විජය කුමාරතුංගයන් සමුගෙන 31 වසරක්….

ලාංකීය සිනමාවේ සිහින කුමරා ලෙස ජනාදරයට පාත්‍ර වූ විජය කුමාරතුංගයන්ගේ අමරණීය කටහඬ අපට අහිමි වී අදට වසර 31ක් වනවා.

1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලැබූ විජය කලා ලොවට පිවිසුනේ1967 වසරේදී.

හන්තානේ කතාව’ තුළින් සිය රංගන හැකියාවන් පෙන්වා පසු කාලයේදී අසීමිත ජනප‍්‍රියත්වයක් ලැබූ විජය හැත්තෑව දශකයේදී ලාංකේය සිනමා කර්මාන්තය ඉහළට ඔසවා තබන්නට දැක්වූ දායකත්වය අතිමහත්.

රිදී තිරයේ සිහින කුමරා ලෙස අභිශේක ලැබූ විජය විටෙක ජනකාන්ත ගායකයෙකු ද වුණා.

සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළ විජය ඒකීය ශ්‍රී ලංකාවක්ජාතීන් අතර සමගියෙන් යුත් සමානාත්මතා සමාජයක් වෙනුවෙන් පෙනී සිටි‍මින් ඒ වෙනුවෙන් මුලු ජීවිතයම කැප කළා.

ජනකාන්ත නළුවකු මෙන්ම ප්‍රතිභාපූර්ණ ගායකු හා මානව හිතවාදී දේශපාලඥයකු වූ විජය කුමාරතුංගයන් 1988 වසරේ අද වැනි දිනෙක කිරුළපන පොල්හේන්ගොඩදී ඝාතනයට ලක් වුණා.

ලක්ෂ සංඛ්‍යාත සහෘදයන්ගේ සෝ සුසුම්දුක් කඳුළු මැද ඔහු මෙලොව හැර ගියද විජයගේ මිහිරි මතකයන් සදා අමරණීය වනු ඇත.

1 (3) (9)1 (2) (8)1 (1) (8)

පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ…

පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ…

පේරාදෙණිය සහ මොරටුව විශ්වවිද්‍යාලවල ශාඛා මාලදිවයිනේ පිහිටුවීමට එම රටේ ජනාධිපතිවරයා එකඟතාව පළ කොට ඇතැයි වාර්තාවනවා.

ඉතිහාසයේ පළමුවරටයි ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශාඛා පිටරටක පිහිටු වීමට ලැබීම මෙලෙසින් සිදුවන්නේ.

මාලදිවයිනේ ජනපතිවරයා නොබෝදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ජනපති සහ අගමැති සමඟ පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා කරන ලද යෝජනාවකට අනුව මාලදිවයිනේ ජනාධිපති විසින් මෙම ව්‍යාපෘතිය සඳහා එකඟත්වය පළ කර මාලදිවයිනේ තනි දූපතක් මේ සදහා ලබා දීමට පොරොන්දු වූ බව වාර්තා වනවා.

එහි සිටින ශිෂ්‍යයන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යපන කටයුතු හදාරා අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ එම පාඨමාලාව සම්පූර්ණ කරනු ඇති. 

කුඹුරු සිතියම්ගත කෙරේ….

මෙරට කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින්.

ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව නිවැරදි දත්ත නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලය පුරා කෘෂිකර්ම කේෂ්ත්‍රයේ පැවති ගැටළු සදහා විසදුම් ලබාදීමට හැකියාවක් පැවතියේ නැහැ.

ඒ අනුව වර්ල්ඩ් වීව් ටූ ඇමරිකානු චන්ද්‍රිකාව මගින් ලබාගන්නා දත්ත ඔස්සේ කුඹුරු සිතියම්ගත කිරිම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

මේ වන විට යාපනය,ගම්පහ,මාතලේ දිස්ත්‍රික්කවල කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිතියම්ගත කිරීම සිදු කර ඇති අතර මේ සදහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5ක්.

නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයින් 2522ක්

නීති විරෝධී ලෙස විදුලිය ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය වසර තුළ සිදුකරන ලද වැටලීම්වලදී රුපියල් මිලියන 130කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අයකරගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය දීප ව්‍යාතප්තව සිදුකරන ලද වැටලීම්වලදී එම වසර තුළ නීති විරෝධීව විදුලිය ලබාගත් පුද්ගලයින් 2522 දෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වී ඇති බව එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මීටර් වෙනස් කර විදුලිය ලබාගැනීම් සම්බන්ධ සිද්ධීන් 2269ක් සහ කොකු යොදා අනවසර ලෙස විදුලිය ලබාගැනීමේ සිද්ධීන් 253ක් ඒ අතර වන බව සදහන්.

එහිදී එම පුද්ගලයින්ගෙන් විදුලිබල මණ්ඩලයට වු අලාභය ලෙස 12 කෝටි එක්ලක්ෂ 34,324ක මුදලක් සහ නඩු ගාස්තු ලෙස එක් කෝටි එක් ලක්ෂ 51500ක මුදලක් අයකරගෙන තිබෙනවා.

වංචනික ලෙස විදුලිය පරිහරණය කිරීමේ සිද්ධීන් පිළිබඳ අඛණ්ඩව වැටලීම් සිදුකෙරෙන අතර ඒ සම්බන්ධයෙන් 0112 422 259 යන දුරකථන අංකයට හෝ 1901 සහ 1987 යන ක්ෂණික දුරකථන අංක වෙත දැනුම්දිය හැකියි.

ශිල්පී රයන්ගේ මොටර් රථය කේරල ගංජා සමඟ පොලීසියට හසු වෙයි

පසුගියදා ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්‍රධාන පෙළේ පාතාල සමාජිකයෙකු වු මාකදුරේ මධුෂ් සමඟ සිටි රංගන ශිල්පියෙකුවන රයන් වැන් රොවන් භාවිතා කළ මෝටර් රථය සවස වැලිගම මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය මගින් සොයා ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය හමුවු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ අමිල ප්‍රසංග හෙට්ටිහේවා නොහොත් මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලිස් විසින් අත්අඩංගුවට ගත් සුරන්ජි සුද්දා නැමැති පුද්ගලයා බවට හෙළි ව තිබෙනවා.

රංගන ශිල්පි රයන් වැන් රොවන් විදේශ ගත විමට පෙර දින කිහිපයක සිට සුරන්ජි සුද්දාට අයත් මෙම හෝටලයේ නැවති සිට දෙදෙනා හා එක්ව විදේශ ගත වි ඇති බව පොලීසිය සිදු කළ මුලික පරික්ෂන වලදි අනාවරණය වි ඇත්තේ.

වැලිගම පොලිසිය විසින් සුරන්ජි සුද්දාගේ වැඩිමහල් සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කොට ගෙන ඇති අතර ඒහිදි ඔහු කියා ඇත්තේ මෙම මෝටර් රථය රයන් වැන් රොවන් පැමිණි මෝටර් රථය බවයි.

මෙම මෝටර් රථය පරික්ෂා කිරිමේදි මෝටර් රථයේ තිබි කේරල ගංජා මිලිග්‍රම්  5,750 ක ප්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.

පොලිසිය විසින් අනාවරණය කර ගෙන තිබෙන්නේ මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් මෝටර් රථයක් බවටයි

මදුෂ් අත්අඩංගුවට

ඩුබායිහි තරු හයේ හෝටලයකදී පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු එරට පොලිසියට කොටුවීමේ සිදුවීම පිළබඳ නවතම වාර්තා ලැබෙමින් පවතිනවා.

එම වැටළීමේදී ප්‍රකට ගායක අමල් පෙරේරා හා ඔහුගේ පුත් නවක ගායක නදීමාල් පෙරේරා මෙන්ම දෙවැනි ඉනිම ටෙලිනාට්‍යය නිසා ප්‍රකට වූ එහි ලයනල් සර්ට රඟපෑ ටෙලිනළු රයන් වැන්රෝයන්ද
සිටීම විශේෂත්වයක්.

