විදුලි හොරු වටලා ලැබූ ලාභය මිලියන 130ත් පන්නයි

නීති විරෝධීව විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ෂණ ඒකකය දීප ව්‍යාප්තව සිදු කරන ලද වැටලීම් වලදී පුද්ගලයන් 2617 අත්අඩංගුවට ගෙන මිලියන  එකසිය තිහකට (132.047.949.41 ) අධික ලාභයක් ලබා ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සදහන් කරයි.

මින් මිලියන 117කට  (117,843,449.41) අධික ප්‍රමාණයක් ලංකා විදුලි බල මණ්ඩලයේ අලාභය ලෙසත් මිලියන 14කට (14,204,500.00)අධික ප්‍රමාණයක් උසාවි දඩ වශයෙනුත් අය කර තිබේ.

2016 වසරේදී ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ විශේෂ වැටලීම් මගින් මීටර් වෙනස්කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2105 ක්ද, කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධින් 512 ක්ද අනාවරණයවී ඇති බව අමාත්‍යංශය පෙන්වා දේ.

එසේම වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් දුරකතන අංක 0112 422259ට දැනුම්දෙන්නැයි මේ සම්බන්ධයෙන් අදහස් පල කරමින් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඊට අමතරව විදුලිබල අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ක‍්‍රියාත්මක 1901 සහ 1987 ක්ෂණික දුරකතන සේවාද ඒ සඳහා විවෘත බවද මෙම කර්තව්‍ය ජාතික සත්කාරයක් ලෙස සලකන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි..

සුදු නිල ඇඳුම් හොඳ නෑ.. පාසැල් සිසුන්ට පළාත් අනුව පාට පාට නිල ඇඳුම්.. ගුරුවරියන්ටත් සාරි වෙනුවට වෙනත් ඇඳුම් – අධ්‍යාපන ඇමති

එක් එක් පළාත්වල පවතින දේශගුණයට ගැලපෙන පරිදි පාසල් නිල ඇඳුමේ ආකෘතිය සහ වර්ණය වෙනස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – මලියදේව විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි. එහිදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ සිසුන්ගේ මනස නිදහස් වන ආකාරයට ඇදුම් සකස් විය යුතු බවයි.

පාසල් සිසු සිසුවියන් සිය සුදු පැහැති නිල ඇඳුම් කිලිටි නොකර සිටීම සඳහා බොහෝ වෙහෙසක් ගන්නා ආකාරය තමා නිරන්තරයෙන් දැක ඇති බවයි ඇමතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ. පාසල් සිසු සිසුවියන් මෙතරම් අපහසුතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබිය යුතු නැති බව ඔහුගේ අදහසයි.

ඇතැම් ගුරුවරියන් දරු ප්‍රසූතියට සූදානම්ව සිටියදී පවා ඉතා අපහසුතාවයෙන් සාරිවලින් සැරසී පාසලට එන බවද පැවසූ අමාත්‍යවරයා ගුරුවරියන්ට විධිමත් සුදුසු ඇඳුමක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ද  වැඩිදුරටත් පවසා ඇත.

The Mystery Couple that Occupied the Official Residence of the SL Consul General in Los Angeles

A mystery keeps deepening about the family that lived in the official residence of the Sri Lankan Consul General in Los Angeles from August 2013 to July 2015.  According to Sri Lankans living in Los Angeles, the family may have very close links to a powerful personality in the Mahinda Rajapaksa regime.

This began with a routine audit conducted at the Sri Lankan Los Angeles Consulate along with few other Sri Lankan missions around the world by the auditors at the Ministry of Foreign Affairs. During the audit it was reveled some financial misappropriation during the period of 2013 to 2015.

