මෙලෙසින් වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉහළ යාමට හේතුව ලෙස දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සහ කොටුව මැනිං වෙළෙඳ පොළේ ව්‍යාපාරිකයන් පැවසුවේ එළවළු තොග ලැබීම සීමාවීම බවයි.
කොළඹ මැනින් වෙලදපොලේ වෙළදුන් පැවසුවේ ඩරට සහ පහතරට දෙවර්ගයේම එළවළු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 350ත් අතර වීම නිසා සිල්ලර මිල පාලනය කරගත නොහැකි බවයි.
අයහපත් කාලගුණ තත්වය,  එළවළු තොග නොලැබීම මෙලෙස මිල ඉහල යාමට හේතු වනවා.
වසරේ ගතවූ මාස එක හමාරක පමණ කාලක් තුළ ඩෙංගු රෝගීන් 271 දෙනකු යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව යාපනය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාලය පැවසීය.
පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් වැඩි වීමක් දක්නට ලැබෙන බවත් මෙලෙස ඩෙංගු රෝගීන් යාපනය නගරය හා ඒ අවට ප්‍රදේශව වලින් වැඩි වශයෙන් වාර්තා වෙන අතර ඩෙංගු මර්දනය වෙනුවෙන් ජනතාවට සිය නිවෙස් අවට ප්‍රදේශ පිරිසුදු කර ගන්නා ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඉල්ලා සිටී.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ 73 වැනි ජන්ම දිනය අදට යෙදී තිබුණු අතර ඒ වෙනුවෙන් විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවසේ දී අද දින පෙරවරුවේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා
ඊට ඔහුගේ පවුලේ සියලුම සාමාජිකයන් එක්ව සිටි අතර ඒ වෙනුවෙන් සංවිධානය කළ කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විය.
අද දින පාර්ලිමේන්තුවේ තැන් ඇති වූ උණුසුම්කාරී තත්වය අතරතුර දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් වැනි යමක් ගෙන ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට පහර දීමට තැත් කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් උනා..
මෙම ඡායාරූපවල ඔහුගේ ප්‍රහාරයෙන් වැලකීමට ඇතැම් මන්ත්‍රීවරුන් උත්සහ ගන්නා ආකාරය දැක්වෙන අතර මන්ත්‍රීවරයා අත තිබුණු පිහියක් වැනි ආයුධයෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් තත්වය තවත් දරුණු විය හැකිව තිබූ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පැවසුවා.
මේ අනුව දිවයිනේ ප්‍රධාන පෙළේ දුරකථන සේවා සමාගම් විසින් 10% දක්වා මෙලෙස බදු මුදල් පහත හෙළා තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජ රාජපක්ෂ  මුදල් අමාත්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමෙන් අනතුරුව ජනතාවට බදු සහන ලබාදීමේදීමේ වැඩපිළිවෙළක් ‍ක්‍රියාත්මක කළ අතර එහිදී දුරකථන ඇමතුම් සඳහා වන බදු මුදල අඩු කරන ලෙස මුදල් අමාත්‍ය අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

අගමැති ආරක්ෂක අංශයේ වෙනසක්!

සහකාර පොලිස් අධිකාරී සරත්චන්ද්‍ර ගුණතිලක මහතා අගමැති ආරක්ෂක අංශයේ නව වැඩබලන අධ්‍යක්ෂක ලෙස පත්කෙරේ.
මෙතෙක් එම සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක කුරුවිට මහතා පොලිස් විභාග කොට්ඨාශයේ අධ්‍යක්ෂක ලෙස පත් කර ඇත.

ජාතික තරුණ සේවා සභාපති ධූරය වෙනස් වේ!

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති ධූුරයට මනුල චමල් පෙරේරා මහතා පත් කර තිබෙනවා.
මෙම පත් පත්කිරීම සිදුකර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනුයි.

හක්මන වෙඩි තැබීමකින් අයෙක් මරුට

අද දින පස්වරුවේ හක්මණ කැබලියපොල ප්‍රදේශයේදි යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකදී තුවාල ලැබූ අයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධ පිරිස් වෙඩි තැබීම සිදු කිරීමෙන් අනතුරුව එතනින් පළා ගොස් ඇති අතර හක්මන පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනවා.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්මතයි

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ වැඩි ඡන්ද 37කින් සම්මත වී තිබේ.
අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 53ක් හා ඡන්ද 16ක් ප්‍රති විරුද්ධව හිමිව තිබේ.
අදාළ පනත් කෙටුම්පත අද (8) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
“මේ පනතේ විධිවිධාන ඉදිරියට තිබෙන වරදවල් වලට පමණයි. අතීතයේ වරදවල් පනතින් වරදක් ලෙස සළකන්නේ නෑ. පුද්ගලයන් බාරදීමක් ලෙස වගන්තියේ සඳහන් නෑ. ලංකාවේ නීතිය බලාත්මක වෙන්නයි නීතිය ගේන්නේ. පනතේ විධිවිධාන අනුව, සම්මත වූ පසුව සිදුවන දේවල් වරදක් ලෙස සළකන්නේ යැයි“ ද විවාදය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

යාපනය සරසවි සිසුන් මාරාන්තික උපවාසයක

ද්‍රවිඩ ජාතික දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා යාපනය විශ්වවිද්‍යාල සිසුන් අද(17) යාපනය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

තමන් නිදහස් කරන ලෙසට ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක නිරත දේශපාලන සිරකරුවන්ට සහයෝගය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් උපවාසය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසුවේ රජය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට අවස්ථා ගණනාවකදී පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු ඉටු නොකිරීම කණගාටුවට කරුණක් බවයි.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාල සිසුන් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා සමඟ ඊයේ(16) සාකච්ජාවක් පැවැත්වූ අතර, එහිදී ආණ්ඩුකාරවරයා පැවසූවේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට විශ්වවිද්‍යාල සිසුන් වෙත අවස්ථාවක් ලබාදෙන බවයි.

ආණ්ඩුකාරවයාගේ අදාළ පොරොන්දුව නොතකා විශ්වවිද්‍යාල සිසුන් අද(17) දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මාරාන්තික උපවාසය ආරම්භ කරනු ලැබීය.

උපවාසයට එක්වූ විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ දේශපාලන සිරකරුවන් නිදහස් කරනතෙක් තමන් අඛණ්ඩව උපවාසය පවත්වන බවයි.

යාපනය විශ්ව විද්‍යාල සිසුන් 200 ක පමණ පිරිසක් උපවාසයට එක්ව සිටියි.