පන්නිපිටිය හයිලෙවල් පාරේ වසර 400කටත් වඩා පැරණි බෝ ගස කපා දැමීමට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

පන්නිපිටිය හයිලෙවල් පාරේ පිහිටි වසර 400ක් පමණ පැරණි බෝ ගස කපා දැමීම වළකාලමින් ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබීය .එම බෝගස කපා දැමීමට එරෙහිව ප්‍රෙද්ශවාසීන් ඇතුළු පිරිසක් ඉකුත් දිනවල විරෝධතාවක නිරත වුණු අතර එම බෝ ගස කපා දැමුවහොත් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවට වේරදූවේ සිරිජෝති හිමියන් ඇතුළු පන්නිපිටිය ප්‍රෙද්ශයේ පදිංචි පදිංචිකරුවෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.

හයිලෙවල් මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේදී මෙම බෝ ගස කපා දැමිය යුතු බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දා තීරණය කර තිබුණි. එය වළකාලමින්  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය අප්‍රේල් 06 වන දා සිට මැයි 09 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබ ඇත.

රිවිර හිටපු කතෘ උපාලි තෙන්නකෝන් පැහැරගෙන ගොස් පහර දුන් සැකකරුවන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවට

රිවිර පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ උපාලි තෙන්නකෝන් පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවට යොමු කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා වෙත යොමු කළ බව අදිකරණ ආරංචි මාර්ග වාර්තා කර සිටියි.

කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ විත්තිකරුවන් අභියාචනාධිකරණයට

තංගල්ල ප්‍රා.දේ.ස. හිටපු සභාපති සම්පත් විදානපතිරණ විසින් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය  කිරීම සහ ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම ඇතුළු චෝදනා 14කට වරදකරු කරමින් 2014 ජූලි 17 වන දින කොළඹ මහාදිකරණය විසින් වසර 20 ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කරනු ලැබිණි.

එහිදී තංගල්ල හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු අනෙක් සිවු දෙනා තමාට පැන වූ දඩුවම ලිහිල් ලිහිල් කරවීම සහ නිදොස් කොට නිදහස් කරවා ගැනීමට අභියාචනායක ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.  නමුත් නීතිපති ජයන්ත ජයසූරිය මහතා යෝජනා කර ඇත්තේ මෙම වරදකරුවන් හට මරණ දණ්ඩනය නියම කළ යුතු බවයි.
පසුව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් දෙක සළකා බැලූ අබියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාල් විජේසුන්දර සහ ලලිත් ජයසුන්දර යන මහත්වරුන් විසින් සැපිතැම්බර් 15 වන දිනට මෙම අබියාචන පෙත්සම් 2 විභාගයට ගැනීමට නියම කරනු ලැබිණි.

රෝහල් වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් අපහසුතාවයට

කොළඹ ජාතික ෙරා්හල අැතුළු දිවයින පුරා ෙරා්හල්වල අද (07) පෙරවරුවේ සිට ක්‍රියාත්මක  වූ වැඩ වර්ජනය සිදු  ෙකරු ෙණ් සයිටම් අායතනය සම්බන්ධෙයන් වන ‍වෛද්‍ය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය අධ්‍යාපනය සදහා වන අවම ප්‍රමිතීන් කිරීම අැතුළු කරුණු 5ක් මුල් කර ගිනිමිනි.

එ් අනුව පෙ.ව 8 සිට පැය 24ක් පුරා ක්‍රියාත්මක ෙමම වර්ජනය ෙහ්තුෙවන් ෙකාළඹ ජාතික ෙරා්හලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි ‍රෝගීන් රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටියහ. එමෙන්ම කළුෙබා්විල පිහිටි දකුළණු  ෙකාළඹ ශික්ෂණ රෝහල මහනුවර ශික්ෂණ රෝහල කරාපිටිය රෝහල  මීගමුව ශික්ෂණ රෝහල රාගම පිහිටි දකුණු කොළඹ ශික්ෂණ ෙරා්හල අැතුළු ෙරා්හල් රැසක  ෙමම වර්ජනය ක්‍රියාත්මකය.

සයිටම් විරෝධී එ්කාබද්ධ වැඩවර්ජනය පාෙළාන්නරුව රෝහලේ ද ක්‍රියාත්මක වූ අතර  එම අවස්ථාව අාවරණය කිරීමට  ෙරා්හල්  බලධාරීන් අවසර ලබා ෙනාදීමට එරෙහිව මාධ්‍යෙව්දීන් පිරිසක්  එම ෙරා්හල ඉදිරිෙය් නිහඩ විරෝධතාවක ද නිරත විය.