The  residence of the Sri Lankan Consul General – 1905 Alpha Road in Glendale, in the Los Angeles county in California featured prominently in the audit that prompted a FCID investigation. This spacious luxurious home was rented for $8200 per month by then Consul General Dr. Hector Weerasinghe in February 2013.  In July 30th 2013, Dr. Weerasinghe’s term ended and he vacated the residence. Mr. Malraj De Silva was appointed as the new Consul General but he never occupied the official residence.  Mysteriously this official residence had occupants who enjoyed all the luxuries and privileges accorded to the Los Angeles Sri Lankan Consul General.  Furthermore, the cost that Sri Lankan tax payers had to bear from August 2013 to June 2015 was $174300/.   This was confirmed by Ms. Swarna Gunaratne, Consul General in Los Angeles when contacted by Boston Lanka.  In addition to this amount no one knows what happened to the security deposit of $10,000/ which would normally get back if the home was given in good condition.

OLYMPUS DIGITAL CAMERA

However, it is not just the rent and utilities but the audit report claims that two official drivers have worked almost exclusively for this mysterious family for almost two years. They have not reported to the Sri Lankan Consulate in Los Angeles, yet the attaché Mahes Kumar had authorized their salaries throughout this period.

According to the logs maintained by the drivers they had driven to Pomona College in Claremont California, daily. Although there are many speculations about the reasons why they drove daily from Glendale to Claremont it is evident that these trips have nothing to do with official consulate matters.

OLYMPUS DIGITAL CAMERA

As recently, the FCID has begun investigation on this financial misappropriation and various other financial irregularities that had happened during last few years at the Sri Lankan Consulate in Los Angeles.

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 09 ලක්ෂයක් පීඩාවට

දිවයිනටම බලපා ඇති වියළි කාලගුණයක් හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක පුද්ගලයින් 09 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. මේ සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා ගොවි සංරක්ෂණ මණ්ඩලය සදහන් කළේ වියළි කාලගුණය හේතුවෙන් විනාශ වූ සෙසු කෘෂි බෝග වගාවන් හි නිරත වන ගොවීන්ටද වන්දි ලබා දීමට රජය සැලසුම් කර ඇති බවයි.

අධික වියළි කාලගුණයක් පවතින ත්‍රීකුණාමලය කළුතර ගම්පහ හම්බන්තොට මොණරාගල අනුරාධපුර යාපනය මුලතිව් කිලිනොච්චි වව්නියාව රත්නපුරය කෑගල්ල කුරුණෑගල පුත්තලම මහනුවර මාතලේ යන දිස්ත්‍රික්ක 16හි ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාස 103ක පුද්ගලයින්

899,235 දෙනෙක් ආපදාවට මුහුණ පා සිටින බව ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

වියලි කාලගුණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේද කොකුන්නෑව විලච්චිය තන්තිරිමලේ වැනි ප්‍රෙද්ශ  රැසක වගා හානි සිදුව ඇත.

බන්ධනාගාර බස් රියක් තුලදි ඝාතනය වූ සැකකරුවන්ට නිසි ‍පොලිස් ආරක්ෂාව ලැබුනේ නම් මෙවැන්ක් වෙන්නෙ නෑ:අමාත්‍ය එස්. ස්වාමිනාදන්

පාතාල කල්ලි සාමාජික සමයන් ඇතුළු පිරිසක් බන්ධනාගාර බස්රියක් තුල ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට බන්ධනාගාර අමාත්‍ය එස්. ස්වාමිනාදන් මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
හිටපු මහේස්ත්‍රාත් රූමි මර්ෂූක් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ හජ්ටපු නියෝජ්‍ය ‍පොලිස්පති ගාමිණී නවරත්න මහතා සහ අරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ‍ලේකම් එස්. මැදගම මහතායි.
සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා කමිටු වාර්තාව හැකි ඉක්මනින් අමැතිවරයා වෙත ලබා දෙන ලෙසද ඇමැතිවරයා කමිටුවට දැනුම් දී ඇතැයි අමාත්‍යංශය පවසයි.
බන්ධනාගාර බස් රියක් තුලදි ඝාතනය වූ සමයන් ඇතුළු සැකකරුවන් අධීකරණයට ඉදිරිපත් කිරිම සඳහා නිසි පරිදි ‍පොලිස් ආරක්ෂාව ලැබුනේ නම් මෙවැන්ක් නොවන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

