නොදන්නා දේ කතා නොකර දන්නා දේ කතා කරනවානම් නම් උත්තර දෙන්න ලෑස්තියි: රවී කරුණානායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් නොදන්නා දේ කතා නොකර දන්නා දේ තොරතුරු සහිතව කතා කරනවා නම් තමා උත්තර දීමට සූදානම් යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

අද (පෙබ 16) මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා තමාට භාරදුන්නේ ණය බරෙන් පිරැණු රටක් බවද ඒ ණය පියවීමට රජයේ ආදායමද ප්‍රමාණවත් නොවූ බව හෙතෙම පෙන්වා දුන්නේය.

තම ධුර කාලයේදී රුපියල් බිලියන 1700ට තිබූ ණය බර රුපියල් බිලියන 9000 දක්වා වැඩි කර  ඒ මහතා වත්මන් රජය ගන්නා ලද ණය වලින් කුමක් කළේදැයි ප්‍රශ්න කිරීම අසාධාරණ බවද අමාත්‍යවරයා පැවසීය. එසේම හිටපු ජනාධිපතිවරයා අද පවසනුයේ ඒ මහතාගේ කාලයේදී පුද්ගලිකව සාක්කු වලට ගිය මුදල් පිළිබදව බවටද අමාත්‍යවරයා චෝදනා කළේය.

ශ්රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රී සංසදයේ පළමු සැසිවාරය හෙට

ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය යටතේ පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ පළමු සැසිවාරය හෙට හා අනිද්දා (පෙබරවාරි 16 හා 17 ) මීගමුව “ජෙට්වින් බීච්” හෝටලයේදී පැවැත්වේ.

ආණ්ඩු පක්ෂ විපක්ෂ මැති ඇමැති වරුන් 34 දෙනෙකුගෙන් යුත් මෙම සංසදයේ සභාපතිවරයා ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කටයුතු කරන අතර උප සභාපති වරුන් ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ හා ඊ. සරවනපවන් යන මන්ත්‍රීවරුන් කටයුතු කරති.

මෙම සමුළුවට  ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් ආසියානු සංසදයේ විධායක අධ්‍යක්ෂ ජපානයේ මිකා මොරමොටෝ, පරිපාලන කළමණාකාරිනී තායිලන්තයේ පෝන්ප්‍ර‍පාස් සප්පාපන් ඇතුළු ඉන්දියාවේ සීමා ගයික්වැඩ්, තායිලන්තයේ අනෙක් ලෙකූන්, කාම්බෝජයේ මාදෙවි සුන් සුන් හා ප්‍ර‍ංශය විශ්ලේෂණ සහකාරිනියක ලෙස ඇඩෙල් මාකෙල් යන මහත්ම මහත්මීන් සහභාගි වේ.

පෙබරවාරි 16 හා 17 දින දෙකේ දී පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිත සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජිතයන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, හෙක්ටර් අප්පුහාමි, අලි සහීර් මව්ලානා, ජේ.සී අලවතුවල, ඩග්ලස් දේවානන්දා, ලසන්ත අලගියවන්න, ශ්‍රියානි විජේවික්‍ර‍ම, තිලංග සුමතිපාල, ඉෂාක් රහුමාන්, වසන්ත අළුවිහාරේ, ආනන්ද කුමාරසිරි, සුපුන් රාජකරුණා, මලිත් ජයතිලක, ඩිලාන් පෙරේරා, කාදර් මස්තාන්, මුත්තු සිවලිංගම්, අශෝක් අබේසිංහ, ඩබ්.එම්.ටී.බී.ඒකනායක, වේළු කුමාර්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ආනන්ද අළුත්ගමගේ, සුදර්ශනී ප්‍ර‍නාන්දු පුල්ලේ, මොහොමඩ් නවාවි, හෆීල් සල්මාන්, විජිත බෙරුගොඩ, එල්.ඒ.විජේමාන්න, සිඩ්නි ජයරත්න, චන්ද්‍රානි බංඩාර, රාජිත සේනාරත්න, රංජන්  රාමනායක, හා නිරෝෂන් පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගි වෙති.

