Presidential polls: Six contenders have made cash deposits so far

Six candidates have so far submitted their cash deposits to contest the November 16 presidential polls.On Friday, three aspirants, Gotabaya Rajapaksa of the Sri Lanka Podujana Peramuna, Prasanna Perera of the Ape Jana Balaya party and an independent contender Ven. Aparakke Punyananda Thera, forwarded their deposits.

Earlier, two other independent candidates, Jayantha Ketagoda and Siripala Amarasinghe, and Dr. Ajantha Perera of the Socialist Party of Sri Lanka, made their cash deposits.The accepting of deposits, which began on September 19 will end at 12 noon on October 6.
The Elections Secretariat said that in terms of the law, a candidate contesting from a political party is required to make a deposit of Rs. 50,000, while an independent candidate should submit Rs 75,000.Elections Commission Chairman, Mahinda Deshapriya said earlier that he expected around 20 aspirants to run the presidential race

අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම්?

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ කොළඹ 07 ස්ටැන්මෝ ක්‍රසන්ට් මාවතේ පිහිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ අද (2019.09.20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.එහිදී අල්ලස් කොමිසමේ හිටපු සභාපති දිල්රුක්ෂි ඩයස් මහත්මිය සිදු කළ බවට සමාජ මාධ්‍ය හරහා විකාශය වන හඩ පටය සම්බන්ධව මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

එතුමිය අල්ලස් කොමිසමේ සභාපතිතුමිය හැටියටයි මේ ප්‍රකාශය කරලා තියෙන්නේ.මම මේ හඩපටය ඇහුවා මේකේ අපිට විසදගන්න ප්‍රශ්න කිහිපයක් තියෙනවා.හඩ පිළිබදව පරීක්ෂා කළ යුතුයි.මෙතුමිය මේක කියන්නේ දේශපාලන බලපෑම් ආවා කියලා.මේ පිළිබදව මෙතුමියගෙන්ම අහලා දැන ගන්න ඕන.මට කෙලින්ම එතුමියගෙන් අහන්න බැහැ.එතුමියගේ ආයතන ප්‍රධානියා නිතිපතිතුමායි.එතුමා හරහා තමයි මේක අහන්න ඕන.මම ඕන කෙනෙකුට අභියෝග කරනවා අධිකරණ ක්‍රියාවලිය තුල දේශපාලන බලපෑම් තියෙනවා කියලා කියනවා නම් ඕන අභියෝගයක් මම භාර ගන්නවා.එතුමියගේ ආයතන ප්‍රධානියා ලෙස නිතිපතිතුමා මේ පිළිබදව ප්‍රකාශයක් සිදු කළ යුතු වෙනවා අනිත් කරුණ තමයි මේ එතුමියගේම කටහඩ ද කියලා දැන ගන්න ඕන .ඒ සදහා කටහඩ පරීක්ෂාවක් සිදු කළ යුතු වෙනවා.මේ පිළිබදව පරීක්ෂණයක් වත්වන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය

 

New report accuses over 50 TID officers of torture

A new report has accused over 50 officers of the Terrorism Investigation Division (TID) of the Sri Lankan police of being involved in torture.

The new study by the International Truth and Justice Project (ITJP) focuses on the Terrorism Investigation Division (TID) of the Sri Lankan police and has identified 58 alleged torturers, including those in command positions, named by the 73 victims interviewed.

Among them are police officers identified in UN reports dating back more than a decade; one was even a UN peacekeeper.

“The indifference to repeated allegations of police torture is shocking and makes a mockery of Sri Lanka’s stated commitment to security sector reform, let alone transitional justice,” the ITJP’s Executive Director, Yasmin Sooka said.

“TID officials allegedly involved in torture were named by a UN expert in 2007, by a UN investigation in 2015, by Sri Lankan NGOs and human rights lawyers for decades and now in 2019 by the ITJP in court documents submitted in California in support of the case under the Torture Victims Prevention Act against former defence secretary Gotabaya Rajapaksa – but no action is ever taken. The alleged torturers continue to survive every regime change”

The new report by the ITJP details systematic brutal torture and sexual violence against men and women detained over the last decade by the TID, focusing on the TID office in Colombo and detention site in Boossa in Galle. The report can be read with the 24 dossiers on individual policemen named by victims which forms part of a US court submission in the Gotabaya Rajapaksa case filed by Hausfeld law firm in the US.

