කොරෝනාවෙන් මියගිය විදෙස් ගත ලාංකිකයින්

රැකියා සඳහා විදේශගත වූවන් 40 දෙනෙකු ලොව විවිධ රටවල දී කෝවිඞ්-19 වෛරසය වැළඳී මියගොස් ඇතැයි වාර්තා වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්තේ ප්‍රකාශ කර සිටියා. මේ වනවිට 1800 කට අධික පිරිසකට එම වෛරසය වැළඳි ඇති බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
කුවේට් හිදී 7 දෙනෙකු, සෞදි අරාබියේ දී 15 දෙනෙකු, ඩුබායි හිදී 9 දෙනෙකු, ඕමානයේ දී හා කටාර් හි දී දෙදෙනා බැගින් හා ලෙබනනයේ දී එක් අයෙකු වශයෙන් ශ්‍රී ලාංකික විදේශ ගත ශ්‍රමිකයින් මිය ගොස් ඇති බවත් ඊට කාන්තාවන් දෙදෙනෙකු අයත් වන බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා කියා සිටියේ.
මිය ගිය කිසිවෙකුගේ මෘත ශරීර මෙරටට ගෙන්වා නොගත් අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරෝධායන නීතීන්ට අනුව ඒ ඒ රටවල දී සිදුකළ බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍යයට කරුණු දක්වමිනි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා මේ බව කියා සිටියා.

සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කරන්න

මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ  ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රමුඛතම සංවිධානයක් අවධාරණය කර සිටියි.

ඒ අනුව ‘කැෆේ’ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් අවධාරනය කලේ, පවතින අවදානම්කාරී සෞඛ්‍ය වාතාවරණය මත මහමැතිවරණය පැවැත්වීම සදහා වන සෞඛ්‍ය නිර්දේශ වහා ගැසට් කළ යුතු බවයි.

එසේ නොකළ හොත් එක් අතකින් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවධානමක් ඇතිවන බවත්, ඊට අමතරව මහමැතිවරණ‌යේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් කල හැකි බව ඔහුගේ අදහසයි.

අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම අනිවාර්ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා  පෙන්වා දෙයි.

එම සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ සෞඛ්‍ය අංශ, සහ බලධාරීන් පමණක් නොව ජනාධිපති වරයා පවා එකඟතාව පළ කර තිබුනද ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන තත්වයක් දක්නට නොලැබේ.

මෙවැනි තත්වයක් මත ගෙන් ගෙට යාමේදී සහ ජනහමු පැවැත්වීමේදී ආදි කටයුතු වලදී අනුගමනය කළ යුතු  සෞඛ්‍ය නිර්දේශ නොසලකා හරිමින් බොහෝ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

මේ වනවිට කොරෝනා වසංගතය යලි හිස එසවීමේ අවධානමක් ද මතුව ඇති  අතර මේ නිසා තවදුරටත් කල් නොදමා වහාම අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කළ යුතු බව  කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා අවධාරණය කරයි.

වැරදි කරපු අය බේරෙන්න සල්ලි වියදම් කරනවා : මම ජනපතිතුමාට පැමිණිලි කළා – හිටපු ක්‍රීඩා ඇමති කියයි

2011 ලෝක කුසලාන ක්‍රිකට් මහ තරගාවලියේදි තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මා විසින් සිදු කල පැමිණිල්ල අනුව සිදු කල විමර්ෂණ කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් එම විමර්ෂණ කටයුතු නතර කල බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තමන් ඉල්ලිමක් කරන බව පැමිණිල්ල සිදු කල හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා.

අද (03) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” මා විසින්  2011 ලෝක කුසලානය පිලිබදව ප්‍රකාශයක් පසුගියදා සිදු කලා. ඒ ප්‍රකාශය මම මිට කලින් දෙවතාවක් සිදු කලා.මේ පිලිබදව හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රිකට්ක්‍රීඩකයින් ප්‍රකාශ සිදු කලා. 2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂන මර්දන ඒකකයේ ප්‍රධානියා විසින්  හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයට එවන ලද ලිපියක් මා සතුව තියෙනවා.

එකෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිලිබදව දැනට පරික්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා. මා විසින් කරන ලද ප්‍රකාශයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබු සියළුම තොරතුරු ලබා දුන්නා.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සම්බන්ධ නැහැකියලා මම පැහැදිලිව කිව්වා . මම දන්නේ නැහැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත්, මහේල ජයවර්ධනවත් කැඳ වුයේ කුමන පදනමකින්ද කියලා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැහැ, ඒ නිසා මේ පරීක්ෂණ නතර කරා කියලා.

මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ෂන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරික්ෂණය තියන්න බැහැ  කියලා. තරග පවා දිමේ පනත සම්මත වුණේ 2019 , මේ සිද්ධිය වුණේ 2011 වසරේදී.

කුමාර සංගක්කාර මහතාගේ නිතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැහැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරික්ෂණය වැරදි කියලා. පොලිසිය වැරදි පරික්ෂණයක් ආරම්භ කරලා ඇණ ගත්තම පරික්ෂණය අවසන් තොරතුරු නැහැ කියන්න බැහැ.

මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට්පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සදහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා.එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරික්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් සිදු කලේ.

අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා. මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ෂණ එක්කයට පරික්ෂණ කරන්න බැහැ. මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ෂණය කල යුත්තේජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්.

මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිලිබදව විධිමත් පරික්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් සිදු කලා.පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දලා තියෙනවා.

පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් මම අහනවා එක පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රකාශයක් ලබාගෙන විමර්ෂණය නතර කරන්න පුළුවන්ද‍? 2019 සම්මත පනතින් 2011 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කරන්න පුළුවන්ද කියලා මම අහනවා?

කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරික්ෂණ කල යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කියලා. මම එදත් කිව්වා මේක දේශපාලනියකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන. අපිට ලෝක කුසලානය දින්නන පුළුවන්, ආයේ දිනන්න නම් මේ තරගා පවා දිම නතර කරන්න ඕනේ. මේක පිටි පස්සේ ක්‍රීඩකයෝ නැහැ. හැබැයි මේකට සම්බන්ධය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න” හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ චෝදනා ඇති බව සඳහන් කරමින් රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි

ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් පසුගිය 17වනදා අධිකරණයෙන් ඉල්ලා සිටියේ දැනට රඳවාගෙන ප්‍රශ්න කෙරෙන නීතිඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව ඊට අදාළ නඩුව ඊයේ (ජුලි 01)  කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අතර, එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ හිජාස් හිස්බුල්ලා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බැවින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බවයි.

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් : දිවි බේරා ගත් හිමිනම කෝටි 02ක වන්දියක් ඉල්ලයි

අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
ඒ එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසින්.
මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරමින් උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ අරන්තලාවේ සිදුවූ භික්ෂු ඝාතන සිද්ධියට සම්බන්ධව දැනට ජිවතුන් අතර සිටින එල්.ටි.ටි.ඊ. සංවිධානයේ සිටි සාමාජිකයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙසයි.
එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමන් වහන්සේට රුපියල් කෝටි දෙකක වන්දියක් ලබා දෙන ලෙස නියෝග කරන ලෙසටද උන්වහන්සේ සිය මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

No MCC grant monies were ever given to SL – US Embassy

The US Embassy in Sri Lanka says that no MCC grant monies were ever transferred to or spent by the Government of Sri Lanka under the proposed $480 million grant.

“MCC-managed funding to support grant preparatory activities — nearly all of which have been canceled or indefinitely postponed pending the Government’s decision on whether to proceed with the grant — was made available under the same highly transparent and accountable procedures used to enable other US development work.” the embassy said issuing a statement.

The Millennium Challenge Corporation (MCC) – a USG development agency – again ranks #1 globally among bilateral donor agencies, it said.

“MCC’s strong performance reflects its commitment to data transparency, fair & competitive procurements & rigorous monitoring & evaluation of poverty reducing programs,” the embassy tweeted.

