තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කරයි

FROM BOSTON LANKA COURTS REPORTER:

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහෙල්කම් සහ පාර්ලිෙම්න්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා  පසුගිය ජනාධිපතිවරණ සමයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමග රහසිගත ගිවිසුමක් පැවති බව ඇගවීම සදහා  කූට ෙල්ඛනයක් සකස් කර ඇති බවට ඉකුත් දිනවල ඔහුට චෝදනා එල්ල විය.
එම කූට ෙල්ඛන සකස් කිරීමට අමතරව  එ්වා මාධ්‍යට ඉදිරිපත් කිරීම ජනපති ප්‍රතිඵලයට බලපෑම් වන ආකාරයේ  ව්‍යාජ උත්සහයක් දැරීම යන ෙචා්දනා වලට නීතිපතිවරයා  විසින් කොළඹ මහාධිකරණය  අධි ෙචා්දනා ෙගානු කරලා තිබුණි.
ඊට අදාල නඩු විභාගය පසුගිය මස මාර්තු 20 දින   ෙකාළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුඅාරච්චි මහතා විසින් කැදවූ අවස්ථාෙව් දී සාක්ෂි ලබා දීම සදහා ජනාධිපති සිරිෙස්න මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සිතාසි නිකුත් කරනු  ලැබූ අතර එළඹෙන ජූලි 17 වන දින යළිත් විභාගයට ගැනීමට නියම කරනු ලැබිණි.
  තිස්ස අත්තනායක මහතාට ෙ නඩුව අතර වාරයේ අැප ලබා දීම සදහා පනවා තිබූ එක් ඇප  කොන්දේසියක් වන විදෙස් ගත වීමේ තහනම තාවකාලිකව ඉවත් කරවා දෙන මෙන් මෙහිදී තිස්ස අත්තනායක මහතා මෝසමක් මගින් ඉකුත් දා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි.
තිස්ස අත්තනායක මහතා  වෙනුවෙන් කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍ර තිස්ස මහතා පවසා සිටිෙය් තම ෙස්වා දායකයා වන තිස්ස අත්තනායක මහතාට අත්‍යවශ්‍ය  මෙන්ම නොපිරි හෙළිය  හැකි තත්ත්වයක් මත විදෙස් ගත වීමට අවශ්‍යතාවයක් පැන නැගී අැති බවයි.
ඒ අනුව ඉකුත් අප්‍රේල් 03 වන දින ඒ පිළිබද සළකා බැලූ  ‍කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළු අාරච්චි මහතා ඒ සදහා අවශ්‍ය ලිපි ෙල්ඛන ඉදිරිපත් කරන ෙමන් නියෝග කර සිටි අතර වළංගු වීසා බලපත් කාල සීමාවට අදාලව තිස්ස අත්තනායක මහතාට විදෙස් ගත වීමට  පනවා තිබූ තහනම  තාවකාලිකව ඉවත් කරනු ලැබිණි.

දිවයින පුරා එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණක් පැතිරෙයි

දිවයින පුරා මෙම දිනවල පැතිර යන එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණ, ඩෙංගු හා ඩෙංගු රෝගයට සමාන වෛරස්‌ උණ රෝගයක්‌ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණ තිබේ.

එච් 1 එන් 1 බවට සැක කෙරෙන වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යැම නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨයන්ද (03 ) වසා දැමුණු අතර පසුගියදා රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක්‌ද වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යැම නිසා වසා දැමිණි.

දිවයින පුරා උතුර නැගෙනහිරද ඇතුළුව බොහෝ ප්‍රදේශවල මෙම උණ රෝගයන් පැතිර යමින් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මධ්‍යම පළාත තුළ පැතිර යන එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගය හේතුවෙන් මේ වන විට ගැබිනි මවක්‌ ඇතුළු 17 දෙනකු මිය ගොස්‌ ඇති බව අනාවරණය වී තිබේ.