ආසියානු කලාපයේ තිරසාර සංවර්ධනය හා ජනගහනය පිළිබඳව ගැටළු හා ඒවාට ඇති විසඳුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම දෙදින වැඩමුළුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබයි.

 

සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසු වෛද්යවරයාගෙන් කෝටි 10ක් වන්දි ඉල්ලයි

ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි..

ආසිරි රෝහල් ජාලයට අයත් කොළඹ ද සෙන්ට්‍රල් පුද්ගලික රෝහලේ සිසේරියන් සැත්කම කළ වර්ණකුලසූරිය නමැති නාරිවේද වෛද්‍යවරයා නොසැලකිල්ලෙන් තම දරු ප‍්‍රසූතියේදී පුළුන් කැබැල්ලක් උදරයට දමා මැසීයැයිද ඒ නිසා මාස ගණනාවක් විවිධ කරදර වින්දේ යයිද cදන්වමින් ඊට වන්දි හැටියට රුපියල් කෝටි 10 ක මුදලක් ඉල්ලා 23 හැවිරිදි දෙදරු මවක් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ.

නාරිවේද විශේෂඥ වෛද්‍ය සී.වර්ණකුලසූරිය මහතා සහ ද සෙන්ට්‍රල් පෞද්ගලික රෝහල මෙහි වග උත්තර කරුවන් හැටියට නම් කර ඇත.
මෙම පුළුන් කැබැල්ල ඉවත් නොකළහොත් තමන් මරණයට පත්වීමට වුවද හැකියාව තිබූ බව පැමිණිලිකාරිය එහිදී දන්වා තිබේ. ඊයේ (14 දා) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කළ කැලණිය දළුගම පදිංචි එම්. සී. ටී. ඩී. පෙරේරා 23 හැවිරිදි දෙදරු මව මේ අන්තරායට මුහුණපා ඇත්තේ සිය දෙවන දරු ප්‍රසූතියේදීය.

විත්තිකාර විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත 2016 ජනවාරි 3 වැනිදා රෝහලට ඇතුළත් කර එදිනම සිසේරියන් සැත්කම මගින් දරුවා ප්‍රසූත කළ බව කියන ඇය එම සැත්කම අවසන් වී දින කිහිපයක්‌ යනතුරුම තමාගේ උදරයේ හටගත් අධික වේදනාව හා සංකූලතා පිළිබඳව වෛද්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගත් නමුත් ඔහු තමා නිසි පරීක්‍ෂාවකට ලක්‌ නොකර වේදනා නාශක පමණක්‌ ලබාදුන් බව දන්වා සිටියාය.

අනතුරුව විශේෂඥ වෛද්‍යවරයකු මාර්ගයෙන් සිදුකළ ස්‌කෑන් පරීක්‍ෂණයේදී උදරයේ පුළුන් ගුලියක්‌ හෝ ගෝස්‌ ගුලියක්‌ ඇති බවට හඳුනාගත් බවත් එයින් විමතියට පත්වූ බවත් ඇය පැමිණිල්ලේ දක්වා ඇත.
2016.04.01 වැනිදා වෙනත් පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිදු කළ සැත්කමකදී එම පුළුන් හෝ ගෝස්‌ ගුලිය වටා ඇති වී තිබූ ගෙඩිය බඩවැලේ කොටසක්‌ ද සමඟ කපා ඉවත් කිරීමට පියවර ගන්නට පසුව සිදුවූ බව ඇය දන්වා ඇත.