රජෙය් වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරන අාකාරයට  ෙරා්හල්වල කායික ළමා සහ වකුගඩු එ්කකවල  ෙමන්ම රිජ්ෙව් අාර්යා ළමා රෝහල කාසල් වීදිෙය් කාන්තා  ෙරා්හල  ෙසායිසා කාන්තා ෙරා්හල මහරගම පිළිකා ෙරා්හල සහ ෙප්රා ෙදණිය ළමා රෝහල යන රෝහල් තුළ  වර්ජනය ක්‍රියාත්මක නොවීය.

මෙම වැඩ වර්ජනයට ප්‍රධාන ෙහ්තුව බවට පත්ව අැති මාලෙඹ් ෙනවිල් ප්‍රනාන්දු ශික්ෂණ ෙරා්හල අද (07) දින ෙරා්ගීන්ට සිය බාහිර ෙරා්ගීන් අංශයෙන් ෙරා්ගීන්ට ෙනාමිෙල් ප්‍රතිකාර ලබා දීමට පියවර ෙගන තිබිණි.

 

වරායේ ආරක්ෂාව චීන සමාගම යටතේ නොව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට

හම්බන්තොට වරාය ගිවිසුම පිළිබදව වෙනස් කම් කිහිපයක්ම සිදු කර ඇති බවත් ඒ අනුව වරායේ ආරක්ෂාව චීන සමාගම යටතේ නොව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට ගැනීමට තීරණය කර ඇතැයි මහාමාර්ග පිලිබද රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය.

එසේම සියයට 80 -20 කොටස් හිමිකම වෙනුවට චීනයට කොටස් 60ක් සහ ශ්‍රී ලංකාවට කොටස් 40ක් ලැබෙන සේ ගිවිසුම වෙනස් කිරීම ඇතුලු වෙනස්කම් ගණනාවක් කිරීම පිළිබදව සාකච්ඡා කරන බවද හෙතෙම පැවසිය.

ඊයේ (මාර්තු 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය
සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සාකච්ඡා කළ පරිදී ගිවිසුම ක්‍රියාත්මක කලා නම් ආරක්ෂක කටයුතුද චීනයට පැවරීමට ඉඩ තිබූ බවද හෙතෙම සදහන් කළේය. එසේම පසුගිය රජය සමයේ ආණ්ඩු පක්ෂයේ සිටි තමන් වත් නොදැන සිටි ව්‍යාපෘති ක්‍රියාත්මක වූ බවත් හම්බන්තොට වරාය ගිවිසුමද එවැන්නක් බවත් වත්මන් රජයේ එවන් ගිවිසුම් කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම වලක්වා ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රෝද පුටුවකින් අධිකරණයට එයි

මරණ දණ්ඩනය ලැබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (06)කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

ඒ දුමින්ද සිල්වාට එරෙහිව අධිකරණයේ ගොනුකර තිබුණු වත්කම් බැරකම් සම්බන්ධයෙන් පැවති නඩුව විභාගයට සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව 2011, 2013 සහ 2014 වසර වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී වත්කම් බැරකම් ප්‍ර‍කාශ හෙළි නොකිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

අසනීප තත්ත්වයෙන් සිටින ඔහු අධිකරණයට පැමිණියේ රෝද පුටුවකින් බව ද වාර්තා වේ.

අදාළ නඩුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව දුමින්ද සිල්වාට රුපියල් 3000ක දඩ මුදලක් නියම කර තිබෙන බව ද අනාවරණය වේ.

විමල් වීරවංශගේ දියණිය කම්පනයට ලක්ව මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙයි

FROM BOSTON LANKA COURTS REPORTER:

විමල් වීරවංශ යනු කොළඹ දිස්ත්‍රික්කයේ තුන් ලක්ෂ පනස් දාහකට අධික ජනතාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් හඩක් නගන පාර්ලිෙම්න්තු මන්ත්‍රීවරෙකු බවත් එය සුවිශේෂත්වයක් ලෙස  සළකන ලෙසටත් ඔහු වෙනුවෙන්  පෙනී සිටි නිතිඥවරු ඉල්ලා සිටියහ.

එසේම  විමල් වීරවංශ මහතාගේ දියණිය සිය පියා සිරගත කිරීම හේතුවෙන් මහත් කම්පනයට ලක්ව මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ද මේ වන විට යොමුව ඇති බව ද එය ද ඇප ලබා දීම සදහා සුවිශේෂ කරුණක්ලෙස සළකන ලෙසට ඔහුගේ නීතිඥවරුන් විසින් ඉල්ලා තිබේ. මේ සම්බන්ධව මහෙහ්ස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ  අැප ලබා දීම සම්බන්ධයෙන් 07 දින සළකා බලන බවයි.

තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කරයි

FROM BOSTON LANKA COURTS REPORTER:

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහෙල්කම් සහ පාර්ලිෙම්න්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා  පසුගිය ජනාධිපතිවරණ සමයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග රහසිගත ගිවිසුමක් පැවති බව ඇගවීම සදහා  කූට ෙල්ඛනයක් සකස් කර ඇති බවට ඉකුත් දිනවල ඔහුට චෝදනා එල්ල විය.
එම කූට ෙල්ඛන සකස් කිරීමට අමතරව  එ්වා මාධ්‍යට ඉදිරිපත් කිරීම ජනපති ප්‍රතිඵලයට බලපෑම් වන ආකාරයේ  ව්‍යාජ උත්සහයක් දැරීම යන ෙචා්දනා වලට නීතිපතිවරයා  විසින් කොළඹ මහාධිකරණය  අධි ෙචා්දනා ෙගානු කරලා තිබුණි.
ඊට අදාල නඩු විභාගය පසුගිය මස මාර්තු 20 දින   ෙකාළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුඅාරච්චි මහතා විසින් කැදවූ අවස්ථාෙව් දී සාක්ෂි ලබා දීම සදහා ජනාධිපති සිරිෙස්න මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කරනු  ලැබූ අතර එළඹෙන ජූලි 17 වන දින යළිත් විභාගයට ගැනීමට නියම කරනු ලැබිණි.
  තිස්ස අත්තනායක මහතාට ෙ නඩුව අතර වාරයේ අැප ලබා දීම සදහා පනවා තිබූ එක් ඇප  කොන්දේසියක් වන විදෙස් ගත වීමේ තහනම තාවකාලිකව ඉවත් කරවා දෙන මෙන් මෙහිදී තිස්ස අත්තනායක මහතා මෝසමක් මගින් ඉකුත් දා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
තිස්ස අත්තනායක මහතා  වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍ර තිස්ස මහතා පවසා සිටිෙය් තම ෙස්වා දායකයා වන තිස්ස අත්තනායක මහතාට අත්‍යවශ්‍ය  මෙන්ම නොපිරි හෙළිය  හැකි තත්ත්වයක් මත විදෙස් ගත වීමට අවශ්‍යතාවයක් පැන නැගී අැති බවයි.
ඒ අනුව ඉකුත් අප්‍රේල් 03 වන දින ඒ පිළිබද සළකා බැලූ  ‍කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළු අාරච්චි මහතා ඒ සදහා අවශ්‍ය ලිපි ෙල්ඛන ඉදිරිපත් කරන ෙමන් නියෝග කර සිටි අතර වළංගු වීසා බලපත් කාල සීමාවට අදාලව තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට  පනවා තිබූ තහනම  තාවකාලිකව ඉවත් කරනු ලැබිණි.

දිවයින පුරා එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණක් පැතිරෙයි

දිවයින පුරා මෙම දිනවල පැතිර යන එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණ, ඩෙංගු හා ඩෙංගු රෝගයට සමාන වෛරස්‌ උණ රෝගයක්‌ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණ තිබේ.

එච් 1 එන් 1 බවට සැක කෙරෙන වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යැම නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන්ද (03 ) වසා දැමුණු අතර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක්‌ද වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යැම නිසා වසා දැමිණි.

දිවයින පුරා උතුර නැගෙනහිරද ඇතුළුව බොහෝ ප්‍රදේශවල මෙම උණ රෝගයන් පැතිර යමින් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මධ්‍යම පළාත තුළ පැතිර යන එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගය හේතුවෙන් මේ වන විට ගැබිනි මවක්‌ ඇතුළු 17 දෙනකු මිය ගොස්‌ ඇති බව අනාවරණය වී තිබේ.

දිවයින පුරා රෝහල් ගණනාවක මෙම උණ රෝගයන්ට ගොදුරු වූ රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින අතර සෑම ප්‍රධාන රෝහලකම පාහේ පැතිර යන එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගයට ගොදුරු වූවන් වෙනුවෙන් විශේෂිත වාට්‌ටු පවත්වාගෙන යන බව රෝහල් බලධාරීහු පවසති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ඉකුත් සිකුරාදා සිසුන් 250 ක්‌ පමණද ඊයේ දිනයේ පන්සියයකට (500 කට) අධික පිරිසක්‌ද මෙම ඉන්ෆ්ලුවන්සා උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ තිබූ අතර රෝගය විශ්වවිද්‍යාලය තුළ පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් ඊයේ සවස නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල, අධ්‍යයන කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවැසීය.