මෙම පිරිස අත්අඩංගුවට පත්වන්නේ මාකඳුරේ මදුෂ්ගේ එක් පුතෙකුගේ උපන්දිනය වෙනුවෙන් ඩුබායිහි පිහිටි තරු හෝටලයක පවත්වමින් තිබුන සාදයක් අතරතුරයි.

සාදයේ ගීත ගැයීම හා නර්තන අංග සඳහා මාකඳුරේ මදුෂ් හා සමීප ඇසුරක් පවත්වන පෙරකී කලා ශිල්පීන් පැමිණෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
අත්අඩංගුවට පත් පිරිස අතර සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නැමැත්තා සමග කංජිමාන් ඉම්රාන්කෙසෙල්වත්තේ දිනුක,අංගොඩ සුද්දා සහ රනාලේ චුට්ටා යන පාතාල ප්‍රබලයින් 5 දෙනෙක් නිශ්චිත වශයෙන් සිට ඇති අතර ඉතිරි 20 ක පිරිස අවස්ථාව සඳහා ආරාධනා ලද අය හා පාතාල සහචරයින් ලෙස හැසිරෙන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තාවනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකයේ කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් හා හෙරොයින් තොගයක් තිබී ඇති බව වාර්තා වුණා.
මෙම වැටළීම ලංකාවට අවශ්‍යව සිටි සැකකරුවෙකු වෙනුවෙන් ඩුබායි මෙට්‍රො පොලිසිය සමග ලංකාවේ විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව සිදු කරන ලද්දක් වන අතර අත්අඩංගුවට පත්කිරීම හා එහිදී හසුකරගත් දෑ පිලිබඳ මූලික විමර්ශනය එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ නීතිරීති අනුව සිදුවනු ඇතැයි වාර්තාවනවා.

එරට නීති අනුව මත්ද්‍රව්‍ය සමග හසුවීම මරණීය දණ්ඩනයට යටත්වන වරදක් වන අතර ඉතා කෙටි කාලයකින් එම තීන්දුව ලබාදීමේ ක්‍රමවේදයක්ද පවතිනවා. මෙරට සිදුවූ අපරාධ රැසකට අවශ්‍යව සිටින මෙම පාතාල නායකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සැකකරුවන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බවද වාර්තා වනවා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ අපරාධ, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය නාශක දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ ඍජු අධීක්‍ෂණය හා උපදෙස් මත මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරෙනවා.
අත්අඩංගුවට පත්වීමෙන් පසු සියල්ලන් හෝටල් කාමරයක ඉන්දවා ලබා ගත් ජංගම දුරකථන ඡායාරූප කිහිපයක් පහතින්

51361415_10156943312738550_8265401232412114944_n (1) 51607254_10156943288588550_6843507637116469248_n43408181_1949902431736922_3494277790209933312_n

අද (04) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ තමා අමාත්‍යධුරයකට නිර්දේශ වී සිටියදී එය ලබා නොදීමත්, ෆීල්ඩ් මාර්ෂල් තනතුරට ලැබිය යුතු ගෞරවය නොලැබීමත් යන හේතු මත අද ජාතික දින සැමරුම් උලෙළට සහභාගි නොවුණු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඔහුගේ නිදහස  ආරක්ෂා නොවන තැනකට ගොස් රටේ නිදහස ගැන කථා කිරීමට නොහැකි බවයි.
ෆීල්ඩ් මාර්ෂල් නිලයට ගරු නොකරන සහ හමුදා විනය කඩකරන ස්ථානයක ගොස්  සිටීමට නොහැකි නිසාවෙන්  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික දින සැමරුම් උලෙළ වර්ජනය කළ බව පැවසීය.
එමෙන්ම මෙවැනි සිදුවීම් පිටුපස දේශපාලන හස්තයක් ඇති බවත්  මීට පෙර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිටි ස්ථානයේ  අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිටින බවත් මේ වැනි හේතු නිසා අද ජාතික දින සැමරුම් වර්ජනය කළ බව එතුමා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුර අඩු කළ හැකි බැවින් එවැන් තත්ත්වයක් වලක්වා ගැනීම ජාතික ආණ්ඩු යෝජනාවේ අරමුණ බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

මත්පැන් මිල ඉහළට….