එකී තුවාල යථා තත්ත්වයට පත්වනතුරු බඩවැල් උදරයෙන් පිටත රඳවා කෘතිම ක්‍රම මගින් දින 45 කට ආසන්න කාලයක්‌ තමාගේ සාමාන්‍ය ශරීර කෘත්‍යයන් පවත්වාගෙන යැමට සිදුවූ බවත් ඇය පවසයි.
බඩවැල් අභ්‍යන්තර ද්‍රව්‍ය නැවත උදරය තුළට ඇතුළු කිරීම සඳහා 2016 මැයි 15 වැනිදා යළි දෙවැනි සැත්කමක්‌ කළ බවත් පළමුවන විත්තිකාර වෛද්‍යවරයාගේ නොසැලකිලිමත් ක්‍රියාව හේතුවෙන් තමාගේ ජීවිතය මාරාන්තික හා දැඩි අන්තරාදායක තත්ත්වයක පත්වූ බවත් ඒ අනුව ඇය පෙන්වා දෙයි.

අලුත උපන් දරුවාට මාස පහක අධික කාලයක්‌ යනතුරු මවුකිරි ලබාදීමට පවා මේ නිසා නොහැකි වූ බවත් ලබා දී තිබූ ඖෂධ හේතුවෙන් මවුකිරි ලබාදීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සිදුවීම, වෛද්‍ය පරීක්‍ෂණ හා සැත්කම් හේතුවෙන් ඉතා අධික මුදලක්‌ වැය කිරීමට එකී වෛද්‍යවරයාගේ නොසැලකිල්ල නිසා සිදු වූ බැවින් ඔහුගෙන් හා ඔහු සේවය කළ පෞද්ගලික රෝහලින් එක්‌ව හෝ වෙන් වෙන්ව එම වන්දිය ලබාදෙන ලෙස ද පැමිණිලිකාරිය ඉල්ලා ඇත.

ජීවිත අවදානමකටත් මාස පහක් තිස්සේ අනේකවිධ බරපතළ ශාරීරික හා මානසික පීඩාවන්ට ලක් කිරීමත් අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට සැලැස්වීමත් සම්බන්ධයෙන් පෞද්ගලික රෝහලක ප්‍රසව හා නාරිවේද වෛද්‍ය
විශේෂඥවරයකුගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අවශ්‍ය බව ඒ අනුව ඇය දන්වා සිටී.

Consumer Rights Movement of Sri Lanka

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් රජයේ කිසිම තනතුරක් දරන්නෙ නැහැ: රාජිත

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව පියවරක් ගැනීම රජය මෙතෙක් කල් දමා ඇත්තේ ඔහු සම්බන්ධයෙන් වන විමර්ෂණ වාර්තා ලබෙන තුරු යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වන ජනාධිපති කොමිෂන් වාර්තාව ඇතුලු විමර්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව ඒ පිළිබද තීරණය කරන බව හෙතෙම අවධාරණය කලේය.

එසේම අර්ජුන් මහතා රජයේ කිසිදු තනතුරක් නොදරන බවත් තනතුරක් දරන බවට ඇති චෝදනා අසත්‍ය බවත් අමාත්‍යවරයා පැවසීය.

අද (පෙබ 15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ අදහස් පැවසීය.

 

Fake News: ලාංකිකයින්ට වීසා රහිතව අමෙරිකාවට යන්න පුළුවන්ලු

තවමත් ලෝකෙ වටේම ආන්දෝලනයට ලක් වෙන අමෙරිකාවේ අලුත් ජනාධිපතිතුමා ඩොනල්ඩ් ට්‍රම්ප් ලාංකිකයින්ට වීසා රහිතව අමෙරිකාවට ඇතුළු වෙන්න ඉඩ දීලා කියලා රාවයක් වයිරස් එකක් වගේ ඉතා වේගයෙන් පැතිර යනවා.

cvr-7

ඔහු තමන්ගේ විධායක බලය පාවිච්චි කරමින් මේ අවසරය ලබා දීලා තිබෙන පුවතක් ලෝකයම ගිනි තියලා තියෙන්නෙ Usa Television නම් වෙබ් අඩවිය. ඒ ආරංචියේ හැටියටනම් ව්‍යාපාරික හා සංචාරක අරමුණු වෙනුවෙන්  උපරිම දින 180කට යටත්ව වීසා නැතුව අමෙරිකාවේ ඉන්න පුළුවන්ලු.

