ශ්‍රී ලාංකිකයන් සිය 70 වන නිදහස් දිනය සමරද්දී  ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පිරිසකට සිය නිල ඇඳුමේ තිබූ සිංහ ධජය සහ ගෙල පෙන්වා සිදු කළ අභිනය හේතුවෙන් බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ශ්‍රී ලාංකිකයන් අතර දැඩි කතාබහට ලක් වූ අතර ඔහු වෙනුවෙන් හඩ නැගීමට ලාංකිකයන් බොහෝ දෙනෙකු ඉදිරිපත් විය. එම  මතභේදාත්මක සිදුවීමෙන් පසු බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාගේ සේවය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටවූ අතර පසුව ජනාධිපතිවරයාගේ නියෝග මත ඔහු යළිත් එම රාජකාරීවල පිහිටවනු ලැබුවාය. එකී සිද්ධිය පදනම් කරගනිමින් කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවඔහුට විරුද්ධව බ්‍රිතාන්‍ය වෙස්මිනිස්ටර් අධිකරණයේ නඩු පවරනු ලැබූ අතර ඉකුත් 17 වැනිදා එම අධිකරණය විසින් මෙම නඩුව ජනවාරි 21 දා එනම් අද දින විභාගයට ගැනීමට කටයුතු කරන ලදී.

ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකුට එරෙහිව බි‍්‍රතාන්‍ය අධිකරණයක් ඉදිරියේ පැවරූ මුල්ම නඩුව මෙයයි. බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයාය. 2018 ජනවාරි 4 දින ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය අසලදී බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා හස්ත සංඥාවක් මගින් මරණීය තර්ජන එල්ල කිරීම සහ යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඔහුට මෙම නඩුව පවරා ඇති අතර මේ නඩුවේ පැමිණිලිකරුවන්නේ මජුරන් සතානන්දන්ය. ඔහු ලන්ඩන් නුවර ප්‍රධාන පෙළේ දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන්නෙකි. කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගනු ලැබුවද කොටි සංවිධානයේ අරමුණු වෙනුවෙන් පෙනී සිටින දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ සාමයට, ඒකීයභාවයටනිදහසට මෙන් ම ඉදිරි ගමනට බාධාවකි. කොටි  ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමට අප සමත් වුවද දෙමළ ඩයස්පොරාවෙන් රට බෙරා ගැනීමට නොහැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස සතානන්දන් වැන්නන් තවත් බිහිවනු ඇත. රට ජාතිය බේරාගත් රණවිරුවන් දෙමළ ඩයස්පෝරාවේ දඩයමට ලක්විය යුතු නැත. රණවිරුවන් වෙනුවෙන් ජාත්‍යන්තරය තුළ හඩක් නැගීම රජයේ වගකීමක් මෙන්ම යුතුකමකි. දෙමළ ඩයස්පෝරාවෙන් රට බෙරා ගැනීමට ජාතියක් ලෙස අප එක් විය යුතුය. එය වටහාගෙන කටයුතු කරන්නේ නම් දෙමළ ඩයස්පෝරාවට කිසිදිනක අපව පරාජය කළ නොහැකි ය.

සටහන – පබසරා රාජකරුණා 

”දස ලක්ෂපති කාර් ප්ලස්” සහ ”ගැලැක්සි ස්ටාර්”

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දස ලක්ෂපති කාර් ප්ලස්” සහ ගැලැක්සි ස්ටාර්” යන ලොතරැයි දෙක නවත්වා ඇතැයි ලොතරැයි  මණ්ඩලය සදහන් කලා.

ඒවා වෙළෙඳපොළට නිකුත් නොකිරීමට ප්‍රධාන හේතුව මෙම ලොතරැයිපත් දෙකේ අලෙවිය ප්‍රමාණවත් නොවීම බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසනවා.

ගැලැක්සි ස්ටාර්” ලොතරැයිය 2015 වසරේදී ආරම්භ කෙරුණු අතර දස ලක්ෂපති කාර් ප්ලස්” ලොතරැයිය  ආරම්භ වුයේ 2017 වසරේදී.

මේ අතර බදාදා දිනවල දිනුම් අදිනු ලැබූ දස ලක්ෂපති කාර් ප්ලස් ලොතරැයිය වෙනුවට එදින සංවර්ධන වාසනා ලොතරැයියද ඉරිදා දිනුම් අදිනු ලැබූ ගැලැක්සි ස්ටර් ලොතරැයිය වෙනුවට සුපර්බෝල් ලොතරැයියද දිනුම් ඇදීම සිදුකරන බවද සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසනවා.