බරපතල ඝනයේ අපරාධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් අධීකරණයට ඉදිරිපත් කිරීමට ඇති අවස්ථාවල ඊට පෙර දිනයේ අදාල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් ළගම ඇති ‍පොලිස් ස්ථානයෙන් ආරක්ෂාව ඉල්ලා සිටින හෙයින් පෙරේදා කළුතර බන්ධනාගාර නිලාරීන්ධ කළ්තර ‍පොලීසියෙන් මෙම සැකකරුවන් අධිකරණයට ගෙන යාමට ආරක්ෂාව ඉල්ලා ඇතත් කාර්ය මණඩලය හජ්ගවීම හේතුවෙන් ආරක්ෂාව දිය නොහැකි බව කළුතර ‍පොලිසිය බන්ධනාගාර නිලධාරින්ට දන්වා ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එම නිසා බන්ධනාගාර නිලධරීන් තවත් බස්රියක් සැකකරුවන්ගේ ආරක්ෂාවට යොදවා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙන යමින් සිටි අවස්ථාවේ සැලසුම්කර මෙම ඝාතනය සිදු කර ඇතැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

සිද්ධියෙන් මිය ගජ්ය බන්ධනාගාර නිලධාරීන්ට වන්දි සහ හමිවිය යුතු වරප්‍රසාද හැකි ඉක්මනින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

එසේම භයේ සවස අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය ජාතික රෝහලට යවා මේ වන විට රෝහල්ගත කර සිටින සිද්ධියෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සැපදුක් සොයා බැලීමට බන්ධනාගාර අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

ඉදිරියේදී යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග ජනමත විචාරණයක්

ඉදිරියේදී යෝජිත නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සමග ජනමත විචාරණයක් පවත්වන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටියි.

“පාර්ලිමේන්තුවේ සිටින සෑම දේශපාලන ලක්ෂයක්ම ඒකරාශිකරගෙන අපි මෙහෙයුම් කමිටුවක් හදාගෙන අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරගෙන යනවා.ඉතිං මේ ව්‍යවස්ථාව හැදුවයින් පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා ජනමත විචාරණයකට යන්න. සමහරු අහනවා ඇයි ජනමත විචාරණයකට යන්නෙ කියලා. ජනතාවගෙ කැමැත්ත ගන්න ඕන නිසයි අපි ඒ තීරණය ගත්තෙ.අපි 3න් 2 බලය පාවිච්චි කරලා ජනතාවට පිටුපාලා යම් යම් දේවල් කරන්න අපි සූදානම් නෑ.
අපි ව්‍යවස්ථාවක් ගේනවනම් අපිට විශ්වාසයක් තියෙන්න ඕන ජනතාව මේ ව්‍යවස්ථාවට කැමති විය යුතුයි කියලා.”

බැදුම්කර මගඩියට එරෙහි නීතිමය පියවර ගැන හිටපු ජනපතිගෙන් මාධ්‍ය නිවේදනයක්

ආන්දෝලනාත්මක මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ගැසට් නිවේදනයට වංචනික ලෙස සිය නම යෙදීමට විරුද්ධව මුදල් අමාත්‍යංශයට සහ මහ බැංකුවට විරුද්ධව නඩු මගට බැසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බව මේ වන විට රහසක් නොවේ.

අද දින  ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්මාද රාජපක්ධ්‍ෂ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. කිසිදු සංශෝධනයක් සිදු නොකළ එම මාධ්‍ය නිවේදනය පහතින් දක්වා ඇත.