දින 180ට වැඩි නම් වීසා ගන්න අනිවාර්යයිලු.

හැබැයි මුස්ලිම් රටවල් සමඟ ද්විත්ව පුරවැසිභාවය තියෙන අයට අමෙරිකාවට ඇතුල්වීම තහනම් කියලා තමයි ඒ වෙබ් අඩවිය සදහන් කරන්නේ.

මේ නිසා   ඕස්ට්‍රේලියානුවන්ට මෙච්චර කල් වීසා රහිතව අමෙරිකාවට එන්න තිබුන අවස්ථාව අද ඉඳලා  අඩුවෙයි කියලත්  Usa Television නම් වෙබ් අඩවිය සදහන් කරනවා.

නමුත් මාධ්‍ය විසින් ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්්‍යාලයෙන් කළ විමසීම් හරහා දැන ගන්න ලැබුණේ මේක සම්පූර්ණ බොරු ආරංචියක් කියලා.

මේ වෙනකොට මේ පුවත පුවත ලෝකයම පුරාම පැතිරිලා.  මේ වගේ අසත්‍යය ප්‍රචාර ලොව පුරා සීග්‍රෙයන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙවැනි පුවත් ගැන නිසි සොයා බැලීමක් නොකර විශ්වාසයට ගන්න එකනම් ඉතාම භයානකයි.

මාධ්‍ය සදාචාරයේ කිසිදු වගකීමක් නැතිව මෙවැනි පුවත් පළ කරන වෙබ් අඩවි ගැන කව්රු කව්රුත් විමසිල්ලෙන් හිටියොත් ඇගට ගුණයි.

සුපිරි සිපිරි ගෙදරට යමු

රුපියල් මිලියන 4996 ක්  මුදලක් වැය කරමින් අක්කර 58 ක භූමි ප්‍රමාණයක්‌ තුළ ඉදිකෙරෙන අඟුණුකොලපැලැස්සේ ඉදිවන අලුත් බන්ධනාගාරය ගැන රට පුරා කසු කුසුවක් ඇති වී තිබෙන නිසාම අපිත් ඒ ගැන විපරම් කළා.

2014 මැයි 16දා වන දා තමයි මේ සුපිරි සිපිරි ගෙදර තැනීම ආරම්භ වෙලා තියෙන්නෙ.  රැඳවියන් 2000 කට පමණ  ඉඩ පහසුකම් මේ බන්ධනාගාරයේ තිබෙනවලු.

3 (5)8

ඒ විතරක් නෙවෙයි,වර්තා වෙන විදියට  වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌, කර්මාන්ත සඳහා වෙනම ගොඩනැඟිල්ලක්‌, නිලධාරීන් සඳහා නිලනිවාස 140 ක්‌ සහ තනිකඩ නිලනිවාස වැනි පහසුකම්වලිනුත් මේ බන්ධනාගාරය සන්නද්ධයි.  රැඳවියන්ගේ අවශ්‍යතා සඳහා මීටර් 4000 ක ධාවනපථයක්‌, මීටර් 25 කින් යුත් පුළුල් නාන තටාකයක්‌ද මෙහි ඉදිකර ඇති බවත් වැඩිදුර ආරංචිමාර්ග සනාථ කර තිබෙනවා.

92A

පොලිස් නිලධාරීන් ඒක්ක ෙසල්ලම් කළ කාන්තාවට වැඩවරදී

පොලිස් නිලධාරීන්ට දුරකථන ඇමැතුම් ලබා දෙමින් විවිධාකාරයේ අදහස් ප්‍රකාශ කරමින් සබඳතා පැවැත්වීමට උත්සහා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාගත කර තිබෙනවා.

