ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය මහනුවර නගරාසන්නව ඉදි කෙරේ

මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය.

මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදි කෙරෙන මහනුවර තදාසන්න දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය වේ.

ඒ අනුව මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැළසේ.

එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිඟාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එකහමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිතය. සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුළුණු මත ඉදිකිරීමට නියමිත අතර දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහලින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ

ඊයේ(26) දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහිදී තීරණය කළේය. විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු මේ සඳහා සහභාගී වුහ.

ස්පාඤ්ඤයට අයත් සමාගමක් විසින් මෙහි ඉදිකිරීම් සිදු කරන අතර එම නියෝජිත පිරිසක් ද (26) දින පැවැති සාකච්ඡාවට සහභාගී වූහ.

ඒ අනුව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුවලට අදාල මුලික කටයුතු (27) දින සිට ආරම්භ වන බව එහි ව්‍යාපෘතිය බාර නිලධාරින් දැනුම් දුන්නේය.

නවක වදය මඩින්න CIDය

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල මුල්බැසගෙන තිබෙන නවකවදය පිළිබඳව විවිධ පුවත් වාර්තා වන අතර සමහර සිසුන්ගේ සරසවි ජීවිතය අවසන් වීම මෙන්ම ජිවිතයෙන්ද සමු ගැනීමට තරම් නවකවදය මේ වනවිට අමානුෂික තත්වයකට පත්ව ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ නියෝගයෙන් පසුගියදා විශේෂ කමිටුවක් පත් කෙරුණා ඒ නවකවදය හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර දැමු සිසු සිසුවියන් වෙත යම් සහනයක් ලබා දීම සඳහායි.

එමෙන්ම අමාත්‍යංශයේ තවත් ඉතා වැදගත් තීන්දුවක් ලෙස විශ්වවිද්‍යාල තුල සිදුකෙරෙන නවකවදය නැවත්වීම සඳහා රහස් පොලිසියේ සහාය ලබාගෙන තිබෙනවා.
මේ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුල රහස් පොලිස් මෙහෙයුම් ආරම්භ කොට ඇත්තේ නවකවදය ලබාදීම සඳහා මුලික වන ජ්‍යෙෂ්ඨ සිසු සිසුවියන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහාය.
මෙසේ අත්අඩංගුවට පත්වන සරසවි සිසුන්ට සිය ශිෂ්‍ය භාවයද අහෝසි කරන්නට සුදානම් බවයි වාර්තා වන්නේ…

පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ 80% අවසන්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ශන වලදී හෙළිවී ඇති දේශපාලන සහ විවිධ තරා තිරමේ නිලධාරින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. ඒ පාස්කු ප්‍රහාරයේ විමර්ශන ප්‍රගතිය සම්බන්ධයෙන් වන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පොලිස් මූලස්ථානයේ දීය
මේ වන විට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් සියයට 80 ක් පමණ සිදුකොට අවසන් බවත් විමර්ශන හැකි ඉක්මනින් අවසන් කොට නීති ක්‍රියා මාර්ග ගැනීමට නීතිපතිවරයා වෙත අදාළ විමර්ශන වාර්තා ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 216 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 153 දෙනෙක් තවමත් රැඳවුම් නියෝග සහ අධිකරණ නියෝග මත රඳවා ගෙන සිටින බවයි පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන ගැන විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
ඒ අතර සැකකරුවන් 06 දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහය මත මෙරටට රැගෙන ඒමට හැකිවූ බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දායකත්වය දුන් බව කියන මාලදිවයින් ජාතිකයින් සිව් දෙනෙක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.
මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සතුව තිබු ගිනි අවි 7ක්, මෝටර් රථ දෙකක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු කියා සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෝහාරික විමර්ශන සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් පවතින බව ඔහු කියා සිටියා.
මාවනැල්ල බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් පුද්ගලයින් 40 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඉන් ඇතැමුන් අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරයට සෘජු සම්බ්න්ධකම් පවත්වා තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.
එමෙන්ම වනාතවිල්ලුව ප්‍රදේශයේ අවි ආයුධ සඟවා තබා ගැනීමේ සිද්ධිය සමබන්ධයෙන් තවත් සැකකරුවන් 13 දෙනෙක් අත්අඩංගුවේ සිටින බව ඔහු සඳහන් කර සිටියා.
මෙරට සිටින මුස්ලිම් තරුණයින් රැඩිකල් කරණයට ලක් කිරීමේ ක්‍රමවේදයක් ගැන තොරතුරු හෙළිවී ඇති බවත් එම පිරිස් ඉන් ගලවා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාවේදී විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් කණ්ඩායමක් ප්‍රජා පොලිස් ඒකක සමග කටයුතු කරමින් සිටින බව කියා සිටියා.
මෙම ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයින්ට අයත් නිශ්චල හා චංචල දේපල සහ බැංකු ගිණුම් අධිකරණ නියෝග මත අත්හිටුවා ඇති බව සඳහන් කර සිටියා.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය කිසිවෙකුට අපිට යලි ජිවය දෙන්න බැහැ. නමුත් ඒ අපරාධය වෙනුවෙන් සම්බන්ධ සියලුම දෙනාට අධිකරණය ඉදිරියේ ක්‍රියා කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, කොළඹ අපරාධ කොට්ඨාශය ඇතුළු කණ්ඩායම් 12ක් විමර්ශන සිදු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

