අලුත් අවුරුද්දට ළිං එක්ක ගනුදෙනු කිරීම පැත්තක දාල වතුර බවුසරේ කටට තමයි ගනුදෙනුව කළේ

උමා ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය හේතුවෙන් පසුගිය සතියේ පටන් තවත් වසම් දහයක ළිං සිඳී ගොස් ඇති බව උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය පවසයි.

එම වසම් දහය තුළ ඇති නිවාස කිහිපයක් ඉරිතලා ඇති බවද උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු, ඌව පළාත්සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මාධ්‍ය ෙවත අදහස් දැක්වීය.

“උමා ඔය ව්‍යාපෘතිය සිදුවෙන ප්‍රදේශවල ජනතාවට දැන් වසර තුන හතරක පටන් අලුත් අවුරුදු නැහැ. ගිය අවුරුද්දෙත් ඒ ජනතාව අලුත් අවුරුද්දට ළිං එක්ක ගනුදෙනු කිරීම පැත්තක දාල වතුර බවුසරයක් නවත්තල බවුසරේ කටට තමයි ගනුදෙනුව කළේ.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කියා සිටියේ උතුරු කැබිල්ලේවල වසම, දික්තරාව දෝව, ගෙඩි අරෝදය, තන්තිරිය නැගෙනහිර, වටගමුව, ඇත්තලපිටිය, කිරිඔරුව, කොන්තෙහෙළ, පනන්වල, කුරුකුදේගම යන ගම්මානවල පසුගිය සතියේ පටන් ළිං සිඳී ඇති බවය.

එය සත්‍යයක් බව, උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කමිටු ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පී ඩී අමරසේකර ද පිළිගත්තේය.

කෙසේ නමුත් එම ප්‍රදේශයේ ජනතාවට ජල සැපයුම ආරම්භ කර ඇති බවත් පැවතුණු නියඟය හේතුවෙන් බොහෝ ජල මූලාශ්‍ර සිඳීගොස් ඇති බැවින් අවශ්‍ය පමණට බෙදා හැරීම සඳහා පානීය ජලය ලබාගැනීමේ අපහසුතාවකට බලධාරීන් මුහුණ දී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.

BBC

හයිටියේ ලිංගික අපචාර හා අපරාධ වලට හමුදා යැවූ සියලුම රටවල් වගකිව යුතුයි – අමෙරිකා එක්සත් ජනපදය

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා විසින් හයිටියේ සිදුවීයයි කියනු ලබන ලිංගික අපචාර හා අපරාධ වලට හමුදා යැවූ සියලුම රටවල් තමන්ගේ සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවිය යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නියෝජිත නිකී හේලි මේ බව පවසා ඇත්තේ   ඒ.පී පුවත් සේවය මගින් කරන ලද විමර්ශනයකින් හෙළිදරව් කෙරුණු ශ්‍රී ලංකා සාම සාධක හමුදා, හයිටියේදී ළමා අපචාර හා ලිංගික හිරිහැර සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් විසින් හයිටියේ කරනු ලැබූ මැදිහත්වීම් එළඹෙන ඔක්තෝම්බර් මස සිට අත්හිටුවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇති අතර එකී යෝජනාව ඒකමතිකව සම්මත වූ බැව් විදෙස් පුවත් වාර්තා උපුටා දක්වයි.

මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවන  කිසිදු රටකට තම සොල්දාදුවන් සම්බන්ධයෙන් වගවූයේ නැතිනම් ඔවුන් යළි සිය රටවලට යවා ගෙවීම් නතර කිරීමට පියවර ගත යුතු බව නිකී හේලි පෙන්වාදෙයි.

සාම සාධක හමුදාවන් විසින් සත්‍යවශයෙන්ම හයිටියේ පීඩාවට පත් දරුවන් ආරක්ෂා කළාද යන්න ප්‍රශ්නයක් පැන නඟින බවත්, හමුදාවන් හයිටි වලින් ඉවත්වීම සාර්ථකත්වයක් ලෙස දකින නමුත් හයිටි වල ජනයාගෙන් බොහෝ දෙනෙකුට මෙය නරක හීනයක අත්දැකීමක් බවත් ඇය අවධාරණය කර තිබේ.

