Category: news_sub
නව ආණ්ඩුව පිහිටුවා ඇමති මණ්ඩලයක් පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු නිසා මාසයක් තුළ එම ප්‍රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා ආණමඩුව නාගවිල සේරුකැලේ ප්‍රදේශයේ ජනතාවට ගම් පෙරලිය යටතේ භාන්ඩ ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවති ජන හමුවකදී ප්‍රකශ කරන ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ තමාට නියෝජ්‍ය, රාජ්‍ය හෝ කැබිනට් නොවන ඇමතිකමක් අවශ්‍ය නොවන අතර තමාට කැබිනට් ඇමතිකමක්ම අවශ්‍යවන බවත් තමන් නොසිටින්න ආණ්ඩුවක් හෝ යු එන්පියක් නොමැති බවයි. රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය. රංගේ බණ්ඩාර තමයි කෙලින් මිනිහා, එක්කෙනෙකුටවත් කොන්ද කෙලින් තිබුණේ නැහැ හෙළිකරන්න. රංගේ බණ්ඩාර මේක හෙළිකළා, රංගේ බණ්ඩාර එඩිතර නිර්භීත අවංක මිනිහා කියලා රටේ හැම තැනම කියනවා. අර කෝටි පනහත් අරගෙන ඇමතිකමකුත් අරගෙන ඇයි එස් බීට එකතු වුණේ නැත්තෙ එහෙම කරන්න තිබුණා නේද? ඇයි එහෙම නොකලේ කියලා හැමෝම අහනවා යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදී.
පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එස් බී දිසානායක මහතා අතර සිදුවූවා යැයි කියන සංවාදයක හඬ පටයක් මාධ්‍ය වෙත මුදාහරින ලද අතර එය සමාජ ජාල වෙබ් අඩවි තුළ රංගේ එන්නේ නැද්ද යනුවෙන් ප්‍රසිද්ධියට පත් විය. පාලිත රංගේ බණ්ඩාර මහතා සිය පිල වෙනස් කර තම පිලට එක්වන්නේ නම් කැබිනට් ඇමතිකමක් ලබාදෙන බව පවසමින් එස් බී දිසානායක මහතා විසින් දෙන ලද දුරකථන ඇමතුමට අදාළ එම හඩ පටය හරහා දේශපාලන කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය විය.
පෙනීයන අන්දමට රංගේ බණ්ඩාර මහතා තමන්ට ඇමති ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් සිටින්නේ අප්‍රසාදයෙනි. ජනතාවරමින් පාර්ලිමේන්තුවට පත්වෙන පුද්ගලයින් ඉක්බිතිව ජනතාව අමතක කර සිය පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් කටයතු කරන තත්ත්වයක් වර්තමානය වන විට උදා වී ඇත. මහජන නියෝජිතයන් තනතුරු හා වරප්‍රසාද හමුවේ සිය පාක්ෂිකයන් අතරමන් කිරීම වර්තමානයේ පොදු තත්ත්වයකි. ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ පොදු ජනතාව දෙස අවධනය යොමු කරමින් මිස තම සාමාජිකයන් පමණක් සතුටු කිරීම නොවන බව මහජන නියෝජිතයන් දැනගත යුතුය.
සටහන – පබසරා රාජකරුණා
නව රජය බලයට පත්වීමත් සමග ඉන්ධන මිල අඩුකිරීමට සමාන්තරව හෙට දින එනම් 26 දින මධ්‍යම රාත්‍රියේ සිට 4.2% බස් ගාස්තු අඩු කරන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා බස් හිමියන් සමඟ සිය අමාත්‍යංශයේ දී ඊයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකශ කරන ලදී. එමෙන්ම මහජනතාවට උපරිම සහන ලබාදීම නව රජයේ අපේක්ෂාව වන බවත් ඒ මත ප්‍රවාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජතාවට සහන ලබාදෙන සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බවද ඇමැතිවරයා පැවසුවේය. ඉන්ධන් මිල මේ වන විට 15%ක් පමණ අඩු වී ඇති නමුත් බස් ගාස්තු ගණනය කිරීම සඳහා සලකා බලන සෙසු පිරිවැය කාණ්ඩ එකොලහේම මිලෙහි අඩුවීමක් නොමැති අතර එමනිසා සමස්ත බස්ගාස්තුව සියයට 4.2%අඩු වුවද අවම ගාස්තුවේ කිසිදු වෙනස් සිදු නොවේ.
ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීමට රජය ගත් පියවර ප්‍රසන්සනීය වේ. බස් සේවාව පොදු ජනතාවට කරන සේවාවකි. බස් ගාස්තුව අඩු කිරීමේ වාසිය වැඩියෙන් දැනෙනුයේ සාමාන්‍ය ජනයා හටය. දරාගත නොහැකි ජිවන වියදම හමුවේ ජිවන අරගලයට මුහුණ දෙන ජනයාහට ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම ජනතා අභිලාශ ඉටු කිරීමකි. බස් ගාස්තුව අඩු කිරීමට සමගාමිව ත්‍රීවිල් ගාස්තු හා ළමුන් ප්‍රවාහනයේදී අය කරන ගාස්තුද අඩු කල යුතුය. ඒ සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නියාමන ආයතන අවශ්‍ය පියවර ගත යුතුය. මේ හරහා වෙනත් ක්ෂේත්‍රවල භාණ්ඩ හා සේවාවන් වල නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය අඩුවෙන අතර එහි වාසිය ජනතාවට ලබා දීම ඔවුන්ගේ යුතුකමකි.
වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් අනතුරුව වව්නියාව, පුන්තෝට්ටම් ප්රදේශයේදී කේරල ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී පොලීසිය විසින් ඇය සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රැම් 01යි ග්‍රෑම් 330ක් සොයාගෙන තිබෙන අතර සැකකාරිය 35 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචිව කාන්තාවකි.
සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