Hambantota Port places embargo on staff members who are in China

With the coronavirus epidemic becoming a serious cause for concern, the Hambantota International Port (HIP) has put in place several measures to ensure the safety of their staff, environment, and the general public.
Emergency Response Procedure is in place with 3 response levels. A special committee has been appointed headed by the CEO with all Heads of Departments (HODs) as members.
Steps were taken to isolate and observe all employees and their family members who returned from China just before the epidemic broke and no cases have been reported so far.
The port has also placed an embargo on staff members who are in China for the Chinese New Year, asking them to stay back until the green light is given for safe travel by the Sri Lankan and Chinese authorities.
The port has done a complete sanitisation of their entire facility, and are conducting regular temperature checks on their employees as well as visitors to the port. Routine cleaning of all facilities and transport vehicles are in place. Hygiene standards have been improved by placing sanitary hand wash and disinfectant liquids in office spaces.
All tours of the port have also been temporarily halted, except for those that are especially authorized. Precautions include making it compulsory for all visitors and staff to wear medical masks.
HIP which was certified as ISO 45001: 2018 compliant for Occupational Health & Safety Management (OH&S) last year, has well-trained staff who are geared to handle emergency situations of this nature.  Standard health and safety policies were already in place to ensure a safe environment within the port and to encourage employees to take an interest in their own health and safety.
The port is implementing all measures to contain the epidemic in line with the standards and policies set out by the Ministry of Health and the WHO.
The requirements of the Ministry of Health that all the travelers/crew of cruise ship who need to go ashore in Sri Lanka complete the Health Declaration Form individually and the Health Status Report of the Vessel (within 12 -24 hours of Berth or OPL operations) signed by the Master of the Vessel, are being strictly adhered to.
An awareness campaign was conducted by the Hambantota Port Health Officer, Dr. Thamaranath on the 11th of February 2020 to educate HIP Staff members on the Novel Coronavirus. Leaflets prepared by the “Health Promotion Bureau and Quarantine Unit of the Ministry of Health” were distributed to all the departments in the Hambantota Port. These leaflets were in local languages and in Chinese.

World Association of Newspapers concerned over clauses in Sri Lanka Press Council Act

The World Association of Newspapers has raised concerns over some clauses in the Sri Lanka Press Council Act.
President of the World Association of Newspapers (WAN-IFRA), Vincent Peyregne, has sent a letter to President Gotabaya Rajapaksa congratulating him on his election as President of Sri Lanka with an overwhelming mandate from its citizens.
“We have noted with interest, several meetings you had with newspaper and other media heads and your assurances to them that there are no threats to media and they have the freedom to write factually,” Peyregne said.
He said that as the largest newspaper organization in the world with an international membership of more than 3000 media institutions, they welcome the President’s statements of assurances of media freedom as enshrined and guaranteed by Article 14(1 (A) in the Constitution of Sri Lanka which as stated, “gives every citizens the freedom of speech and expressions including publications”.
“We may point out that in the free world, democratic governments have permitted newspapers to be regulated on the principles of self-regulation rather than on statutory laws like Press Council Act, which includes a provision to jail publishers and editors,” the World Association of Newspapers said.
Peyregne urged President Rajapaksa to support the concept of self-regulation in Sri Lanka