දිවයින පුරා රෝහල් ගණනාවක මෙම උණ රෝගයන්ට ගොදුරු වූ රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින අතර සෑම ප්‍රධාන රෝහලකම පාහේ පැතිර යන එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ රෝගයට ගොදුරු වූවන් වෙනුවෙන් විශේෂිත වාට්‌ටු පවත්වාගෙන යන බව රෝහල් බලධාරීහු පවසති.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙත ඉකුත් සිකුරාදා සිසුන් 250 ක්‌ පමණද ඊයේ දිනයේ පන්සියයකට (500 කට) අධික පිරිසක්‌ද මෙම ඉන්ෆ්ලුවන්සා උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ තිබූ අතර රෝගය විශ්වවිද්‍යාලය තුළ පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් ඊයේ සවස නැවත දැනුම් දෙන තුරු විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල, අධ්‍යයන කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා පැවැසීය.

විශ්වවිද්‍යාලයේ සිසු නේවාසිකාගාරවල නේවාසිකව සිටින සිසුන් හාරදහසක පමණ සංඛ්‍යාවෙන්a සියයට තිහකට මෙම උණ වැළඳී ඇති බව අනාවරණය වී තිබේ.

එච් 1 එන් 1 ඉන්ෆ්ලුවන්සා උණ සාමාන්‍ය සෘතුමය (සීසනල්) උණ රෝගයක්‌ සේ සැලැකෙන අතර එහි ප්‍රධාන රෝග ලක්‍ෂණයන් වනුයේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත දරුණු ආසාධනයත් සමඟ සෙන්ටිග්‍රේඩ් අංශක 38 ට වැඩි උණ, කැස්‌ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්‍ෂණයි.

ණය ණයක් නොවේ

බැඳුම්කර සම්බන්ද කරුණ පිළිබඳ සාකච්ඡාවේ දී මේ වනවිට වඩාත් කතාබහට ලක්ව ඇත්තේ 2015 වසරෙව් ගනුදෙනුවේ දී අදාළ ආයතනය මුල්‍ය ආයතනයකින් කෙටි කාලීන ණයක් ලබා ගැනීම පිළිබඳවයි.

කෙටි කාලින ණයක් ලබා ගනිමින් බැඳුම්කර සඳහා ආයෝජනය කර ඇති බව ඇතැමුන් සඳහන් කළ ද එවැනි ආයෝජන ඉතිහාසයේ ඕනෑම තරම් ඇති බව සක්සුදක් සේ පැහැදිලිවනවා.

පසුගිය වසර දහය තුළදි රාජ්‍ය භාණ්ඩාගාරයේ ලියාපදිංචි ප‍්‍රාථමික වෙළෙන්දන් (Primery Dealers )  එවැනි මුදල් ලබා  ගත් අවස්ථා ඕනෑ තරම් වාර්තා වූ අතර ඊට අමතරව සිදු වූ වංචා 13 ක් ගැන සොයන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අගමැතිවරයාට ලිපියක් මඟින් දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ද පසුගිය දා සඳහන් කළා.

මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක් වැය කර නිව්යෝක්වල ගොඩනැඟිල්ලක් ගෙන ඇති බව හෙළිවී ඇතැයිද ඔහු සඳහන් කරනු ලැබුවා.

“රුපියල් මිලියන 12,081 ක් වියදම් කර බ්‍රසීලයේ ගොඩනැඟිල්ලක් ගෙන තිබෙනවා. මේවාට අනුමැතිය දුන්නේ කවුද කියලා ගැටලුවක්. මහ බැංකුව තුළ තිබූ මාෆියාව දැන් හෙළිවෙමින් තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සිද්ධියේදි වුණේ ටෙන්ඩර් කැඳවීමක්. අඩුම ඉල්ලුම්කරුවන්ගෙන් ගන්නවා. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ කිසිදු ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය කළේ නැහැ. පෞද්ගලික ක්‍රමවේදයක් මඟින් තමයි අනුගමනය කළේ. අර්ජුන් මහේන්ද්‍ර මහතාගේ සිද්ධියේදි රුපියල් බිලියන 10 ක් තමයි ටෙන්ඩර් කරලා ගත්තේ. වසර 2011 දි රුපියල් බිලියන 625 ක, 2012 රුපියල් බිලියන 645 ක, 2013 දි රුපියල් බිලියන 695 ක, 2014 දි රුපියල් බිලියන 706 ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. ඒ සියල්ල ගෙන තිබෙනුයේ පෞද්ගලික ක්‍රමවේදයන්ට අනුව. විනිවිදභාවයක් නැතිව තමා ඒ ගනුදෙනු කළේ.

