නව රජය බලයට පත්වීමත් සමග ඉන්ධන මිල අඩුකිරීමට සමාන්තරව හෙට දින එනම් 26 දින මධ්‍යම රාත්‍රියේ සිට 4.2%  බස් ගාස්තු අඩු කරන බවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා  බස් හිමියන් සමඟ සිය අමාත්‍යංශයේ දී ඊයේ පැවැති සාකච්ඡාවකදී ප්‍රකශ කරන ලදී. එමෙන්ම මහජනතාවට උපරිම සහන ලබාදීම නව රජයේ අපේක්ෂාව වන බවත් ඒ මත ප්‍රවාහන සේවය ලාභ ලබන අංශයකට වඩා මහජතාවට සහන ලබාදෙන සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීම තම අරමුණ බවද ඇමැතිවරයා පැවසුවේය.  ඉන්ධන් මිල මේ වන විට 15%ක් පමණ අඩු වී ඇති නමුත් බස් ගාස්තු ගණනය කිරීම සඳහා සලකා බලන සෙසු පිරිවැය කාණ්ඩ එකොලහේම මිලෙහි අඩුවීමක් නොමැති අතර එමනිසා සමස්ත බස්ගාස්තුව සියයට 4.2%අඩු වුවද අවම ගාස්තුවේ කිසිදු වෙනස් සිදු නොවේ.

                  ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා දීමට රජය ගත් පියවර ප්‍රසන්සනීය වේ. බස් සේවාව පොදු ජනතාවට කරන සේවාවකි. බස් ගාස්තුව අඩු කිරීමේ වාසිය වැඩියෙන් දැනෙනුයේ සාමාන්‍ය ජනයා හටය. දරාගත නොහැකි ජිවන වියදම හමුවේ ජිවන අරගලයට මුහුණ දෙන ජනයාහට ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ලබාදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරීම ජනතා අභිලාශ ඉටු කිරීමකි. බස් ගාස්තුව අඩු කිරීමට සමගාමිව ත්‍රීවිල් ගාස්තු හා ළමුන්  ප්‍රවාහනයේදී අය කරන ගාස්තුද අඩු කල යුතුය. ඒ සඳහා ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාළ නියාමන ආයතන අවශ්‍ය පියවර ගත යුතුය.  මේ හරහා වෙනත් ක්ෂේත්‍රවල භාණ්ඩ හා සේවාවන් වල නිෂ්පාදන හා ප්‍රවාහන පිරිවැය අඩුවෙන අතර එහි වාසිය ජනතාවට ලබා දීම ඔවුන්ගේ යුතුකමකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිනපාල පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම් හල් වලින් නිකුත් කරනු ලබන ඉන්ධන මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි මිල රුපියල් 120 දක්වා රුපියල් 10 කින් ද පහළ යනු ඇති බව පහළ දමනු ලබන බවටයි.
Octane 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 125 දක්වා හා Octane 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් එකසිය හතළිස් 149 දක්වා රුපියල් 10 බැගින් අඩුවනු ඇත.
එමෙන්ම ලංකා පෙට්‍රල් ලීටරයක මිල රු.101 දක්වා රුපියල් 5කින් ද Super ඩීසල් ලීටරයක මිල රුපියල් 120 දක්වා රුපියල් 10කින් පහව යනු ඇති බව අග්‍රාමාත්‍යවරයා  විසින් පැවසීය.
ඊයේ දින රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
එමෙන්ම අදාළ අමාත්‍යාංශ විෂය පථය සහ ආයතන ඇතුළත් ගැසට් නිවේදනය ලබන සදුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
තවද නවරජයේ කැබිනට් නොවන රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද සවස ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
ඒ අනුව පත් කෙරුණු කෙරුණු කැබිනට් නොවන අමාත්‍යවරුන් මෙසේය.
හර්ෂ ද සිල්වා මහතා පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය
අජිත් පී. පෙරේරා මහතා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය
සුජීව සේනසිංහ මහාතා විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය
රාජ්‍ය අමාත්‍යවරු,
රන්ජන් රාමනායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
විජයකලා මහේෂ්වරන් මහත්මිය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
ජේ.සී. අලවතුවල මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
ඉරාන් විරක්‍රමරත්න මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය
රංජිත් අලුවිහාරේ මහතා සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
වසන්ත අලුවිහාරේ මහතා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
ලකී ජයවර්ධන මහතා නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
නිරෝෂන් පෙරේරා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
චම්පිකා ප්‍රේමදාස මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
අශෝක අබේසිංහ මහතා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
ෆයිසාල් කාසීම් මහතා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
එච්.එම්.එම්. හාරීස් මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
අමීර් අලී මහතා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
දිල්ප් වෙදආරච්චි මහතා ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ඒ. ඉසෙඞ්.එම්. සෙයිඞ් මහතා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
වඩිවෙල් සුරේෂ් මහතා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
නියෝජ්‍ය අමාත්‍යවරු,
අනෝමා ගමගේ මහත්මිය ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
එඞ්වඞ් ගුණසේකර මහතා ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු, නියෝජ්‍ය අමාත්‍ය
නලින් බණ්ඩාර ජයමහ මහතා සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය
අජිත් මාන්ප්පෙරුම මහතා පරිසර නියෝජ්‍ය අමාත්‍ය
කරුණාරත්න පරණවිතාන මහතා නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
බුද්ධික පතිරණ මහතා කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය

වව්නියාව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකින් අනතුරුව වව්නියාවපුන්තෝට්ටම් ප්රදේශයේදී කේරල ගංජා සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොලීසිය විසින් ඇය සතුව තිබී කේරල ගංජා කිලෝග්‍රැම් 01යි ග්‍රෑම් 330ක් සොයාගෙන තිබෙන අතර සැකකාරිය 35 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචිව කාන්තාවකි.

සැකකරු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ලබන වසරේ මුල් මාස හත ර තුළ දිවයිනේ ඖෂධ හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බවයි.
මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය වන්නේ ණයවර ලිපි නිකුත් කර ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුවයි.
රට තුළ පැවැති දේශපාලන තත්වය නිසා ඖෂධ ඇඳුම් නවුම් කිරීම සඳහා ප්‍රසම්පාදන ලබාදීමේ ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම මෙම ඖෂධ හිඟය ඇතිවීමට හේතු විය හැකි බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
එලෙස ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති වීම ඖෂධ සැපයීමේ ප්‍රමාද වීමට තවත් හේතුවක් විය හැකි බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා පෙන්වා දෙනවා.
එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කරමින් පැවසුවේ සෞඛ්‍යය අමාත්‍ය ධූරය සඳහා රාජිත සේනාරත්න යළි පත් නොකරන ලෙසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් රුපියල් මිලියන 12 කට අධික වටිනා වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල පුද්ගලයින් දෙදෙනා  විසින් අදාල වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ ග්‍රෑම් 01ක් ත්‍රිරෝද රථයකින්  ප්‍රවාහනය කරමින් සිටින විටදී නුගේගොඩ පාගොඩ ප්‍රදේශයේ දී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නව වැඩපිළිවෙලේ පළමු අදියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ආරම්භ කිරීමට නියමිත අතර, දෙසැම්බර් මස 17 වන දින පටන් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමේ දී එම පළාත්වල ජනතාව උක්ත ප්‍රමිතියට අනුව ඡායාරූප ලබා ගත යුතුයි.
ඡායාරූප ලබා ගැනීමේ දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organization) ප්‍රමිතියට අනුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් තීරණය  කර තිබේ.
 මෙම ක්‍රමවේදයට අනුව ඡායාරූපය ඉල්ලුම්කරු වෙත ලබා නොදෙන අතර යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි QR  code සහිත ඡායාරූපය මුදු්‍රණය කරන ලද ලදුපතක් ඡායාරූපාගාරය විසින් ඉල්ලුම්කරු වෙත නිකුත් කරනු ලැබේ.
 අදාල ඡායාරූපය වලංගු වන්නේ එය ලබාගත් දින සිට මාස හයක් පමණි.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූපගාර මගින් පමණක් මෙම ඡායාරූප ලබාගත් හැකි අතර ඒ පිළිබඳ විස්තර අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ශාඛා  කාර්යාලයෙන් දැනගත හැක.