Mahinda urges Sri Lankans to Express Love

Prime Minister Mahinda Rajapaksa today urged Sri Lankans, to express their love to the people that matter the most as the world celebrates Valentines Day.
In a message on his Facebook page, Rajapaksa said that as people around the world celebrate love on Valentines Day it is imperative to note the power that love possesses, for a life without the blessing of true love, is empty and without purpose.
“Today, I invite all Sri Lankans, to express their love to the people that matter the most, let us unite as Sri Lankans and love each other, because when love brings us together, as Sri Lankans we are unstoppable,” he said.
In the message on Facebook Rajapaksa is seen seated next to his wife Shiranthi Wickremesinghe Rajapaksa

පගාවට තනතුරු හමුවේ දණින් නැමුණ ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම

ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ වංචා දුෂණ කිහිපයක් Boston අපට අනාවරණය කර ගැනීමට හැකි වුණා . මේ ඒ පිළිබදව සිදු කෙරෙණ අනාවරණයකි.
ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගම විසින් පිදුරුතලාගල ගල කදු මුදුනෙහි රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා 027/T /2018 යටතේ ටෙන්ඩර් කැදවීම් අතර 2018 නොවැම්බර් මස 15 වන දිනෙන් ටෙන්ඩර් කැදවා අවසන් කරන තිබෙනවා. ප්‍රංශයේ තලෙස්, Spanish ඉන්ද්‍ර සහ ඉතාලියේ ලෙනාඩෝ යන ජාත්‍යන්තර කිරිතියට පත් සමාගම් තුනක් විසින් ඒ සදහා ලංසු ඉදිරිපත් කරලා.  එම සමාගම් තුන අතරින් අඩුම ලන්සුව ලැබ දෙන ලද්දේ Spanish ඉන්ද්‍ර සමාගම වන අතර එම සමාගමෙන් පසු ලංසුව ඉතාලියේ ලෙනාඩෝ සමාගම විසින් ලබා දීලා. ඒ අනුව ඉහළම ලංසුව ලබා දීලා තියෙන්නේ ප්‍රංශයේ තලෙස් සමාගම. එම සමාගමේ ලංසුව අනෙකුත් සමාගම් දෙක විසින් ඉදිරිපත් කර සිටින ලද ලංසුවට වඩා දළ වශයෙන් රුපියල් 42,000,000 සහ රුපියල් 86,000,000 පමණ වැඩි බවයි කියවෙන්නේ.
පිදුරුතලාගල කදු මුදුනට රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා ටෙන්ඩර් පටිපාටියට අදාල තක්සනික ඇගයීම් කමිටුව වෙත ගුවන් සේවා සමාගමේ ඉලෙක්ට්‍රොනික් සහ ගුවන් සංචලන අංශයේ ප්‍රධානියා සහ මෑතකදී විශ්‍රාමලත් එම අංශයේම නියෝජ්‍ය ප්‍රධානියා විසින් එම ටෙන්ඩරය සදහා ඉහළම  ලංසුව ඉදිපත් කර තිබුනේ ප්‍රංශයේ තලෙස් සමාගම. එහිදී ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ තාක්ෂණික කමිටුව වෙත බලපෑම් සිදු කරමින් එම කමිටුව මෙහෙයවා ඇති බව සදහන්. එම ජෙයෂ්ඨ නිලධාරීන් විසින් තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත සිදු කරන ලද බලපෑම් හේතුවෙන් ප්‍රංශයේ තලෙස් සමාගමට  වාසිවන පරිදි ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද අනෙක් සමාගම් දෙක වන Spanish සහ ඉතාලියේ ලෙනඩො යන සමාගම් වලින් එම ටෙන්ඩරය සම්බන්දයෙන් අනවශ්‍ය 027/T 2018 වැඩි දුර පැහැදිලි කිඉම් ඉල්ලා සිටීමෙන් සම්පුර්ණයෙන්ම සහ මුළුමනින්ම ප්‍රංශයේ තලෙස් සමාගමට පක්ෂපාතිව කටයුතු කර තිබෙනවා. එම සමාගම් සම්පුර්ණයෙන්ම අනුකුලතාවන්ට අනුව  ලන්සු ඉදිරපත් කර තිබුණත් ඒවා පසෙකලා මෙලෙස සිදු වෙලා.