  1. මහ බැංකුව කොහොමද බ්‍රසීලයේ ගියේ. බ්‍රසීලයේ, අමෙරිකාවේ පමණක් නොව කොළඹිනුත් ගොඩනැඟිලි අරගෙන. පොදු රාජ්‍ය ක්‍රීඩාවලට මහ බැංකුව මුදල් වියදම් කර තිබෙනවා. මේ ගනුදෙනු ගැන සොයා බැලිය යුතුයි. ඒ කාලයේ මේ ගනුදෙනුවලට සහාය දුන් නිලධාරි පිරිසක් සිටිනවා.  මේ කරුණු 13 ගැනම පරීක්ෂණ පැවැත්වෙයි කියලා අපි හිතනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කරනු ලැබුවා.

විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුවිශේෂී තීරු බදු සහන

ශ්‍රී ලංකා රේගුව පසුගිය සතියේදී විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සුවිශේෂී තීරු බදු සහන කිහිපයක් නිවේදනය කර තිබේ.

ඒ අනුව විදේශ රටවල සිට සේවය කර ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හට ලබා දෙන තීරු බදු සහිත භාණ්ඩ සංඛ්‍යාවේ විශාල වෙනස්කමක් සිදු කර තිබේ.

නව තීරු බදු සහන පුළුල් කිරීමේ තීරණය යටතේ නිවෙසකට අවශ්‍ය නාන කාමර කට්ටලයක්, අල්මාරියක්, කණ්නාඩි මේසයක් හා ඇඳක් සහිත නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල සහ සූර්ය කෝෂ, CC 350 ට වඩා අඩු යතුරු පැදියක් තීරු බදු රහිතව ශ්‍රී ලංකාවට ගෙන ආ හැකි බව වාර්තා වේ.

මීට අමතරව මීට පෙර තීරු බදු ගෙවිය යුතුව පැවති ඇතැම් භාණ්ඩ සඳහා මෙම නව තීරණය යටතේ තීරු බදු සහන ලබා දීමටද කටයුතු යොදා ඇති බව සඳහන්.

ඒ යටතේ ඩෙස්ක්ටොප් පරිගණක 1ක්, ලැප්ටොප් පරිගණක 1ක්, ජංගම දුරකථන 2ක් වැනි ජනතාවට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය භාණ්ඩ කිහිපයකට මෙම තීරු බදු සහනය ලබා දී ඇතැයි ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍ර‍ම බස්නායක මහතා සඳහන් කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකා රේගුව විසින් සීමා කරන ලද භාණ්ඩ කිහිපයක් තිබෙන බවද ඒවා රැගෙන ඒමේදී සම්පූර්ණ බදු ගෙවීමට සිදුවන බවද ඔහු පැවසීය.

ඒවා පහත පරිදි වේ.

  • වායු සමීකරණ යන්ත්‍ර.
  • අධි ශීතකරණ.
  • ඩිෂ් වොෂර් යන්ත්‍ර.
  • උදුන් හතරක් සහිත විදුලි අවන්.
  • නව සහ පාවිච්චි කරන ලද ශීතකරණ (ලීටර් 500 ට වැඩි)
  • T.V. CRT (අඟල් 29 ට වැඩි)
  • T.V. LCD /LED/PLASMA (අඟල් 55 ට වැඩි)

ශ්‍රී ලංකා රේගුව විසින් සංශෝධනය කළ නව තීරු බදු සහන භාණ්ඩ ලැයිස්තුව මෙතනින්.

මේ පිළිබඳ වැඩි විස්තර ශ්‍රී ලංකා රේගුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වේ.

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව සිටි කාලය අනුව ලැබෙන තීරු බදු සහන කෝටාව පහත පරිදි වේ.