නව නගරයේ දෙවන අදියර සඳහා සුදානම්

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කිරීම අද සිදුවුණා.

අද පැවති පැවති උත්සවයකදී වැලි කැණිමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදු වුණා.

 හෙක්ටයාර් 269ක බිම් ප‍්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කොට ඇති අතර නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලූ කටයුතු සුදානම්.

මෙම උත්සවයට අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවකචීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) එක් ව සිටියා.

 වරාය නගරයේ ඡායාරූප කිහිපයක් පහතින්.

49895792_2264698233811682_3479166961391239168_o 50029887_2264700497144789_1855748209167564800_o 50072382_2264698783811627_4205460894810898432_o 50085522_2264700017144837_6489006100271071232_o 50217118_2264700070478165_9076638864348545024_o 50220963_2264700253811480_3916014871115726848_o 50254854_2264699397144899_6662443193285476352_o 50570734_2264700150478157_6128532797947641856_o 50728517_2264698860478286_5732061459161022464_o 50801797_2264698290478343_8434517712880795648_o

2019 වර්ෂය සදහා සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ පාසැල් දරුවනට ඉහළ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවන් වැඩි කිරීමටඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කටයුතු කර ඇත. එතුමාගේ මග පෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය එයට අවශ්‍ය සියලු කටයුතු යොදා ඇති අතර පෙර වර්ෂයන් හි මෙම රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සියල්ල සැලකිල්ලට ගනිමින් රජය විසින් අවම වියදමක් යොදවා පාසැල් දරුවන් වෙත වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි නව යෝජනාවන් සකස් කිරීමට නියමිතය. 

2017 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවලිය මගින් පළමු වරට දැයේ දරුවන් සදා සුරකින” තේමාව යටතේ  “සුරක්ෂා” රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම සිදු කර අතර ඒ හරහා පාසැල් සිසුන් ලක්ෂ45 ක් වෙත සුරක්ෂා සිසු රක්ෂණාවරණය හිමි විය. ඒ අනුව පාසල් දරුවන් වෙත පෙළ පොත්නිල ඇඳුම් සහ උදෑසන ආහාර නොමිලේ ලබා දීම ඇතුළු ප්‍රගතිශීලී පියවර රාශියට අමතරව සුරක්ෂා රක්ෂණාවරණය ලබා දීම ද 2017 වසරේ සිට ඇතුළත් විය.  මෙහි ප්‍රධාන අරමුණු වන්නේ ලෙඩ රෝගඅනතුරු හා ආබාධ තත්ත්ව වලදී සිසුන් කඩිනම් ප්‍රතිකාර සඳහා යොමු කිරීම හරහා  පාසල් වෙත සිසුන් පැමිණීමේ ප්‍රතිශතය ඉහළ  නැංවීමත් වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපනය සඳහා  සිසුන් යොමු කිරීමත් ආබාධ තත්ත්වවල දී ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර සඳහා සිසුන් යොමු කිරීමත් දැක්විය හැකිය.  සියලු  රාජ්‍ය  පාසල්, ජාත්‍යන්තර පාසල් සහ ආධාර ලබන හෝ නොලබන පෞද්ගලික පාසල්පිරිවෙන්උපකෘත පාසල්  ඇතුළු සියලුම අධ්‍යාපන ආයතනවල  ලියාපදිංචි වී පළමුවන ශ්‍රේණියේ සිට දහතුන් වන ශ්‍රේණිය දක්වා ශ්‍රේණිවල සහ වි‍ශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනුම ලබන වයස අවුරුදු 5ත් 19ත් අතර වයස් සීමාවේ පසු වන සියලු ම සිසුන් මෙහි ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබයි.

 සටහන- පබසරා රාජකරුණා

නව ලග්ගල නගරය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08දින පෙරවරුවේ ජනතා අයිතියට පත් කරන ලදී. ඒ සදහා පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු,පළාත් ප්‍රධාන අමාත්‍යවරු සහ රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ජනාධිපතිතුමා සමග එක් විය.

මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතිය යටතේ කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට නවීන පහසුකමිවලින් සමන්විතව, කළුගඟ ජලාශයට නුදුරින් නව ලග්ගල නගරය ඉදිකර ඇත. මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද අතර  අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර ඇත. මේ සදහා යෙදවූ  මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි. දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසට මෙම ව්‍යාපෘතිය දැක්විය හැකිය.

 නව ලග්ගල නගරය තුළ රාජ්‍ය ආයතන බොහොමයක් දැකගත හැකි වන අතර ඒවා එකිනෙකට සම්බන්ධ වෙන ආකරයෙන් ස්ථාන ගත කර ඇත. එමෙන්ම ලග්ගල නව හරිත නගරයේ නව ප්‍රාදේශීය රෝහල ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින පෙරවරුවේ ජනතා අයිතියට පවරා දීම සිදුවිය.

සටහන- පබසරා රාජකරුණා

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් ඉකුත් 03 දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා විසින් අවධාරණය කර සිටියේ රාජ්‍ය සංස්ථාව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුථ රාජ්‍ය ව්‍යවසායයන් සදහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පත්කිරීමේ දී ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛණයට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන බවයි.

ඒ අනුව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව 2018.12.31 දින නිකුත් කර ඇති චක්‍රලේඛණයට අනුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. රාජ්‍ය ආයතන සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේදී ඔවුන්ගේ සුදුසුකම් නිරීක්ෂණය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කරන ලදී. එහි සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඩබ්. එස්. කරුණාරත්නඅගමැතිවරයා විසින් පත් කරන ලද නියෝජිතයන් දෙදෙනෙක් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නියෝජිතයෙක් කටයුතු කරනු ලබයි. එමෙන්ම දැනට පත් කරන ලද සභාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ද සුදුසුකම් නිර්ක්ෂණය කර අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ගේ නම් එම කමිටුව වෙත යොමු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

පළාත් 5 ක් සදහා නව ආණ්ඩුකාරවරු අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය. ඉකුත් 31 දිනට පෙර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇති අතර ඒ හරහා පුරප්පාඩු  වූ ආණ්ඩුකාර ධුරයන් සදහා මෙම පත්කිරීම් සිදු කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා ද,

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සතේන්ද්‍ර මෛත්‍රී ගුණරත්න මහතා ද,

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සරත් ඒකනායක මහතා ද,

වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේෂල ජයරත්න බණ්ඩාර මහතා ද,

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ද

මෙලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

වයස අවුරුදු හතළිස් දෙකක පුද්ගලයෙකු සහ ඔහුගේ වයස අවුරුදු  දාහතරක ඥාතීන් පිරිමි දරුවකු අද උදේ උදෑසන මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ අනුරාධපුර මානිංගමුව ප්‍රදේශයේ  ගවයින් බැඳීම් සඳහා බදින ලද තුවක්කුවක් පත්තු වීමෙනුයි.
ප්‍රදේශවාසීන් විසින් වෙඩි වැදීමවෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් තන්තිරිමලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
මහා සංඝරත්නය සහ ජනාධිපති ගරු මෛත්‍රීපාලපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ත් හෙට පෙරවරුවේ මාතලේ අලුවිහාරයේ දී මෙලෙසින් ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික  මහෝත්සවය යෙදී තිබෙනවා.
තෙවැනි ධර්ම සංගායනාවවේ දී සූත්‍ර පිටකය , විනය පිටකය, සහ අභිධර්ම පිටකය වශයෙන් පූර්ණත්වයට පත් ථෙරවාදී ත්‍රිපිටකය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී මහින්දාගමනයේ  ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවට උරුම වූ අතර මෙසේ උරුම වූ සම්බුදු දහම රාජ්‍ය ගෞරවය ලබමින් ශතවර්ෂ ගණනාවක් ශ්‍රී ලංකාවේ පෝෂණය වී තිබේ.
මහරහතුන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් ශතවර්ෂ ගණනාවක් පුරා විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැකගෙන ආ ත්‍රිපිටකය ලෝකේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඪ කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ පලවෙනි සියවසේ මාතර අළුවිහාරයේ දී බව සඳහන්වේ.
මෙම ඓතිහාසික අවස්ථාවට පසුව වර්ෂ 1956 දී විශේෂ ව්‍යාපෘතියක් ලෙස  මුද්‍රණය කෙරුණු අතර ඉන්නන් අනතුරුව එළඹෙන ඓතිහාසික වැදගත්ම අවස්ථාව මෙයයි.
2000කට අධික ස්වාමීන් වහන්සේලා පිරිසක්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍ය මහා මහෝත්සවය හේතුවෙන් රාජ්‍ය ආයතන විහාරස්ථාන සහ නිවෙස් වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය ඉල්ලීමක් කරයි.