අසාර්ථක සැපයුම්කරුවෙකු වන ප්‍රංශයේ තලෙස් සමාගම විසින් මේ වන විටත් පිදුරුතලාගල කදු මුදුනට ස්ථාපිත කර ඇති ද්විතික රේඩාර් පද්ධතිය එම සමාගමේ සැලසුම් වල සහ තාක්ෂණික දෝෂ හේතුවෙන් එවරක් අක්‍රිය වෙලා. ඒ බව සනාථ කිරීම සදහා එම රේඩාර් පද්ධතියට අදාළ ජයාරූප මේ සමග ඉදිරිපත් කර ඉතාලියේ ලෙනාඩෝ සමාගම ඉතාමත් මෑතකදී සිගප්පුරුවේ චංගි ගුවන් තොටුපලට සහ මෙලෙසියාවේ ගුවන් තොටුපල වෙත මේ හා සමාන රේඩාර් පද්ධති සපයලා. රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරය ගුවන් තොටුපල සහ ගුවන්සේවා සමාගම විසින් ප්‍රංශයේ තලෙස් සමාගම වෙත ප්‍රධානය කළහොත් අවම වශයෙන් උපියල් 86,000,000 ක යුතු අලාභයක් සහ පාඩුවක් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමගම වෙත සිදුවීම නොවැලක්විය හැකි වනු ඇත. ඉහත නිලධාරීන් දෙදෙනා මෙලෙස සිදු කිරීමට විශේෂ හේතුව වන්නේ ඔවුන් විශ්‍රාම යාමෙන් පසුව ප්‍රංශයේ තලෙස් සමාගමේ හෝ එම සමාගමේ අනුබද්ධ  සමාගමක ඔවුන්ට රැකියා ලබා දීමට පොරොන්දු  බව කියවෙනවා.
සමාන ටෙන්ඩරයක් වන 026/T /2018 වන AASL ගුවන් යාන තොරතුරු පද්ධතිය සැපයීම ස්ථාපනය කිරීම සග පැවරීම සම්බන්දයෙන් වන ටෙන්ඩරය ඉතා සුක්ෂමව සහ පක්ෂග්‍රහිව ප්‍රංශයේ තලෙස් සමාගම වෙත ප්‍රධානය කර තිබෙනවා.  එහෙත් අවම වශයෙන් මේ වන තෙක් එම වියාපෘතිය ආරම්හ කිරීමට  ප්‍රංශයේ තලෙස් සමාගම අපොහසත් වී ඇති අතර පවතින AHMS පද්ධතියේ සහ එයට සම්බන්දිත පද්ධති වල පවා බොහොමයක් තාක්ෂණික දෝෂ සහ අනනුකුලතා පවතින බව සදහන්. ප්‍රංශයේ තලෙස් සමාගම විසින් එම වියපෘතිය ආරම්භ කර පවා නොතියදී එකී කරුණු නොසලකා හැර ඉහත සදහන් කරන ලද ජේයෂ්ඨ නිලධාරීන් දෙදෙනා විසින් 2020 සහ 2021 වර්ෂ සහද වන අයවැයෙන් විශාල මුද්ලලක් එම ටෙන්ඩරයට අදාලව වියාපෘතිය වැඩි දියුණු කිරීම සදහා වෙන් කරලා.
එමගින් එම නිලධාරීන් දෙදෙනාගේ පක්ෂපාති ක්‍රියාව මනාව  පෙන්නුම් අතර ඒ අනුව එම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය මගින් ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමට විශාල මුල්‍ය අලාභයක් සිදු කර ඇති බව පෙනෙනවා. එම නිලධාරීන් දෙදෙනාගේ එකී කියා කලාපයය මගින් ඇප දිය නොහැකි වරදක් වන රජයේ දෙපලට අලාභ සිදු කිරීම සහ රජයේ දේපල අහිමි කිරීම සිදුවී ඇති බවන් ඒ සම්බන්යෙන් අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කල යුතුව ඇත. මෙම කරුණු අනුව එම සම්බන්දයෙන් විමෂණය කිරීම සදහා පියවර ගැනීම මෙන්ම අදාල නිලධාරී දෙදෙනාගේ නිසා සිදු වන  පාඩුවට පියවර ගත යුතුව ඇත.