නිහතමානී සුන්දර කලාකරුවකු වූ උපාලි කන්නන්ගර මහතා ඉතා අසාධ්‍ය තත්වයෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි..

දුම්බර මිටියාවත පැත්තේ ..
පාරට කිට්ටුව දෙල් ගහ මුදුනේ..
ගෙලෙහි රන් මාල දා  හැඩවි..
ඉවසිල්ලක් නෑ දකින තුරා වැනි..

වැනි ගීතවලින් ප්‍රසංග වේදිකාව මුසපත් කළ ප්‍රවීණ ගායන ශිල්පී ,  සංගීතවේදී උපාලි කන්නංගර මහතාගේ සුවහසක් රසික රසිකාවියන්ට මේ පුවත දෑසට කඳුළු ගෙන එන්නක් ..

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් මහතා අදහස් දක්වමින්,

“මේ මොහොතේ උපාලි ඉතා අසාධ්‍ය තත්වයෙන් පසු වන්නේ ..kidney liver දෙකම මැෂින් වලින් තමයි වැඩ කරන්නෙ.. වෛද්‍යවරු කරන්න පුළුවන් උපරිමයෙන් ප්‍රතිකාර කරනවා.
ගෙදර අයට ,රසික ජනතාවට කියලා තියෙන්නේ බෝධි පූජා කරන්න ,දෙවියන්ට යාඥා කරන්න.. අපිට ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඒවා..  පෙර පිනක්, ප්‍රාතිහාරයක් ඔහු සුවය ලැබීම..ඉතිං දොස්තරවරු නිරන්තරයෙන් ඔහු ගැන ඉතාම පරීක්ෂාවෙන් ඉන්නේ .. දින තුනක් තිස්සේ …අපිත් ඔහු ගැන අවධානයෙන් තමයි නිරතුරුවම සිටින්නේ .. ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ..”

සොඳුරු කලාකරුවාණෙනි, bostonlanka අපි ඔබට තෙරුවන් සරණින්, දෙවියන්ගේ රැකවරණයෙන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.!

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෝදර අලුත් මාවතේ පිහිටි royal garden  නිවාස සංකීර්ණයක් ආසන්නයේදී වෙඩි තැබීම්ක් සිදු කර තිබෙනවා.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (10) දින සවස 3.00 ට පමණ මෝදර අලුත් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයක් ආසන්නයේදී.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු සහ 58 හැවිරිදි කාන්තාවක් තුවාල ලබා ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ  කොළ පැහැති  ත්‍රිරෝද රථයකින් ගමන්ගත් පිරිසක්ය.
ජෝර්ජියාවේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට විරුද්ධව එරට වැසියන් ගණනාවක් වීදි බැස තිබෙනවා.
මෙය එරට ජනාධිපති ධුරයට ප්‍රථමවරට කාන්තාවක් තේරී පත්වූ අවස්ථාව ලෙස සුවිශේෂී වන අතර මෙම මැතිවරණ ප්‍රතිඵලය එරට තුළ දැඩි අර්බුද අර්බුදකාරී තත්ත්වයන්ට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙලෙසින් මැතිවරණයේ ජයග්‍රහණය හෝ සියයට 59% ක ඡන්ද ප්‍රතිඵල ප්‍රතිශතයකින් ජයග්‍රහණය කළ Salome Zurabishvili ට එරෙහිව Giorgi Kvirikashvili  ට ලබාගත් හැකිවූයේ 40% ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.