මාධ්‍ය නිවේදනය

බැඳුම්කර මඟඩියේ වගකීමත් රාජපක්‍ෂ ආණ්ඩුව මත පැටවීම

කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියේ වගකීම යහපාලන බලධාරීන් විසින් මගේ ඇඟේ ගසා බේරීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයක් ගැන කණගාටුවෙන් යුතුව මහජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වන්නේ සෑම මසකම අවසන් සතියට පෙර මහා භාණ්ඩාගාරය විසින් ඊළඟ මාසය සඳහා අවශ්‍යවන මුදල් ගණනය කොට යම්කිසි නිශ්චිත දිනයකට පෙර නිශ්චිත මුදලක් අවශ්‍ය බව මහ බැංකුව යටතේ පවතින රාජ්‍ය ණය දේපාර්තමේන්තුවට දැනුම් දීමයි. එම දැනුම්දීම ලැබුණු පසු භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගර බැඳුම්කර නිකුත් කිරීම තුළින් ඒ අදාල මුදල වෙළඳපොලෙන් ලබා ගැනීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කරයි. මෙවැනි බැඳුම්කර නිකුතු වලට අදාල ගැසට් නිවේදන පලකරනු ලබන්නේ අදාල ගනුදෙනුව සම්පූර්නයෙන්ම අවසන් වූ පසු පමණි. එයට හේතුව ගනුදෙනුව අවසන් වනතුරු එහි විස්තර හරිහැටි දැන ගැනීමට ක්‍රමයක් නොමැති නිසාය.

උදාහරණයක් වශයෙන් බැඳුම්කර නිකුතුවක් සඳහා යම් පොලී අනුපාතයකට ලන්සු කැඳවූ පසු ඒ සියලු ලන්සු ප්‍රතික්‍ෂේප කිරීමට ඉඩ ඇත. එමෙන්ම ලන්සු ප්‍රමාණය, විකිනීමට ඇති බැඳුම්කර ප්‍රමාණයට වඩා වැඩි වීමට ඉඩ ඇත. එවැනි අවස්ථාවලදී ලැබුණු ලන්සු වලින් කොපමණ ප්‍රමාණයක් බාරගන්නවාද යන්නත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව තීන්දු කල යුතුය. මේ කාරණා කිසිවක් කලින් තීන්දු කිරීමට නොහැකි නිසා මෙවැනි බැඳුම්කර නිකුතු සම්බන්ධ ගැසට් නිවේදනය පලවන්නේ ගනුදෙනුව සම්පූර්ණ වූ පසුව පමණි. මහ බැංකුවේ බැඳුම්කර මඟඩිය ආරම්භ වූයේ 2015 පෙබරවාරි 27 වනදා පවත්වනු ලැබූ බැඳුම්කර වෙන්දේසියෙන් බව කවුරුත් දනී. මෙතනදී සිදු වූයේ සාමාන්‍ය ක්‍රියා පිළිවෙත අනුව, 2015 මාර්තු 2 වනදාට පෙර ආණ්ඩුවට රුපියල් බිලියන 13.5ක් අවශ්‍ය බව 2015 පෙබරවාරි 20 වනදා පමණ මහා භාන්ඩාගාරය විසින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට දැනුම් දීමයි. මින්  රුපියල් බිලියන 3ක් පමණ එක් වරම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුවද රුපියල් බිලියන 10.5 ක අඩුවක් තිබුණි. මෙය සොයා ගැනීමට ඔවුන් රුපියල් බිලියන එකක්  වටිනා අවුරුදු 30න් කල් පිරෙන බැඳුම්කර 12.5%ක පොලියකට වෙන්දේසි කිරීමට යෙදුනි. මේ සඳහා රුපියල් බිලියන 20 ලන්සු ලැබුණු අතර ඉන් බිලියන 10 ක ලන්සු බාරගන්නා ලදී.

