මාලෙඹ් සයිට්ම් අාතනෙය් ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ෙෙවද්‍ය සමීර ෙස්නාරත්නෙග් රථයට ෙවඩි ප්‍රහාරයක් ඒල්ල වී අැති බව වාර්තා ෙව්.
Category: news_sub
ජනපති මිය යන දින ගැන අනාවැකි කියූ අනාවැකිකරු අත්අඩංගුවට
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ජනවාරි 26 වන දිනට පෙර මරණයට පත්වන බවට අනාවැකියක් සමාජ ජාල ඔස්සේ ප‍්‍රචාරය කිරීම ෙහ්තුෙවන් පොලිස් අපරාධ විමර්ශණ කොට්ඨාශය විසින් ප‍්‍රවීණ ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා ෙව්.
ඔහු පැවසූ අනාවැකිය පසුව සංෙශා්ධනය කරමින් කියා සිටියේ සෙනසුරු වක‍්‍ර වීම නිසා මාස දහයකින් එම මරණය කල් යන බවයි.
මීට වසර ගණනාවකට ෙපර නාවික හමුදා සෙබලෙක් වශෙයන් ෙස්වය කර අැති විජිත් රෝහණ විජේමුණි මහතා මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දීම හේතුවෙන් ද අත්අඩංගුවට පත්ව අැත.
කවි ලිව්වත් වංචා විමර්ශන ඒකකයට
තමන් විසින්ම රචනා කර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ කළ කවි ෙපළක් නිසා ගුරුවරයකුට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ති ෙබන බව වාර්තා ෙ ව්.
එම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ කුරුණෑගල කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන එච්.එම්. කුෂාන් ශාලික හේරත් නමැති ගුරුවරයාට එරෙහිවය.
ඔහු එම විද්‍යාලයේ උසස් පෙළ පන්ති සඳහා තාක්ෂණවේදය උගන්වන ගුරුවරයෙකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකයේ නිලධාරීන් පසුගිය ජනවාරි23 වන සඳුදා දින හදිසියේ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට කඩා වැදී ඇති අතර ඉන් පසුව කුෂාන් ශාලික හේරත් ගුරුවරයාගෙන් කවි ලිවීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත.
ගුරුවරයකුව හිඳිමින් කවි ලිවීම නිසා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත් අපහාසයක් වන බව පෙන්වා දී ඇති විමර්ශන කණ්ඩායම කවි ලිවීමෙන් ගුරුභවතුන් හෝ සිසු දරුවන් උසි ගන්වනවාද යන්න ප්‍රශ්න කර ඇත. කවි ලියන්නේ ඇයිද යන්නත් ඒවා ෆේස්බුක්වල දමන්නේ ඇයිද යන්නත් පිළිබඳව විමසා ඇති විමර්ශන කණ්ඩායම විද්‍යාලයේ තවත් ගුරු භවතුන් කිහිප දෙනකුගෙන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් කණ්ඩායමකගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
කුෂාන් ශාලික හේරත් විසින් සමාජ ජාල වෙබ් අඩවියට මුදාහරින ලද‘හැට වසක පරපුර’ නම් කවියේ අවසන් පද පේළියේ මෙසේ දැක්වේ.
නිදිකිරා අසා සිටි
බුද්ධාගම් පීරියඩ් ටික
කාලය කා දැමූ ටොම්පචය
මේ බුදු බණ පදද ගලවා දැමූ
අමුම අමු සොහොනක්ය
මේජර්වරුන් කර්නල්වරුන් මදිවට
සෝල්ජර් දරුවන්ය
සිලබස් කවර් වුණු
ජීවිතේ කවර් නැති මිනිසුන්ය
ඊට අමතරව ඔහු විසින් ලියන ලද‘වෙඩින් කවිය’ නම් කවියේ දෙවැනි පද පේළියේ‘ක්‍රයිස්ලර් ලිමෝසින්’ රථයක් ගැන ද කියැවේ. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ වත්මන් විදුහල්පති එච්.එම්.ඒ. හේරත් මහතා කර්නල්වරයෙකි. මේ නිසා ඔහුගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම විද්‍යාලයට කඩා වදින්නට ඇති බව එම විද්‍යාලයේ ගුරු භවතුන්ගේ අදහසයි. බටලන්ද වධකාගාරයේ ද සේවය කර ඇතැයි කියැවෙන වත්මන් විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව එම විද්‍යාලයේ ගුරු භවතුන් පිරිසක් කුලියාපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එදිනම විමර්ශන කණ්ඩායම් විද්‍යාලයට කඩා වැදී කවි ලිවීමට එරෙහිව විමර්ශනයක් පැවැත්වීම ද විශේෂත්වයකි. කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු භවතකු හා කවියකු වන කුෂාන් ශාලික හේරත් මහතාට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශයේ වංචා විමර්ශන ඒකකය විමර්ශනයක් පැවැත්වීමට හේතුව කුමක්දැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් අප කළ විමසීමක දී ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරී රන්ජන් බණ්ඩාර මහතා කියා සිටියේ තමා ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි. ඇමැතිවරයා සිටින්නේ පාර්ලිමේන්තුවේ බැවින් එතුමා මේ පිළිබඳව දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම කීවේය.