උතුරු පළාතේ ඉඩම් ගැටළුව විසඳීමට ආණ්ඩුකාරවරයා මුල්වෙයි

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලෙහි පළමු අදියර වශයෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීම සඳහා වූ පළමු හමුව අද (12) උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්විණ.
විශේෂයෙන් උතුරු පළාතේ මේ වනවිට ආරක්ෂක අංශ විසින් භාවිතා කරනු ලබන පෞද්ගලික ඉඩම් නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා ඒ ඒ අංශ වලින් වෙනම කමිටු පත් කිරීමට ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී. ඊට අමතරව උතුරේ ඉඩම් හිමි, එහෙත් මේ වනවිට විදෙස් ගතව සිටින ජනතාවට තම ඉඩම්වල අයිතිය තහවුරු කෙරෙන ලියකියවිලි ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස ආණ්ඩුකාරවරයා විදෙස් ගතව සිටින ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඊට අදාළ අයදුම්පත උතුරු පළාත් සභා වෙබ් අඩවියෙන් (https://np.gov.lk) ලබා ගත හැකිය.
ඒ අනුව කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ඉඩම් නිදහස් කර ගැනීමේ දෙවන හමුව ලබන 26 වන දින පත් කර ගන්නා ලද කමිටු නිළධාරීන් සමඟ පැවැත්වීමට නියමිතය.
දෙවන අදියර වශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කර ගැනීම සඳහා කටයුතු කරන අතර එම හමුව ලබන 14 වනදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදි පැවැත්වේ. මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවල ඉඩම් තෙවන අදියර යටතේ නිදහස් කිරීමට කටයුතු යොදා තිබේ.
ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්, පොලිස් නිළධාරීන්, ඉඩම් අමාත්‍යාංශ නිළධාරීන්, මිනින්දෝරු දෙපාර්තමේන්තු නිළධාරීන් ඇතුළු අදාළ අංශවල සියලුම නිළධාරීන් සමඟ පා.ම මාවෙයි සේනාධිරාජා, පා.ම චාල්ස් නිර්මලනාදන්, පා.ම ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා සහ පා.ම ශිවඥානම් ශ්‍රීධරන් ඇතුළු නියෝජිතයන් මෙම විශේෂ හමුව සඳහා සහභාගි විය.

මවගේ අවමංගල කටයුතු සිදු කරන්න මුදල් නොමැති පුතා මවගේ සිරුර කැළයට විසි කරයි

මවගේ අවමංගල කටයුතු සිදුකිරීමට මුදල් නොමැති බව කියමින් පු‌තෙකු තම 81 හැවිරිදි මවගේ සිරුර කැලයට විසි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය විමර්ෂනයක් ආරම්භ කර තිබෙනවා.
වටවල පොලිස් වසමට අයත් විග්ටන් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නමැති එක්දරු මව ඉකුත් 29 වැනිදා රාත්‍රි රෝගාතුරව නිවසේදීම මියගොස් ඇති බවයි පොලිසිය අනාවරණය කර තිබුු‌ෙුුුණේ.
අවමංගල කටයුතු සිදුකිරිමට මුදල් නැති නිසා සිරුර කැලෑවට විසි කරන බව පවසා තම සැමියා එදින රාත්‍රියේම මවගේ සිරුර ත්‍රිරෝද රථයකට පටවා ගෙන තම 15 හැවිරිදි දෙවැනි පුත්‍රයා සමඟ පිටත්ව ගිය බවත් සැමියා සහ පුත්‍රයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් මියගිය කාන්තාවගේ ලේලියක වන ආර්. විග්වා ගෞරවී නැමැත්තිය පොලිසියට පවසා තිබෙනවා.
මේ අතර වයස්ගත කාන්තාවගේ මරණය ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට සැකකරන බවටත් වතුයායේ පදිංචි කම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කැලෑවට විසි කළේ යැයි කියන කාන්තාවගේ සිරුර සොයා වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරීන්ට එක්වී විග්ටන් වතුයායේ සෝදිසි මෙහෙයුමක් ‌මේ වනවිට ආරම්භ කර තිබෙනවා

ඉගුරුකඩේ සිට ගාළු මුවදොර දක්වා දිවෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයට අද මුල් ගල

 කඬේ හන්දියේ සිට ගාළු මුවදොර දක්වා දිවෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගයට අද (10) මුල්ගල් තැබෙනවා. එම මාර්ගය ඉදිකිරීම හරහා ඒ අවට පවතින රථ වාහන තදබදයට විසදුම් ලැබෙන බවයි මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ
ශී‍්‍ර ලංකාවේ කණු මතින් ඉදිවන ප‍්‍රථම අධිවේගී මාර්ගයද මෙය වනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 300 ක්. ඉගුරු කඬේ හන්දියේ සිට ගාළු මුවදොර දක්වා දිවෙන වරාය පිවිසුම් ගුවන් මාර්ගය ඉදිකෙරෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර යටතේයි