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

නීතිපතිවරයාගේ උපදෙස් අනුව, සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කරන තෙක් එම සමාග‍මේ ගොඩබිම ආරක්ෂකයන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔවුන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගම වෙත අනුයුක්ත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මේ සඳහා වන කැබිනට් සංදේශය ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඉදිරිපත් කර ඇති අතර අදාළ සේවක මණ්ඩලය  ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගම වෙත අනුයුක්ත කිරීමට විෂයභාර අමාත්‍ය (මහානගර හා බස්නාහිර සංවර්ධන) පාඨලී චම්පික රණවක එකඟතාව පළකර ඇත.

වාර්තා වන අන්දම අදාළ එකඟතාව අනුව රක්නා ලංකා හී ගොඩබිම ආරක්ෂකයින් ලෙස කටයුතු කළ1050 කට ආසන්න පිරිසක්  සීමාසහිත LRDC සේවා පෞද්ගලික සමාගමේ සේවයට එක්වනු ඇත.  මේ අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉහත කැබිනට් සංදේශය අනුව සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ  බැඳීම් හා වගකීම් සම්බන්ධයෙන් පවතින ගැටලු සහ මහජන මුදල් පිළිබඳ වගකීම පිළිබඳ අධ්‍යයනය කොට සුදුසු විසඳුම් යෝජනා කිරීම‍ටත් යෝජනා කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටත් නියමිතව ඇත. මේ කටයුතු සිදු වන්නේ රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කර එහි ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවටත්, සාගර ආරක්ෂක කටයුතු නාවික හමුදාවටත් පැවරීම පිණිස 2016‑12‑13 දින අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් අනුමැතිය ක්‍රියාත්මක වන තෙක්ය.

කෙසේ වුවත් පා වෙන අවි ගබඩාවක් ඇතුළු සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුම්ගතව සිදු කළ  ව්‍යාපාරයට අදාළ ගිවිසුම් කඩකර ව්‍යාපාරය අවසන් කිරීම නිසා තම සමාගමට වූ අගතියට එරෙහිව පවරා තිබූ නඩුවකින් ඇවන්ට්ගාඞ් සමාගමට සිංගප්පූරු ඩොලර් 826,000 ක් (රුපියල් මිලියන 840) වන්දි ලෙස ගෙවන ලෙස සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලය (SIAC) විසින් රක්නා ආරක්ෂක ලංකා සමාගමට නියෝග කර ඇත. ඒ අනුව රක්නා ලංකා සමාගම ඈවර කරන්නට පෙර මෙම මුදල් ගෙවීමට සිදු වන තත්ත්වයක් ඇති අතර රක්නා ආරක්ෂක ලංකා සමාගමේ 100%ක කොටස් හිමිකම ඇත්තේ  ආරක්ෂක අමාත්‍යාංශයට ය. තව ද මෙරට අවි ගබඩා කිරීම සඳහා රක්නා ලංකා සමාගම වෙනුවෙන් රතු මුහුදේ පවත්වාගෙන ගිය ‘ඇවන්ට්ගාඞ්’ පා වෙන අවි ගබඩාව වෙනුවෙන් ඇවන්ට්ගාඞ් සමාගම විසින් දරූ පිරිවැය රක්නා ලංකා සමාගම විසින් නැවත තමන් වෙත ලබා දියයුතු බව කියමින් පසුගිය දා රක්නා ලංකා සමාගම වෙත, ඇවන්ට්ගාඞ් සමාගමේ සභාපතිවරයා විසින් ලිපියක් යොමු කොට තිබූ බවත්  එහි දී ඇමරිකානු ඩොලර් මිලියන 5.2 ක් අය විය යුතු බව දන්වා ඇති බවත් මාධ්‍ය වාර්තා පළ වී ඇති අතර  එම ඉල්ලීම විවාදයකින් තොරව රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා විසින්  පිළිගෙන ඇති බවත් පසුගිය සමයේ වාර්තා විය.