මන්ද යත් සිදුවූ අවාසනාවන්ත තත්ත්වය විසින් ඇති කළ කැළැල් ඔවුනට අමතක කර දැමීමට අපහසු බැව් ඇය පෙන්වාදෙයි.

2004-2007 කාලයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා නියෝජනය කරමින් ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් 134 දෙනෙකු හයිටියේ සේවයට ගොස් ඇති බවත්, හයිටි කුඩා දරුවන් නව දෙනෙකු ඔවුන්ගේ ලිංගික ගොදුරු බවට පත්ව ඇති බව සඳහන්ය.

එහෙත් එක්සත් ජාතීන්ගේ මෙහෙවර අනුදත් රටක් ලෙස ශ්‍රී ලංකාව මෙලෙස චෝදනා ලැබූ කිසිදු සොල්දාදුවෙකුට එරෙහිව හෝ නීතිමය ක්‍රියා මාර්ග ගෙන නොමැති බව ඇය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Award winning Film Director Vasantha Obeysekara passes away

Vasantha Obeysekera, a veteran film director, passed away this (8th April) morning at the age of 80 years. He was admitted to a private hospital in Colombo following a brief illness.

Obeysekara had received many awards in the Best Director category.

He entered the world of film as  a co-scriptwriter and assistant director of ‘Sath Samudura’ in 1967. His first film was  ‘Wes Gaththo’ in 1970, based on the 1955 English movie ‘We are No Angels’.  

His portfolio includes titles such as Walmath Woowo (1976), Diyamanthi (1976), Palangetiyo (1979), Dadayama (1984) Kadapathaka Chaya (1989), Maruthaya (1995), Dorakada Marawa (1998), Theertha Yathra (1999) Salelu Warama (2002), Asani Warsha (2005), Sewwandi (2006) and Aganthukaya (2007).

He graduated from the University of Ceylon in 1962. He also among the editorial staff of the Associated Newspapers of Ceylon Limited from 1964 to 1970. He studied film in France.

පන්නිපිටිය හයිලෙවල් පාරේ වසර 400කටත් වඩා පැරණි බෝ ගස කපා දැමීමට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

පන්නිපිටිය හයිලෙවල් පාරේ පිහිටි වසර 400ක් පමණ පැරණි බෝ ගස කපා දැමීම වළකාලමින් ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පනවනු ලැබීය .එම බෝගස කපා දැමීමට එරෙහිව ප්‍රෙද්ශවාසීන් ඇතුළු පිරිසක් ඉකුත් දිනවල විරෝධතාවක නිරත වුණු අතර එම බෝ ගස කපා දැමුවහොත් සිය මූලික අයිතිවාසිකම් කඩවන බවට වේරදූවේ සිරිජෝති හිමියන් ඇතුළු පන්නිපිටිය ප්‍රෙද්ශයේ පදිංචි පදිංචිකරුවෙකු විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.

හයිලෙවල් මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේදී මෙම බෝ ගස කපා දැමිය යුතු බවට මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පසුගිය දා තීරණය කර තිබුණි. එය වළකාලමින්  ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අතුරු තහනම් නියෝගය අප්‍රේල් 06 වන දා සිට මැයි 09 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි පනවනු ලැබ ඇත.

රිවිර හිටපු කතෘ උපාලි තෙන්නකෝන් පැහැරගෙන ගොස් පහර දුන් සැකකරුවන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවට

රිවිර පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ උපාලි තෙන්නකෝන් පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හදුනා ගැනීමේ පෙරෙට්ටුවට යොමු කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා වෙත යොමු කළ බව අදිකරණ ආරංචි මාර්ග වාර්තා කර සිටියි.

