු කරනවා කියල අප ප්‍රකාශ කළා.

මුදල් නීත්‍යාණූකූලව වියදම් කිරීම යහපාලනයේ කොටසක්. වර්තමානයේ එය පාලනය කිරීම අපේ කොටසක්. අප දකිනවා සමහර ව්‍යාපෘතිවලට ගෙවා තියෙන මුදල තුන්ගුණයක් විතර වටිනවා. ශ්‍රී ලංකන් ගුවන්සේවය ණය අරන් තියෙනවාතියෙන ණය මුදල ඩොලර් කෝටි 74ක්.කෝටි 40ක් ජාතික බැංකුවලට අයිතියි. කිසිම මුදල් පාලනයක් නෑ.

රාජ්‍ය මුදල් කාරක සභාවක් ඇති කළාපාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය ආරම්භ කරනවා. යම් කිසි මුදල් පාලනයක් ඇතිකරගෙන යන්නේ.ඉදිරි වසර දෙකෙ දී එය සිදුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. වසර 2020වනවිට ණය බර අඩු කරලාධනභාවය වැඩිකරගන්න පුළුවන්. මේ ණය ඊළඟ පරම්පරාවට ගෙවන්න දෙන්න බෑ. ඒ පව් අප ගෙවා දමමු. මේ ප්‍රශ්නයට යහපාලනය අත ගැසුවා. අප විසඳුමක් සොයා යනවා යැයි ද අග්‍රමාත්‍යවරයා පැවසී ය.

මැතිවරණ වියදම් පාලනයට නීති සම්පාදනය කිරීමේ සැලැස්මක්

මැතිවරණ වියදම් පාලනයට නීති සම්පාදනයට අදාළ කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.
අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මැතිවරණ වියදම් අවම කිරීමේ අරමුණ මුලික කර ගනිමින් සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය මත මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
යම් ඡන්ද විමසීමක දී යම් පක්ෂයක් හෝ අපේක්ෂයෙකු ජනතාවගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් කිසිදු පාලනයකින් තොරව අධික ලෙස මුදල් වියදම් කරන්නේ නම් එමඟින් ජනතා කැමැත්තට යම් සැළකිය හැකි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඒ සඳහා මෙම තීරණය ගනු ලැබූ බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බව අමාත්‍යවරයා පැවසීය.