ඒ අනුව රක්නා ලංකා ඈවර කිරීම හමුවේ ඇවන්ට්ගාඞ් ආයතනය වෙත පමණක් රුපියල් බිලියන ගණනක මුදලක් ගෙවීමට සිදුව ඇති තත්ත්වයක් ද පෙනෙන්නට ඇත.

– සංජය ලියනගේ

සත්හඬ’

ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු අවසන් අදියෙර්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.

ගුවන්තොටුපළ ප්‍රධාන සිවිල් ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ ගුවන් පථයේ කටයුතු සහ නවීන විද්‍යුත් සංඥා පද්ධතිය සවි කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බවය.

ඒ අනුව සැලසුම් කළ පරිදි ලබන මස පස් වැනිදා වන විට ගුවන් තොටුපලේ සම්පූර්ණ සංවර්ධන කටයුතු අවසන් කිරීමට නියමිත අතර අප්‍රේල් මස 6 වැනිදා සිට ජාත්‍යන්තර ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය ජනවාරි මාසයේ සිට එහි සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණු අතර ඒ සඳහා රුපියල් කෝටි 720ක් වැය කර තිබේ.

චීන සමාගම් දෙකක් විසින් එහි සංවර්ධන කටයුතු සිදුකෙරුණි.

හෙද සංගමය තවත් වර්ජනයකට වැඩ අල්ලයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ සේවය වාර්තා කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එහි සභාපති ගාමිණි කුමාරසිංහ මහතා සඳහන් කළේ තම ගැටළුවලට විසඳුම් ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් සාකච්ඡා කිහිපයක්ම ඉල්ලා සිටියද මේ වන තෙක් කිසිදු සාකච්ඡාවක් ලබාදීමට පියවර ගෙන නොමැති බවය.

අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාකලාපයට එරෙහිව  මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට තීරණය කර ඇති බව  ගාමිණි කුමාරසිංහ
මහතා කියා සිටියේය.

“නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය” වෙත – ජනපති පුෂ්පෝපහාර

රුසියාවේ තුන් දින නිල සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන (23) පෙරවරුවේ රුසියාවේ ප්‍රකට ස්මාරකයක් වන “නාඳුනන සොල්දාදුවාගේ ස්මාරකය” වෙත ගොස් මල් කළඹක් තැන්පත් කොට පුෂ්පෝපහාර දැක්වීය.

president 1

මොස්කව් නගරයේ රතු චතුරශ්‍රයේ, ඇලෙක්සැන්ඩර් උද්‍යානයේ ගොඩනගා ඇති මෙම ස්මාරකය දෙවන ලෝක යුද්ධයේදී මිය ගිය සෝවියට් සොල්දාදුවන් සිහිවීම පිණිස ඉදි කර තිබේ.

දශක හතරකට පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයකු රුසියාවේ නිල සංචාරයක යෙදෙන පළමු වතාව මෙයයි.

රතු චතුරශ්‍රය වෙත පැමිණි ජනාධිපතිතුමා මොස්කව් නගරයේ හමුදා අණදෙන නිලධාරී විසින් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබූ අතර විශේෂ හමුදා උත්තමාචාරයක් ද ජනාධිපතිතුමා වෙනුවෙන් පිරිනැමිණි.

ජයන්ති සිරිසේන මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයාගේ නිල සංචාරය අතරතුර ධීවර කටයුතු, සංචාරක කටයුතු, සංස්කෘතික විද්‍යා හා තාක්ෂණික අංශ ඇතුළු අංශවල ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව විදේශ අමාත්‍යාංශය පැවසී්‍ය.

විදේශ අමාත්‍ය මංගල සමරවීර හා ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, සුසිල් ප්‍රේම්ජයන්ත්, එස්බී නාවින්න සහ මහින්ද සමරසිංහ ඇතුළු අමාත්‍යවරුන් පිරිසක් ද මෙම සංචාරයට එක් වී සිටියහ.

විමල් වීරවංශ සිව්වන දිනටත් අාහාර වර්ජනෙය්

රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ගෙනයනු ලබන ආහාර වර්ජනය සද්භාවයෙන් සිදු කරන අරගලයක් ලෙස ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කර සිටියි.