විශ්වවිද්‍යාලයේ සිසු නේවාසිකාගාරවල නේවාසිකව සිටින සිසුන් හාරදහසක පමණ සංඛ්‍යාවෙන්a සියයට තිහකට මෙම උණ වැළඳී ඇති බව අනාවරණය වී තිබේ.

එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ සාමාන්‍ය සෘතුමය (සීසනල්) උණ රෝගයක්‌ සේ සැලැකෙන අතර එහි ප්‍රධාන රෝග ලක්‍ෂණයන් වනුයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත දරුණු ආසාධනයත් සමඟ සෙන්ටිග්‍රේඩ් අංශක 38 ට වැඩි උණ, කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණයි.

ණය ණයක් නොවේ

බැඳුම්කර සම්බන්ද කරුණ පිළිබඳ සාකච්ඡාවේ දී මේ වනවිට වඩාත් කතාබහට ලක්ව ඇත්තේ 2015 වසරෙව් ගනුදෙනුවේ දී අදාළ ආයතනය මුල්‍ය ආයතනයකින් කෙටි කාලීන ණයක් ලබා ගැනීම පිළිබඳවයි.

කෙටි කාලින ණයක් ලබා ගනිමින් බැඳුම්කර සඳහා ආයෝජනය කර ඇති බව ඇතැමුන් සඳහන් කළ ද එවැනි ආයෝජන ඉතිහාසයේ ඕනෑම තරම් ඇති බව සක්සුදක් සේ පැහැදිලිවනවා.

පසුගිය වසර දහය තුළදි රාජ්‍ය භාණ්ඩාගාරයේ ලියාපදිංචි ප‍්‍රාථමික වෙළෙන්දන් (Primery Dealers )  එවැනි මුදල් ලබා  ගත් අවස්ථා ඕනෑ තරම් වාර්තා වූ අතර ඊට අමතරව සිදු වූ වංචා 13 ක් ගැන සොයන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ද පසුගිය දා සඳහන් කළා.

මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක් වැය කර නිව්යෝක්වල ගොඩනැඟිල්ලක් ගෙන ඇති බව හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කරනු ලැබුවා.

“රුපියල් මිලියන 12,081 ක් වියදම් කර බ්‍රසීලයේ ගොඩනැඟිල්ලක් ගෙන තිබෙනවා. මේවාට අනුමැතිය දුන්නේ කවුද කියලා ගැටලුවක්. මහ බැංකුව තුළ තිබූ මාෆියාව දැන් හෙළිවෙමින් තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සිද්ධියේදි වුණේ ටෙන්ඩර් කැඳවීමක්. අඩුම ඉල්ලුම්කරුවන්ගෙන් ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කිසිදු ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය කළේ නැහැ. පෞද්ගලික ක්‍රමවේදයක් මඟින් තමයි අනුගමනය කළේ. අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සිද්ධියේදි රුපියල් බිලියන 10 ක් තමයි ටෙන්ඩර් කරලා ගත්තේ. වසර 2011 දි රුපියල් බිලියන 625 ක, 2012 රුපියල් බිලියන 645 ක, 2013 දි රුපියල් බිලියන 695 ක, 2014 දි රුපියල් බිලියන 706 ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. ඒ සියල්ල ගෙන තිබෙනුයේ පෞද්ගලික ක්‍රමවේදයන්ට අනුව. විනිවිදභාවයක් නැතිව තමා ඒ ගනුදෙනු කළේ.

  1. මහ බැංකුව කොහොමද බ්‍රසීලයේ ගියේ. බ්‍රසීලයේ, අමෙරිකාවේ පමණක් නොව කොළඹිනුත් ගොඩනැඟිලි අරගෙන. පොදු රාජ්‍ය ක්‍රීඩාවලට මහ බැංකුව මුදල් වියදම් කර තිබෙනවා. මේ ගනුදෙනු ගැන සොයා බැලිය යුතුයි. ඒ කාලයේ මේ ගනුදෙනුවලට සහාය දුන් නිලධාරි පිරිසක් සිටිනවා.  මේ කරුණු 13 ගැනම පරීක්ෂණ පැවැත්වෙයි කියලා අපි හිතනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කරනු ලැබුවා.