 ජාතික ප්‍රසම්පාදන කමිටුවේ මාර්ගෝපදේශනය අනුව ටෙන්ඩර් කමිටුවේ නිලධාරීන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිලධාරීන් සහ ප්‍රසම්පාදනයට අදාළ අංශයේ ඉහල නිලධාරීන් විසින් අදාළ ටෙන්ඩරය විවුර්ත කරන දින සිට එම ටෙන්ඩරය ප්‍රධානය කරන දින දක්වා වන කාලසීමාවේදී ලංසුකරුවන්ගේ පහසුකම් සපයන්නන් ලංසුකරුවන්ගේ සම්බන්දතා සන්නිවේඳන ගනුදෙනු කිරීම් සම්මන්ත්‍රණ සුහද හමුවීම් මුහුනුවීම් කර්මාන්තශාලා නිරීක්ෂණ සහ රැස්වීම් නොපැවැත්විය යුතු බවට සදහන් කරලා. එසේ වුවද එකී කරුණු මුළුමනින්ම නොසලකා හැර ගුවන් සේවා සමාගමේ ඉලෙක්ට්‍රොනික සහ ගුවන් සංචලන අංශයේ ප්‍රධානියා සහ මෑතකදී විශ්‍රාමලත් එම අංශයේ නියෝජ්‍ය ප්‍රධානියා මෙම ටෙන්ඩරයට අදාලව තාක්ෂණික ඇගයීම් කමිටුවේ සාමාජිකයන් වන ඉංජිනේරුවන් දෙදෙනෙකු මුහුණු වැඩමුළු , කර්මාන්ත ශාලා නිරීක්ෂණ , සම්මන්ත්‍රණ , ප්‍රදර්ශන සහ රැස්වීම් යනාදිය සදහා සහභාගිවීම සදහා සමහර නිලධාරීන් පුද්ගලික සංචාර සදහාද තලෙස් සමාගමේ කාර්යාල සහ කර්මාන්ත ශාලා වෙත ගොස් ඇති අතර ඔවුන් SCAPC උපදෙස් මත එම විදෙස් ගතවීම සිදුකර නැහැ. එම නිලධාරීන් විසින් මේ සියල්ල සිදුව ඇත්තේ කිසිදු විනිවිදභාවයෙන් තොරවයි. මෙකී විදෙස් ගතවීම සංචාර මගින් ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සම්පුර්ණයෙන්ම උල්ලංගනය කරලා.
එබැවින් රටේ යහපත උදෙසා  මෙන්ම අවම පිරිවැයකින් උපරිම නිෂ්පාදනයක් ලබා ගැනීම සදහා සහ ටෙන්ඩර් පටිපාටියේ විනිවිදභාවයකුන් යුක්තව පවත්වාගෙන යාම වැදගත් වන බැවින් මේ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග,  ජනාධිපති ලේකම් , මුදල් මුදල් අමාත්‍යංශ ලේකම් මෙන්ම සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් , ගුවන් තොටුපල සහ ගුවන් සේවා  සභාපතිවරයාට  අදාල පාර්ශව වලට සේවක මඩුල්ලක් විසින් රහසිගත ලියවිල්ලක් මාර්ගයෙන් දැනුම් දී ඇතැයි සදහන්.  එමගින් ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ මුදල් වන රජයේ විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකිය. එමෙන්ම ගුවන් තොටුපල සහ ගුවන් සේවා සමාගමේ ඉහත සදහන් කරන ලද ජෙෂ්ට නිලධාරී දෙදෙනාගේ වත්කම් සහ ඉපයීම් මෙන්ම එම රේඩාර් පද්ධතිය සම්බන්දයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිලධාරීන් දෙදෙනාගේ වත්කම් සහ ඉපයීම් සම්බන්දයෙන් තරයේ විමර්ශනයක් සිදු කල යුතුව ඇත.  කෙසේ වෙතත් අප ලද තොරතුරු වලට අනුව සදහන් වන්නේ   එක නිලධාරියෙක් විසින් විශාල මුදලකට මෝටර් රථයක් මිලදී ගෙන ඇති අතර අනෙක් නිලධාරියා විසින් මල්වානේ පිහිටි සුකොපොභෝගී නිවසක් මිලදී ගෙන ඇති බවය
මෙය පෙර සැලසුම් කරන ලද පොදු දේපල අවභාවිතා කිරීමය ශ්‍රී ලංකාවේ පොදුදේපල පනත යටතේ ඇප ලබා දිය නොහැකි වැරදිය. පොදු සමාජයේ යහපත උදෙසා මේවා සොයා බැලිය යුතුය. මේ පිලිබදව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ විමර්ෂණ කටයුතු සිදු කෙරෙණ බවයි.
By Ashanthi Warunasuiya