වයස අවුරුදු 24 ක් වන මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන නමුත් පුරුෂයා පදිංචි නිවස අතහැර ගොස් ඇය ජිවත්වන්නේ ඇගේ මවගේ නිවසේ ය. අදාළ කාන්තාව පොලිස් නිලධාරීන්ට දුරකථනය මාර්ගයෙන් අනවශ්‍ය දේවල් ඇතුල් කර කෙටි පණිවිඩ යවා තිබෙනවා.

මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් බලවත් අපහසුතාවයට පත් වූ නිසා පසුගියදා අදාළ කාන්තාව සහ ඇගේ මව ‍පොලීසියට කැඳවා  තදින් අවවාද කර පිටත් කර හැරි බව පොලීසිය පවසනවා.

පසුව මෙම කාන්තාවගෙන් 119 ඇමතුම් මධ්‍යස්ථානයට  ඇමතුම් 11 ලබා දී අසත්‍ය තොරතුරු පැවැසීම නිසා ඇය ‍පොලිස් අත්අඩංගුවට ගෙන “රජයේ නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම” යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී අධිකරණය මගින් අදාළ කාන්තාව පෙබරවාරි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළා.

 

මාලෙඹ් සයිට්ම් අාතනෙය් ප්‍රධාන විධායක අධ්‍යක්ෂට ෙවඩි ප්‍රහාරයක්

මාලෙඹ් සයිට්ම් අාතනෙය් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ   ෙෙවද්‍ය  සමීර ෙස්නාරත්නෙග් රථයට ෙවඩි ප්‍රහාරයක් ඒල්ල වී අැති බව වාර්තා ෙව්.

මුහුණ අාවරණය වන ෙලසින්   ෙහල්මට්  පැළද ගත් නාදුනන තුවකුකරුවන්   ෙදෙදෙනකු විසින් ෙමම ප්‍රහාරය ඒල්ල කර අැත.  අනතුරින් ෙෙවද්‍ය ෙස්නාරත්නට කිසිදු   ශරීර හානියක් සිදු වී ෙනාමැති බවද අාරංචි මාර්ග සදහන් කර සිටියි.
ෙපාලිස් අාරංචි මාර්ග සදහන් කරන අන්දමට මීට සුළු ෙමාෙහාතකට ෙපර මාලෙඹ් සයිටම් අධ්‍යාපන අායතනය අසලදී ෙමම අනතුර සිදුව අැති අතර ෙම් වන විටත් ෙපාලිස් විමර්ශන කටයුතු අාරම්භ කර අැත.

ජනපති මිය යන දින ගැන අනාවැකි කියූ අනාවැකිකරු අත්අඩංගුවට

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන බවට අනාවැකියක් සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරය  කිරීම ෙහ්තුෙවන් පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා ෙව්.

ඔහු පැවසූ අනාවැකිය පසුව සංෙශා්ධනය  කරමින් කියා සිටියේ සෙනසුරු වක‍්‍ර වීම නිසා මාස දහයකින් එම මරණය කල් යන බවයි.

මීට වසර ගණනාවකට ෙපර නාවික හමුදා සෙබලෙක් වශෙයන්   ෙස්වය කර අැති    විජිත් රෝහණ විජේමුණි මහතා  මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දීම හේතුවෙන් ද අත්අඩංගුවට පත්ව අැත.

කවි ලිව්වත් වංචා විමර්ශන ඒකකයට

තමන් විසින්ම රචනා කර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කළ කවි ෙපළක් නිසා ගුරුවරයකුට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ති ෙබන බව වාර්තා ෙ ව්.

එම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ කුරුණෑගල කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන එච්.එම්. කුෂාන් ශාලික හේරත් නමැති ගුරුවරයාට එරෙහිවය.