පිටත සිට එම අරගලයට සහාය ලබා දීම සිය වගකීම බව පවසන පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මාධ්‍ය ෙවත සිය අදහස් පළ කර සිටිෙය් ෙමෙලසිනි.

“ඔහුව නතර කිරීම නොවෙයි අප කළ යුත්තේ. ඔහු ඇතුළේ සිට කරන දුෂ්කර අරගලය සමාජගත කරමින්, සමාජය අවදි කරමින් මේ ආණ්ඩුව කරන සතුරු වැඩපිළිවෙළ වැළැක්වීමට කටයුතු කිරීමයි අප කළ යුත්තේ”

සිව්වන දිනටත් ආහාර වර්ජනයේ යෙදී සිටින මන්ත්‍රී විමල් වීරවංශ ගේ අරමුණ ආණ්ඩුව විසින් ගෙන යනු ලබන දේශපාලන දඩයමට විරෝධය පළ කිරීම බව කී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් එය අධිකරණයට විරෝධය දැක්වීමක් නොවන බව සඳහන් කළේය.

කෙසේ නමුත් ඔහු විසින් ගෙන යනු ලබන ආහාර වර්ජනය අධිකරණයට විරෝධය පෑමක් වශයෙන් හුවා දැක්වීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් මොහොමඩ් මුසම්මිල් පැවසීය.

  1. බන්ධනාගාර වෛද්‍යවරුන් මන්ත්‍රී විමල් වීරවංශ ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ අවධානයෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ලොව සතුටින්ම සිටින රටවල් අතර ශ්‍රී ලංකාව 120 වැනි ස්ථානයට

ලොව සතුටින්ම සිටින රටවල් අතර 120 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වාර්ෂිකව මෙම වාර්තාව ප්‍රකාශයට පත් කරන අතර මෙවර වාර්තාව සැකසීමේදී රටවල් 155ක් සැලකිල්ලට ගෙන තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම් ජාලය විසින් වාර්ෂිකව මෙම වාර්තාව සකසනු ලබයි. මෙවර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පස්වැනි වරටය. ශ්‍රී ලංකාව ලකුණු 4.440 ලබාගැනීමට හැකිවී තිබේ.

ලකුණු 5.269ක් ලබාගෙන පාකිස්තානය ලොව සතුටින්ම සිටින රටවල් 80 වැනි ස්ථානයට පත්ව ඇත. ලකුණු 4.608ක් ලබාගෙන සිටින බංග්ලාදේශය ලොව සතුටින්ම සිටින රටවල් අතර 110වැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාව ලකුණු 4.315ක් මෙම ලැයිස්තුවේ 122 වැනි ස්ථානයට පත්ව සිටියි.

ලකුණු 7.537ක් ලබාගනිමින් ලොව සතුටින්ම සිටින රටවල් අතර මුල් තැන ගැනීමට නෝර්වේ රාජ්‍යය සමත්ව තිබෙන අතර ඩෙන්මාර්කය දෙවැනි තැනටත් අයිස්ලන්තය තෙවැනි තැනටත් පත්ව ඇත. මෙම ලැයිස්තුවේ මුල් ස්ථාන දහය අතරට පත්වීමට ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ස්වීඩනය හිමිකම් කියයි.

මෙම ලැයිස්තුවේ 14 වැනි ස්ථානයට පත්ව සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සතුට කෙමෙන් කෙමෙන් අඩුවන බව ද ‘ලොව සතුටින්ම සිටින රටවල් 2017’ වාර්තාව පෙන්වා දෙයි.

ලකුණු 0 සිට 10 දක්වා ලකුණු දීමක් සිදු කෙරෙන අතර දළ දේශීය නිෂ්පාදිතයට එක්පුද්ගල ආදායම, සමාජ සහයෝගය, සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව, ජීවිතයේ තෝරාගැනීම් කිරීම සඳහා ඇති නිදහස, නිර්ලෝභීබව සහ දූෂණය අවම බව යන සාධක හා නිර්දේශ මත පිහිටා ලකුණු ලබාදීම සිදුකරයි.