මේ බැඳුම්කර නිකුතුව ලංකා ඉතිහාසයේ ලොකුම මඟඩියක් වු ආකාරය කවුරුත් දන්න නිසා මෙහිදී සඳහන් කිරීම අනවශ්‍ය වේ. මෙතන ඇති ප්‍රශ්නය වන්නේ යහපාලන ආණ්ඩුව විසින් 2015 ජනවාරි 01 දිනය හා 1895/19 අංකය දරණ ගැසට් නිවේදනය තුළින් මේ බැඳුම්කර නිකුතුවේ වගකිම මා මත පැටවීමට ගෙන ඇති උත්සාහයයි. 2015 ජනවාරි 01 වන දා දිනය දරණ මෙම ගැසට් නිවේදනයේ 2011 දක්වා ආපස්සට දිව යන බැඳුම්කර නිකුතු වල විස්තර සඳහන් වේ. මේවා අතර 2015 අවුරුද්දේ මාර්තු 01, මාර්තු 15, මැයි 01, මැයි 15, අගෝස්තු 01 හා දෙසැම්බර් 15 බැඳුම්කර නිකුතු මගේ නම යටතේම ගැසට් කර ඇත. ඒ අනුව අලුත් ජනාධිපතිවරයෙකු හා අලුත් මුදල් ඇමතිවරයෙකුත් වැඩ බාරගෙන මාස එකහමාරකටත් වඩා කාලයකට පසුව නිකුත් කරන ලද බැඳුම්කර වලටද මට වගකීමට සිදු වී ඇත.

ආණ්ඩුවේ මුදල් කළමනාකරණය සිදුවන ක්‍රමය නිසා මහා භාණ්ඩාගාරයට 2015 මාර්තු 02 වන විට රුපියල් මිලියන 13.5ක් අවශ්‍ය වන බවත්, මේ මුදල සොයා ගැනිමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියනයක් වටිනා අවුරුදු 30 බැඳුම්කර සඳහා 12.5%ක පොලී අනුපාතයට ලන්සු කැඳවා ඉන් බිලියන 10 ක් බාරගන්නා බවත්, 2015 ජනවාරි 01 වනදා වන විට මට දැනගැනීමට කිසිඳු ක්‍රමයක් නැත. මා කලින් පෙන්වා දුන් පරිදි බැඳුම්කර නිකුතු සම්බන්ධයෙන් ගැසට් නිවේදනය නිකුත් කරනු ලබන්නේ අදාල ගනුදෙනුවට පසුව මිස පෙර නොවේ. 2015 ජනවාරි 01 අංක 1895/19 දරණ ගැසට් පත්‍රය පලකරනු ලැබුවේ 2016 නොවැම්බර් මාසයේ බව එහි කුඩා අකුරින් මුද්‍රණය කර තිබෙන බව පෙනේ. මෙය  යහපාලන ආණ්ඩුවේ දූෂිත බැඳුම්කර ගනුදෙනුව මහජනතාවත් නොමඟ හරිම්න් මමත් මගේ ආණ්ඩුවත් මත පැටවීමට ගෙන ඇති දුෂ්ඨ ප්‍රයත්නයනක් ලෙස මම දකිමි. මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට මම බලාපොරොත්තු වෙමි.

මහින්ද රජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

BASL President denies using undue influence to appoint HC judge

The President of the Bar Association of Sri Lanka (BASL), Geoffrey Alagaratnam, says that it is very unfortunate that people have misunderstood the role of the Bar Association and its president in unofficial bar appointment to make it a political issue and a communal issue.