ඔහු එම විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා තාක්ෂණවේදය උගන්වන ගුරුවරයෙකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් පසුගිය ජනවාරි23 වන සඳුදා දින හදිසියේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට කඩා වැදී ඇති අතර ඉන් පසුව කුෂාන් ශාලික හේරත් ගුරුවරයාගෙන් කවි ලිවීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.

ගුරුවරයකුව හිඳිමින් කවි ලිවීම නිසා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් අපහාසයක් වන බව පෙන්වා දී ඇති විමර්ශන කණ්ඩායම කවි ලිවීමෙන් ගුරුභවතුන් හෝ සිසු දරුවන් උසි ගන්වනවාද යන්න ප්‍රශ්න කර ඇත. කවි ලියන්නේ ඇයිද යන්නත් ඒවා ෆේස්බුක්වල දමන්නේ ඇයිද යන්නත් පිළිබඳව විමසා ඇති විමර්ශන කණ්ඩායම විද්‍යාලයේ තවත් ගුරු භවතුන් කිහිප දෙනකුගෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමකගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කුෂාන් ශාලික හේරත් විසින් සමාජ ජාල වෙබ් අඩවියට මුදාහරින ලද‘හැට වසක පරපුර’ නම් කවියේ අවසන් පද පේළියේ මෙසේ දැක්වේ.

නිදිකිරා අසා සිටි

බුද්ධාගම් පීරියඩ් ටික

කාලය කා දැමූ ටොම්පචය

මේ බුදු බණ පදද ගලවා දැමූ

අමුම අමු සොහොනක්ය

මේජර්වරුන් කර්නල්වරුන් මදිවට

සෝල්ජර් දරුවන්ය

සිලබස් කවර් වුණු

ජීවිතේ කවර් නැති මිනිසුන්ය

ඊට අමතරව ඔහු විසින් ලියන ලද‘වෙඩින් කවිය’ නම් කවියේ දෙවැනි පද පේළියේ‘ක්‍රයිස්ලර් ලිමෝසින්’ රථයක් ගැන ද කියැවේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති එච්.එම්.ඒ. හේරත් මහතා කර්නල්වරයෙකි. මේ නිසා ඔහුගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම විද්‍යාලයට කඩා වදින්නට ඇති බව එම විද්‍යාලයේ ගුරු භවතුන්ගේ අදහසයි. බටලන්ද වධකාගාරයේ ද සේවය කර ඇතැයි කියැවෙන වත්මන් විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව එම විද්‍යාලයේ ගුරු භවතුන් පිරිසක් කුලියාපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එදිනම විමර්ශන කණ්ඩායම් විද්‍යාලයට කඩා වැදී කවි ලිවීමට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම ද විශේෂත්වයකි. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු භවතකු හා කවියකු වන කුෂාන් ශාලික හේරත් මහතාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකය විමර්ශනයක් පැවැත්වීමට හේතුව කුමක්දැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අප කළ විමසීමක දී ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරී රන්ජන් බණ්ඩාර මහතා කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. ඇමැතිවරයා සිටින්නේ පාර්ලිමේන්තුවේ බැවින් එතුමා මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.

කවි ලියන ගුරුවරයාට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන කණ්ඩායම් පාසලට කැඳෙව්වේ විදුහල්පතිවරයාද යන්න පිළිබඳව දැනගැනීම සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ඒ. හේරත් මහතා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් ඔහු රැස්වීමක සිටින බව ගුරුභවතකු සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම් පාසලට පැමිණ කවි ලියන ගුරුවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කළාද යන්න පිළිබඳව එම ගුරුවරයාගෙන් විමසීමේ දී හෙතෙම කියා සිටියේ එවැනි විමර්ශනයක් සිදු කළ බවයි. ඊට වඩා යමක් පැවසීමට තමන්ට නොහැකි බව ද ඔහු කීය.

ෙතාරතුරු උපුටා ගැනීම සත්හඩ පුවත්පෙතනි