කුරාම් ෂෙයික් ඝාතන නඩුවේ විත්තිකරුවන් අභියාචනාධිකරණයට

තංගල්ල ප්‍රා.දේ.ස. හිටපු සභාපති සම්පත් විදානපතිරණ විසින් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් ඝාතනය  කිරීම සහ ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීම ඇතුළු චෝදනා 14කට වරදකරු කරමින් 2014 ජූලි 17 වන දින කොළඹ මහාදිකරණය විසින් වසර 20 ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කරනු ලැබිණි.

එහිදී තංගල්ල හිටපු සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු අනෙක් සිවු දෙනා තමාට පැන වූ දඩුවම ලිහිල් ලිහිල් කරවීම සහ නිදොස් කොට නිදහස් කරවා ගැනීමට අභියාචනායක ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.  නමුත් නීතිපති ජයන්ත ජයසූරිය මහතා යෝජනා කර ඇත්තේ මෙම වරදකරුවන් හට මරණ දණ්ඩනය නියම කළ යුතු බවයි.
පසුව විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් දෙක සළකා බැලූ අබියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාල් විජේසුන්දර සහ ලලිත් ජයසුන්දර යන මහත්වරුන් විසින් සැපිතැම්බර් 15 වන දිනට මෙම අබියාචන පෙත්සම් 2 විභාගයට ගැනීමට නියම කරනු ලැබිණි.

රෝහල් වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් අපහසුතාවයට

කොළඹ ජාතික ෙරා්හල අැතුළු දිවයින පුරා ෙරා්හල්වල අද (07) පෙරවරුවේ සිට ක්‍රියාත්මක  වූ වැඩ වර්ජනය සිදු  ෙකරු ෙණ් සයිටම් අායතනය සම්බන්ධෙයන් වන ‍වෛද්‍ය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම, වෛද්‍ය අධ්‍යාපනය සදහා වන අවම ප්‍රමිතීන් කිරීම අැතුළු කරුණු 5ක් මුල් කර ගිනිමිනි.

එ් අනුව පෙ.ව 8 සිට පැය 24ක් පුරා ක්‍රියාත්මක ෙමම වර්ජනය ෙහ්තුෙවන් ෙකාළඹ ජාතික ෙරා්හලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ සිටි ‍රෝගීන් රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටියහ. එමෙන්ම කළුෙබා්විල පිහිටි දකුළණු  ෙකාළඹ ශික්ෂණ රෝහල මහනුවර ශික්ෂණ රෝහල කරාපිටිය රෝහල  මීගමුව ශික්ෂණ රෝහල රාගම පිහිටි දකුණු කොළඹ ශික්ෂණ ෙරා්හල අැතුළු ෙරා්හල් රැසක  ෙමම වර්ජනය ක්‍රියාත්මකය.

සයිටම් විරෝධී එ්කාබද්ධ වැඩවර්ජනය පාෙළාන්නරුව රෝහලේ ද ක්‍රියාත්මක වූ අතර  එම අවස්ථාව අාවරණය කිරීමට  ෙරා්හල්  බලධාරීන් අවසර ලබා ෙනාදීමට එරෙහිව මාධ්‍යෙව්දීන් පිරිසක්  එම ෙරා්හල ඉදිරිෙය් නිහඩ විරෝධතාවක ද නිරත විය.

රජෙය් වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරන අාකාරයට  ෙරා්හල්වල කායික ළමා සහ වකුගඩු එ්කකවල  ෙමන්ම රිජ්ෙව් අාර්යා ළමා රෝහල කාසල් වීදිෙය් කාන්තා  ෙරා්හල  ෙසායිසා කාන්තා ෙරා්හල මහරගම පිළිකා ෙරා්හල සහ ෙප්රා ෙදණිය ළමා රෝහල යන රෝහල් තුළ  වර්ජනය ක්‍රියාත්මක නොවීය.

මෙම වැඩ වර්ජනයට ප්‍රධාන ෙහ්තුව බවට පත්ව අැති මාලෙඹ් ෙනවිල් ප්‍රනාන්දු ශික්ෂණ ෙරා්හල අද (07) දින ෙරා්ගීන්ට සිය බාහිර ෙරා්ගීන් අංශයෙන් ෙරා්ගීන්ට ෙනාමිෙල් ප්‍රතිකාර ලබා දීමට පියවර ෙගන තිබිණි.