The scheduled election of the Bar Association of Sri Lanka was postponed until further notice when the Judicial Service Association (JSA) refused to act as presiding officers at the election, due to the actions of the BASL President.
The JSA had blamed the Bar Association and its President Geoffrey Alagaratnam over the recent appointment of lawyer Mr Ramanathan Kannan from unofficial bar directly as a High Court Judge, which it claims is a violation of the constitution and judicial service tradition.   However, in an exclusive interview with Ada Derana, Mr Alagaratnam said that is a “misunderstanding of how things happen.”
He says there has never been a practice of having the appointment of members from the unofficial bar approved by the Bar Council and the Executive Committee.  “We have had several members appointed to the unofficial bar and I like to say that we have always had a tradition of persons being appointed not only from the career judiciary but also from the official bar, attorney general’s department and unofficial bar.”
“What happens usually is that the leaders of the Bar are consulted and the leaders make their own inquiries to see whether people are suited and make the recommendation for the appointing authorities to in turn make their inquiries.”  He said that this can be seen in the many unofficial bar members who were appointed to the Supreme Court such as Mark Fernando and more recently Prasanna Jayawardena. He said that even High Court judges have been appointed from the Bar.
“None of these people were appointed after the Executive Committee and Bar Council approved it and that will be an unhealthy practice if that has to go before those two bodies. Because then it will be like political campaigning.”
President’s Counsel Geoffrey Alagaratnam stated that for over one year there has been shortage of Tamil-speaking judges in the Northern and Eastern provinces and that representations have been made from the lawyers from those areas due to the delays in hearing those cases and the work piling up.
“These matters were discussed by officers of the Bar Association with officers of the Judicial Services Commission including his lordship the Chief Justice.”  He said that Mr Kannan’s application of nomination then came from the President of the Batticaloa Bar. “And as I told you Bars don’t pass resolutions. The President of the Batticaloa Bar recommended him saying he is a good candidate, why don’t you forward this person up for appointment,” he said. “Kannan was then in Batticaloa and he had over 17 years of practice as a lawyer. Then it came to me as the President and I made my own inquiries because I don’t know who Kannan is.”
 Because of this shortage of Tamil-speaking judges, the BASL President said he referred it to the Chief Justice. “I said this person is there because the Akkaraipattu person was not materializing. This was in September last year.”  He said that the Chief Justice gave it his okay to send it to President Maithripal Sirisena. “Then in December I understand His Excellency sent the papers to the Chief Justice as well as to the Attorney General. They both agreed.”
 Mr Alagaratnam pointed out that according to the constitution, the President cannot make such appointment by himself and neither can he force the President to make appointment. He said that the President has to consult the Attorney General and the Judicial Service Commission, which he did and that they both approved.  “So, all three of the appointing authorities agreed to appoint Kannan.”
 “So, this is not a situation where I did something wrong or I used undue influence to have Mr Kannan appointed,” he told Ada Derana.  He said that to confuse the Bar Association’s election with the appointment of Mr Kannan is “unfortunate” and that he thinks it’s not the way to go. “It’s very unfortunate that people have misunderstood the role of the Bar Association president and the role of the Bar Association in unofficial bar appointment to make it a political issue and a communal issue.”

ලක්ෂ 11ක වල්ලපට්ටා තොගයක් රේගුව බාරයට

රුපියල් එකොලොස් ලක්ෂයකට අාසන්න (1185250) වටිනාකමින් යුත් වල්ලපට්ටා කිලෝග්රෑම් 25.9 ක තොගයක්  සමග පුද්ගලයෙක් පෙරේදා (පෙබ 21) කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලාංකික 38 හැවිදිරිදි පන්නල ප්‍රදේශයේ පදිංචි සැකකරු මෙම වල්ලපට්ටා තොගය ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සාහ කිරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන් තොටුපලේ ආරක්ෂිත පරීක්ෂාවේදී යන්ත්‍ර වලට හසු නොවන ලෙස ඉතා සූක්ෂම අයුරින් මෙම වල්ලපට්ටා තොගය අසුරා තිබූ බව රේගුව සදහන් කරයි.

සැකකරැට රැපියල් ලක්ෂයක දඩමුදලක් පනවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු මේ වන විට පවත්වනු ලබයි.

‘බැඳුම්කර කොමිසම’ : මහ බැංකු අධිපති සාක්ෂි දෙයි

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාව අද සිය සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කළේය.

කොළඹ 12 අධිකරණ මාවතේ පිහිටි භාණ්‌ඩාගාර බැඳුම්කර කොමිෂන් සභා කාර්යාලයේදී කොමිසම රැස්විය.

2015 පෙබරවාරි මස පළමුවෙනිදා සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාල පරිච්ඡේදයේ සිදුවූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව මාස 3ක් ඇතුළත පරීක්ෂණ අවසන් කොට වාර්තාවක් සපයන ලෙස ජනාධිපතිවරයා මෙම කොමිසමට නියෝග කර ඇත.