දේශීය මත්පැන් බෝතලයක මිල 27දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමා තිබෙනවා.

වෙළදපොළ ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා ඩිස්ටලරිස් සමාගම සිය මත්පැන් බෝතලයක මිල රු. 10/- කින් ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව මත්පැන් භාගය සහ කාල බෝතලයක මිලද රු. 20 බැගින් ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ක්‍රියාත්මක කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුලදී මේ ආකාරයෙන් මත්පැන් මිල ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදනය කරන සමාගම් පියවර ගැනීම සුවිශේෂ කරුණක්.

රවීන්ද්‍ර යසස් හදිසි අනතුරක….

රාජ කපුරු වැනි වේදිකා නාට්‍ය ඔස්සේ රසික හදවත් දිනාගත් ප්‍රකට වේදිකා නළු හා පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් කුමානායක අද උදෑසන 4.45 ට පමණ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ ගම්මංපිල ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු ගමන් ගත් වාහනයේ වේගය පාලනය කරගත නොහැකිව අසල ගසක හැපීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් තුවාල ලත් ඔහු දැනට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි හෙළි කර තිබෙන අතර වාහනයට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.

1 (3) (6)1 (2) (5)

 

 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප‍්‍රකාශයට පත් කිරීම 21වන දින පෙරවරුවේ මුලතිව්හි විදනන්ද විද්‍යාලයේදී  සිදු කරන ලදී. ඒ අනුව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලබන 28වැනිදා දක්වා කි‍්‍රයාවට නංවා තිබෙන අතර ඒ යටතේ ප‍්‍රධාන වැඩසටහනක් ලෙස ජනවාරි 21 වැනිදා සිට 25 වැනිදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය කි‍්‍රයාත්මක කරනු ලබයි. මත්ද්‍රව්‍ය නිවාරණය දරුවන්ගේ ඉගෙන ගනිමු යන තේමාව යටත් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙල රටේ සැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි නිර්මාණය කර ඇත. මේ හරහා පන්ති කාමරය තුළ දරුවන් හා දෙමාපියන් දැනුවත්  කිරීමේ වැඩසටහන්, මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති රීති හා මත්ද්‍රව්‍ය නිවාරණ පණිවිඩ ප්‍රචලිත කිරීම හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සිදු කරනු ලබයි. උත්සවය අමතමින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට රජය ගත් තීරණය කුමන අන්දමකින්වත් වෙනස් නොකරන බවයි.

 පාසැල් දරුවන් මත් උවදුරෙන් මුදවා ගැනීම සදහා මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍යයි. මේ හරහා දුම්වැටි මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය සදහා පාසල් ළමුන් පෙළබවිම අවම කරගත හැකි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිවු වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ අගය කළ යුතුය. පසුගිය දා ජනාධිපතිවරයා පිලිපීන සංචාරයක නිරත වූ අතර ඔහුගේ ඉල්ලීම පරිදි ශී‍්‍ර ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පිලිපීන රජය සිය  සහය ලබා දීමට  කැමැත්ත පල කරමින් ඒ සදහා අවශ්‍ය තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් දිවයිනට පැමිණීමට නියමිතයි.මත් උවදුර තුරන් කිරීම ලෙහෙසි නැත. මත්ද්‍රව්‍ය ව්‍යාපාර සම්බන්ධ චෝදනා ලබන්නන්ට මෛත්‍රි පාලනය යටතේ ද ඇමති පදවි ලැබී ඇති අතර මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ගේ අභිමත අන්දමට ආණ්ඩු හසුරුවන බව නොරහසකි. මත් උවදුර මැඩලීම අවශ්‍ය නම් එය ද කළ හැකිය. ඊට අවශ්‍ය වන්නේ නිතීය ක්‍රියාත්මක කිරීමට අදාළ දේශපාලන අතපෙවීම් නැවත්වීම පමණි.

සටහන- පබසරා රාජකරුණා