Supplementary bill to Parliament to pay Rs. 130 Billion in arrears

A Vote on Account to pay arrears of the former Government will be presented to Parliament.
Cabinet spokesman Bandula Gunawardena said that cabinet had approved a proposal to present the supplementary bill to Parliament next week to pay the arrears of the former Government.
Gunawardena said that the arrears amount to Rs. 130 Billion.
The Minister said that Prime Minister Mahinda Rajapaksa will brief Parliament next week on the arrears and crisis faced by the Government as a result of the arrears

කොරෝනා වෛරසට එරෙහි සටන මෙහෙයවන්න ලාංකික මහාචාර්යවරයාගෙන් වෛරසය ගැනඋපදෙස්

කොරෝනා වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගැනීමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බව චීනයේ කොරෝනා වෛරසය මැඩීම සම්බන්ධයෙන් ගවේෂණය කරනා චීන විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය ලබා දෙන, ලොව ප්‍රකට වෛරස සම්බන්ධ විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතා සඳහන් කරනවා.
මෙම වෛරසය අලුතින් හදුනාගත් වෛරසයක් යයිද පවසන ඔහු එම වෛරසයට ආසාදිතයාගේම ශරීරයෙන් ප‍්‍රතිශක්තිකරණය ගොඩනැගෙන බවද සාර්ස් වෛරසය තරම් මෙම වෛරසය දරුණු නැති බවත් පවසන මහාචාර්යවරයා සාර්ස් වෛරසය වැලදුනු 10%ක පමණ මියගියද කොරෝනා වෛරසයේ මරණ අනුපාතය ඉතා පහළ බවත් පෙන්වා දෙයි.
මේ මොහොත වන විට ශ‍්‍රී ලංකාව තුල එම වෛරසය පැතිරෙන බවට කිසිදු සාධයක් නැති බවත් ඇතැම්විට තවත් රෝගීන් තුන් හතර දෙනෙකු ඉදිරියේදී හමුවනු ඇති බවත් එසේ වුවා කියා වෛරසය ව්‍යාප්ත වීමක් සිදු වන්නේ යයි කිව නොහැකි බවත් මහාචාර්ය මලීක් පීරිස් පැවසීය.
ශ‍්‍රී ලාංකිකයන් මේ මොහොතේ මුහුණු ආවරණ පැලද සිටීමේ කිසිම තර්කානුකූල තත්වයක් නැති බවත් ප‍්‍රතිචාර දැක්විය යුත්තේ සැබෑ අවදානමට යයිද අනාගතයේදී එවන් අවදානමක් ඇති වුවහොත් ඒ වන විට මුහුණු ආවරණ හිඟතාවක් ඇති විය හැකි යයිද මහාචාර්යවරයා අවධාරණය කරයි.

Prime Minister admits Ranil sought additional facilities

Prime Minister Mahinda Rajapaksa today admitted that former Prime Minister Ranil Wickremesinghe has sought additional facilities.
Speaking to electronic media heads today, Rajapaksa said that Wickremesinghe has sought special security, a house and other facilities as a former Prime Minister.
It was reported yesterday that Wickremesinghe has sought a house, office, staff and security as a former Prime Minister.
However, Rajapaksa insisted that no decision has been taken to agree to the request.
The Prime Minister also noted that Wickremesinghe may require security from United National Party (UNP) members owing to the crisis in the party.
He said that he was confident the Sri Lanka Podujana Peramuna and its partners will win the Parliamentary election this year as there was a lot of friction in the UNP