අද කොමිසමේ කටයුතු ආරම්භ කරමින් සාක්ෂි දීමට කැඳවා තිබුණේ වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිය.

සාක්‌ෂි විභාගය ආරම්භවීමට පෙර කොමිසමේ කටයුතු පිළිබඳව මූලික අදහසක් ඉදිරිපත්කරමින් එහි සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත්‍රි චිත්‍රසිරි, කොමිසමේ කටයුතු සිදුවන ආකාරය පැහැදිලි කළ අතර කොමිසමේ කටයුතු නියමිත කාලපරිච්ඡේදයට අවසන් කිරීම සඳහා ඉදිරියේදී දිනපතා සාක්ෂි විමසන බව පැවසීය.

කොමිසමේ කටයුතුවලට සහය දැක්වීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් නිලධාරීන් 4 දෙනකු ලබාදී තිබෙන බව පැවසූ ඔහු සඳහන් කළ පරිදි, සුමතිපාල උඩුගමසුරිය කොමිසමේ ලේකම්වරයා ලෙස ක්‍රියා කරයි.

පෙබරවාරි 9 හා 10 වෙනිදා කොමිසමට කරුණු ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා පුවත්පත් දැන්වීම් පළකළ බව පැවසූ විනිසුරුවරයා ලබන 28 වෙනිදා දක්වා කරුණු ඉදිරිපත් කළ හැකි බව සඳහන් කළේය. එසේ ලබාදෙන කරුණු ගැන වැඩිදුර තොරතුරු අවශ්‍යනම් ඔවුන් සාක්ෂි ලබාදීමට කැඳවන බව ද ඔහු කියා සිටියේය.

රහසිගත සාක්ෂි

කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු මහජනතාවට විවෘත බව පැවසූ විනිසුරුවරයා, අත්‍යවශ්‍ය නම් රහසිගතව සාක්ෂි දීමේ ක්‍රමවේදයක් ද ඇති බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර ගණුදෙනු සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා සකස් කර ඇති වාර්තා, කෝප් කමිටුවේ වාර්තාව හා අගමැතිවරයා පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ද මෙම විමර්ශනය සඳහා යොදාගන්නා බව ඔහු කියා සිටියේය..

ඉන් අනතුරුව අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද සිල්වා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් 9 දෙනකුගේ කණ්ඩායමක් කොමිෂන් සභාවේ කටයුතු සඳහා සහභාගිවන බවය. සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවුවහොත් ඔවුන්ව ආරක්ෂා කිරීමේ පනත යටතේ ක්‍රියාකළ හැකි බව ද ඔහු පෙන්වා දුණි.

තාක්ෂණික කරුණු

සාක්ෂි විමසීම ආරම්භකිරීමට පෙර සභාවේ සිටි නීතිඥයින් දෙදෙනෙකු ඇමතු කොමිසමේ සාමාජිකයින්, ඔවුන් පෙනී සිටින්නේ කුමන පාර්ශ්ව වෙනුවෙන්දැයි විමසීමේදී එම නීතිඥයින්පැවසුවේ තමන් සාක්ෂි විභාගය නිරීක්ෂණය සඳහා පැමිණි බවය. එසේ නිරීක්ෂණය කරන්නේ කුමන පාර්ශ්වය වෙනුවෙන්දැයි විමසු විට, පර්පචුවල් සමාගම වෙනුවෙන් තමන් සාක්ෂි විමසීම නිරීක්ෂණය කළ ද නිල වශයෙන් තමන්ට එම කාර්ය පැවරී නැති බව සඳහන් කළේය.

ඉන් අනතුරුව ජ්‍යෙෂ්ට අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද සිල්වා විසින් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමිගෙන් සාක්ෂි විමසිම ආරම්භ කරනු ලැබූ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ පිළිවෙතේ තාක්ෂණික කරුණු සම්බන්ධ ප්‍රශ්න ගණනාවක් ඔහු වෙත යොමු විය.

බීබීසී