නව ආණ්ඩුව පිහිටුවා ඇමති මණ්ඩලයක් පත්කළත් තමන්ට කැබිනට් ඇමතිකමක් නොලැබුණු නිසා මාසයක් තුළ එම ප්‍රශ්නය නොවිසඳුනහොත් තීරණයක් ගැනීමට සිදුවන බව පාලිත රංගේ බංඩාර මන්ත්‍රීවරයා ආණමඩුව නාගවිල සේරුකැලේ ප්‍රදේශයේ ජනතාවට ගම් පෙරලිය යටතේ භාන්ඩ ලබාදීමේ උත්සවයකට සහභාගී වෙමින් පැවති ජන හමුවකදී ප්‍රකශ කරන ලදී. වැඩිදුරටත් අදහස් දක්වමින්  මන්ත්‍රීවරයා පවසා සිටියේ තමාට නියෝජ්‍ය, රාජ්‍ය හෝ කැබිනට් නොවන ඇමතිකමක් අවශ්‍ය නොවන අතර තමාට කැබිනට් ඇමතිකමක්ම අවශ්‍යවන බවත් තමන් නොසිටින්න ආණ්ඩුවක් හෝ යු එන්පියක් නොමැති බවයි. රංගේ බණ්ඩාර තමයි හැරවුම් ලක්ෂය. රංගේ බණ්ඩාර තමයි කෙලින් මිනිහා, එක්කෙනෙකුටවත් කොන්ද කෙලින් තිබුණේ නැහැ හෙළිකරන්න. රංගේ බණ්ඩාර මේක හෙළිකළා, රංගේ බණ්ඩාර එඩිතර නිර්භීත අවංක මිනිහා කියලා රටේ හැම තැනම කියනවා. අර කෝටි පනහත් අරගෙන ඇමතිකමකුත් අරගෙන ඇයි එස් බීට එකතු වුණේ නැත්තෙ එහෙම කරන්න තිබුණා නේද? ඇයි එහෙම නොකලේ කියලා හැමෝම අහනවා යනුවෙන් ඔහු ප්‍රකාශ කරන ලදී.

                  පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එස් බී  දිසානායක මහතා අතර සිදුවූවා යැයි කියන සංවාදයක හඬ පටයක් මාධ්‍ය වෙත මුදාහරින ලද අතර එය සමාජ ජාල වෙබ් අඩවි  තුළ රංගේ එන්නේ නැද්ද යනුවෙන් ප්‍රසිද්ධියට පත් විය. පාලිත රංගේ බණ්ඩාර මහතා සිය පිල වෙනස් කර තම පිලට එක්වන්නේ නම් කැබිනට් ඇමතිකමක් ලබාදෙන බව පවසමින් එස් බී දිසානායක මහතා විසින් දෙන ලද දුරකථන ඇමතුමට අදාළ එම හඩ පටය හරහා දේශපාලන කුමන්ත්‍රණයක තොරතුරු අනාවරණය විය.

                  පෙනීයන අන්දමට රංගේ බණ්ඩාර මහතා තමන්ට ඇමති ධුරයක් නොලැබීම සම්බන්ධයෙන්  සිටින්නේ අප්‍රසාදයෙනි. ජනතාවරමින් පාර්ලිමේන්තුවට පත්වෙන පුද්ගලයින් ඉක්බිතිව ජනතාව අමතක කර සිය පෞද්ගලික අපේක්ෂාවන්  වෙනුවෙන් කටයතු කරන තත්ත්වයක් වර්තමානය වන විට උදා වී ඇත. මහජන නියෝජිතයන් තනතුරු හා වරප්‍රසාද හමුවේ සිය පාක්ෂිකයන් අතරමන් කිරීම වර්තමානයේ පොදු තත්ත්වයකි. ආණ්ඩුවක් කටයුතු කළ යුත්තේ පොදු ජනතාව දෙස අවධනය යොමු කරමින් මිස තම සාමාජිකයන් පමණක් සතුටු කිරීම නොවන බව මහජන නියෝජිතයන් දැනගත යුතුය.

සටහන – පබසරා රාජකරුණා