 

වරායේ ආරක්ෂාව චීන සමාගම යටතේ නොව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට

හම්බන්තොට වරාය ගිවිසුම පිළිබදව වෙනස් කම් කිහිපයක්ම සිදු කර ඇති බවත් ඒ අනුව වරායේ ආරක්ෂාව චීන සමාගම යටතේ නොව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට ගැනීමට තීරණය කර ඇතැයි මහාමාර්ග පිලිබද රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය.

එසේම සියයට 80 -20 කොටස් හිමිකම වෙනුවට චීනයට කොටස් 60ක් සහ ශ්‍රී ලංකාවට කොටස් 40ක් ලැබෙන සේ ගිවිසුම වෙනස් කිරීම ඇතුලු වෙනස්කම් ගණනාවක් කිරීම පිළිබදව සාකච්ඡා කරන බවද හෙතෙම පැවසිය.

ඊයේ (මාර්තු 6) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය
සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සාකච්ඡා කළ පරිදී ගිවිසුම ක්‍රියාත්මක කලා නම් ආරක්ෂක කටයුතුද චීනයට පැවරීමට ඉඩ තිබූ බවද හෙතෙම සදහන් කළේය. එසේම පසුගිය රජය සමයේ ආණ්ඩු පක්ෂයේ සිටි තමන් වත් නොදැන සිටි ව්‍යාපෘති ක්‍රියාත්මක වූ බවත් හම්බන්තොට වරාය ගිවිසුමද එවැන්නක් බවත් වත්මන් රජයේ එවන් ගිවිසුම් කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම වලක්වා ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රෝද පුටුවකින් අධිකරණයට එයි

මරණ දණ්ඩනය ලැබු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද (06)කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

ඒ දුමින්ද සිල්වාට එරෙහිව අධිකරණයේ ගොනුකර තිබුණු වත්කම් බැරකම් සම්බන්ධයෙන් පැවති නඩුව විභාගයට සම්බන්ධයෙනි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව 2011, 2013 සහ 2014 වසර වලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී වත්කම් බැරකම් ප්‍ර‍කාශ හෙළි නොකිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

අසනීප තත්ත්වයෙන් සිටින ඔහු අධිකරණයට පැමිණියේ රෝද පුටුවකින් බව ද වාර්තා වේ.

අදාළ නඩුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව දුමින්ද සිල්වාට රුපියල් 3000ක දඩ මුදලක් නියම කර තිබෙන බව ද අනාවරණය වේ.

විමල් වීරවංශගේ දියණිය කම්පනයට ලක්ව මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙයි

FROM BOSTON LANKA COURTS REPORTER:

විමල් වීරවංශ යනු කොළඹ දිස්ත්‍රික්කයේ තුන් ලක්ෂ පනස් දාහකට අධික ජනතාවක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ ජනතාව වෙනුවෙන් හඩක් නගන පාර්ලිෙම්න්තු මන්ත්‍රීවරෙකු බවත් එය සුවිශේෂත්වයක් ලෙස  සළකන ලෙසටත් ඔහු වෙනුවෙන්  පෙනී සිටි නිතිඥවරු ඉල්ලා සිටියහ.

එසේම  විමල් වීරවංශ මහතාගේ දියණිය සිය පියා සිරගත කිරීම හේතුවෙන් මහත් කම්පනයට ලක්ව මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට ද මේ වන විට යොමුව ඇති බව ද එය ද ඇප ලබා දීම සදහා සුවිශේෂ කරුණක්ලෙස සළකන ලෙසට ඔහුගේ නීතිඥවරුන් විසින් ඉල්ලා තිබේ. මේ සම්බන්ධව මහෙහ්ස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ  අැප ලබා දීම සම්බන්ධයෙන් 07 දින සළකා බලන බවයි.