කොළඹට භූගත උමං

කොළඹ අගනගරය ආශ්‍රිත තදාසන්න ප්‍රදේශවල ඇති වන ජල ගැලීම් තත්ත්වය පාලනය කිරීම සඳහා මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු කොළඹ නව මුතුවැල්ල භූගත උමන් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය (Metro Colombo Urban Development Project) මඟින් ක්‍රියාවට නංවනු ලබන මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුළු පිරිවැය රුපියල් මිලියන 3,650 ක්.

මෙම උමං මාර්ගය අලුත් මාවත ප්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධ කරමින් ඇරඹෙන අතර නව මුතුවැල්ල ප්‍රදේශය හරහා භූගත ව ගමන් කර මුතුවැල්ල ධිවර වරාය අසලින් මුහුදට විවෘත වන අතර උමගේ විශ්කම්භය මීටර් 03 ක්. මීටර් 760 ක දිගකින් යුක්තවන උමං මාර්ගයේ ආරම්භක කොටස කෙටි විවෘත ඇළ මාර්ගයක් ලෙස ඉදිවන අතර පසුව භූ ගත උමං මාර්ගයකට එක් වනවා. එමඟින් තත්ත්පරයට ජලය ලීටර් 15,000 ක් මුහුදට මුදාහැරිය හැකි බව ඔවුන් සදහන් කරනවා.

අර්ජුන මෙරටට ගෙන්වීමට ජනපතිගේ අත්සන

මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යොමු කළයුතු ලිපි ලේඛනවලට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (06) අත්සන් තැබුවා
ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතු වෙනවා.
හිටපු මහබැංකු අධිපතිවරයා මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය යැයි දන්වා ඇති එම සියලු ලිපිලේඛන අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමාගේ පරික්ෂාවට ලක් වූ අතර අනතුරුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් එම ලිපිලේඛන සහතික කරනු ලැබුවා.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කඩිනමින් එකී ලේඛන සිංගප්පූරු රජයේ බලධාරින් වෙත යොමු කිරීමට කටයුතු සිදු කල යුතුයි.

අග්නිදිග ආසියාවේ සරම්ප සම්පුර්ණයෙන් තුරන් කල 5 රට බවට ලංකාව පත් වෙයි

අග්නිදිග ආසියාවේ සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ 05 වන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති එම නිවේදනය හුවා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුවේදී ඒ සඳහා පිරිනැමෙන ඇගයීම් සහතිකය සෞඛ්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත පිරිනමා ඇති බවයි.
ලෝක සෞඛ්‍ය  සංවිධානය  මගින් ක්‍රියාත්මක ප්‍ර‍මුඛතා වැඩසටහනක් ලෙස 2014 වසරේ සිට සරම්ප රෝගය මර්ධන වැඩසටහන මෙරට තුළ ක්‍රියාත්මක කළ බවත් සෞක්‍ය අමාත්‍යංශය පවසනවා.

Criket Aid වැඩසටහන නතර කිරීමට පියවර

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති ක්‍රිකට් ඒඩ් ආයතනයේ ගිණුම් පරික්ෂා කර විගණනයක් කරන තුරු එහි ක්‍රියාකාරිත්වය මාස 2 කට අත්අහිටුවන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව ක්‍රිකට් ආයතන නිලධාරීන්ට අද නියෝග කළා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරින් කෝප් කමිටුව ඉදිරියේ ඊයේ (04) පෙනි සිටි අවස්ථාවේදී අදහස් දක්වමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ මෙවන් අදහසක්,
“ක්‍රිකට් ආධාර නමින් සමාගමක් ස්ථාපිත කරලා. එහි ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙනවා. යාවජීව සමාජිකත්වය සමාජිකයින්ට දීලා. එදා ක්‍රිකට් ආයතනයේ හිටිය අය. තිලංග සුමතිපාල, ජයන්ත ධර්මදාස, මතිවානන්. මොහාන් ඇන්තනී යන අය ව්‍යාපාරිකයින් ලෙස.
පාලක මණ්ඩල සමාජිකයින් ලෙස නොව. ජීවිත කාලයේ සාමාජිකයින් හැටියට. සමාගම ලියාපදිංචි කරලා. ක්‍රිකට් ආයතනයේ ලයිෆ් ටයිම් මෙම්බර්ස්ලා නෑනේ