කවි ලියන ගුරුවරයාට එරෙහිව පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශන කණ්ඩායම් පාසලට කැඳෙව්වේ විදුහල්පතිවරයාද යන්න පිළිබඳව දැනගැනීම සඳහා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එච්.එම්.ඒ. හේරත් මහතා සම්බන්ධ කරගැනීමට අප උත්සාහ කළත් ඔහු රැස්වීමක සිටින බව ගුරුභවතකු සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කණ්ඩායම් පාසලට පැමිණ කවි ලියන ගුරුවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කළාද යන්න පිළිබඳව එම ගුරුවරයාගෙන් විමසීමේ දී හෙතෙම කියා සිටියේ එවැනි විමර්ශනයක් සිදු කළ බවයි. ඊට වඩා යමක් පැවසීමට තමන්ට නොහැකි බව ද ඔහු කීය.
ෙතාරතුරු උපුටා ගැනීම සත්හඩ පුවත්පෙතනි
That is Sri Lanka, this is Malaysia
Malaysian Finance Minister Johari Abdul Ghani has said Malaysia will not end up like Sri Lanka, which was forced to lease its properties for its indebtedness to China.

“That is Sri Lanka, this is Malaysia,” Johari said when met at an event in Kuala Lumpur.
He was responding to prominent socio-economic activist and Bantah TPPA deputy chairperson Azlan Awang, who was quoted by news portal Free Malaysia Today as warning the government of the risks of putting Malaysia in the same trouble that Sri Lanka was over its indebtedness to China.
The people in Sri Lanka took to the streets to protest a deal that would see the government’s plan to grant China a 99-year lease of the port in Hambantota, southern Sri Lanka. The Sri Lanka deal would see a China company take 80 percent of its stake.
“For Malaysia, what will be our pound of flesh if we default on our humongous debts?” Azlan asked. He claimed that Putrajaya’s “indiscriminate and reckless” pursuit of investments and borrowings had led to “huge piles” of debt, without many multiplier effects or long-term economic gains. In rebutting this claim, Johari said Malaysia would only trade with reputable corporates from China. “Any company that wants to trade with us must have reputation,” Johari said.
Last November, Najib announced he succeeded in securing RM143.6 billion in FDI during his trip to China. China will fund and construct the RM55 billion East Coast Rail Link (ECRL). The opposition spoke out against the Chinese investments, worried that it might lead to Malaysia being at the beck and call of the world superpower in its chess game of global politics and hegemony over the South China Sea.
ජනපති හා අගමැති අතර විශේෂ හමුවක්
මේ වන විට රජය මුහුණදී ඇති අර්බුද හා ගැටලු සම්බන්ධයෙන් හා රජයට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් (23දා) පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

රජයේ ආර්ථික උපදේශක කමිටුවේ නියමුවන් ලෙස සැලකෙන තිදෙනකු කැබිනට් මණ්ඩලය අභිභවා යමින් රජය නොමඟ යැවීමක් සිදුවෙමින් තිබෙන බව චෝදනා කරමින් යහපාලන ආණ්ඩුව අපකීර්තියට පත්ව ඇතැයි, රජයේ එජාප හා ශ්‍රී ලනිප ඇමැතිවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවී කරුණු දක්වා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ස්විස්ටර්ලන්ත සංචාරයක යෙදී සිටින අතරතුර ඉකුත්දා (18දා) ජනාධිපතිවරයා හමුවී මේ තත්ත්වය පහදා දී ඇති එකී අමාත්‍යවරු වහාම මෙය නිවැරැදි කිරීමට මූලිකත්වය ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම රජයේ වගකිවයුතු ඇමැතිවරයකුගේ ක්‍රියාකලාපය හේතුවෙන් මේ තත්ත්වය වඩාත් අර්බුදකාරී මට්ටමකට වර්ධනය වී ඇතැයි ජනාධිපතිවරයාට පෙන්වාදී ඇති එම ඇමැතිවරු, රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා ගණනාවකටද රජය අසීරුතාවට පත් කරන හේතු රාශියක් මේ ඇමැතිවරයා විසින් නිර්මාණය කර ඇති බවද මෙහිදී පෙන්වාදී ඇත.
අග්‍රාමාත්‍යවරයා රටේ නොමැති අවස්ථාවක මේ පිළිබඳ තීරණයක් ගත නොහැකි බැවින්ද සම්මුතිවාදී රජයක් ලෙස තීන්දු තීරණ ගත යුතුව ඇති බැවින්ද මීළඟ කැබිනට් මණ්ඩලයට මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කිරීමට යොමු කරන ලෙස ජනාධිපතිවරයා එම අමාත්‍යවරුන්ට උපදෙස් දුන් බවද දැනගන්නට ඇත.