The final report of the Experts Committee appointed to review the proposed Millennium Challenge Corporation (MCC) agreement was handed over to President Gotabaya Rajapaksa at the Presidential Secretariat yesterday (25).

The report will be placed before the public later.

The Committee had presented its recommendations following a 6-month long study after careful consideration of opinions, views and suggestions from various sectors of the society including experts, voluntary organizations, public entities and individuals.

Two stages of the MCC had been signed in 2017 and 2018, said the Chairman of the Committee Lalithasiri Gunaruwan, Professor of Economics of University of Colombo. Although USD 7.4 million and 2.6 million had been granted under the two stages, no accounts details are to be found anywhere, Prof. Gunaruwan said.

The Chairman pointed out that no multi-sectorial analysis had been conducted by the focal points of the then Government entrusted with the task of reviewing before the signing of the Compact.

Prof. Gunaruwan said that after the adoption of the project as an Act of Parliament, it would be a violation of the agreement to submit a counter-proposal or a resolution relating to it.

Any condition of the Compact can be amended by two representatives by a letter. Such an action amounts to a violation of the sovereignty of Parliament. It had created a situation where the Attorney General cannot represent the Government or go to Courts, the Chairman said.

The members of the Committee enlightened the President on the current status of countries which had implemented the MCC. They said the fate of these countries is tragic.

The Chairman Prof. Lalithasiri Gunaruwan commended the opportunity given by the President to compile an unbiased report without intervention of any external party, the PMD said.

After considering all these facts, the President directed the Secretary to the President to place the recommendations of the report before the public.

Following a Cabinet decision taken on December 18, 2019, the four-member Committee was appointed with effect from January 01st, 2020.

Former Secretary to the Ministry of Transport Dr. D. S. Jayaweera, President’s Counsel Justice Nihal Jayawardena and architect Nalaka Jayaweera are the other members.

The interim report of the Committee was handed over to the President on February 17th.

Chairman of the committee Professor Lalithasiri Gunarunwan had also presented the final report to Prime Minister Mahinda Rajapaksa at Temple Trees last evening (24).

The Prime Minister will table the final report at the next Cabinet meeting.

The committee was appointed with effect from January 01, based on a cabinet decision taken on December 18 last year, to conduct a comprehensive study on the agreement and make necessary recommendations to the government.

The government had previously decided to suspend the implementation of the previous government’s decision on signing the agreement until the committee reaches its conclusions.

Prime Minister Rajapaksa had tabled the interim report of the committee to the Cabinet of Ministers.

The Cabinet of Ministers had decided not to sign the Millennium Challenge Cooperation (MCC) in its present form based on the recommendations of the committee.

The committee of experts, in its interim report, concluded that the MCC agreement contains clauses that are not in agreement with the Constitution of Sri Lanka and are detrimental to the sovereignty of the country.

The government said it decided not to sign the agreement taking into consideration several facts concerning the MCC deal such as its obscure manner, inclusion of clauses that are against the country’s Constitution and are detrimental to its sovereignty, inclusion of clauses that can adversely affect national security and national, economic, social and cultural affairs and concerns that sprung up regarding the island nation’s sovereignty, independence and national security.

Source: Ada Derana

“සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡාවේ සැකකරුවන් දෙදෙනාට වරෙන්තු

ඉකුත් ජනාධිපතිවරණය සමයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් “සුදු වෑන්“ මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අදාළ සැකකරුවන් අද (26) අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මෙලෙස වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර සිටියා.
මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී අදාළ සැකකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී නොසිටි අතර මෙම පැමිණිල්ලේ තුන්වන සහ හතරවන සැකකරුවන් ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන අය පමණක් අධිකරණයේ පෙනී සිටියා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන සැකකරුවන් වෙනත් කොල්ලකෑම සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැනගන්නට තිබුණද ඒ බව නිල වශයෙන් දැනුම් දී නැති බව වාර්තා වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර සිටියා.

එතනෝල් ආනයන තහනම ඉවත් කරන්නේ නැහැ : සම කැබිනට් ප්‍රකාශක

ලංකාවට එතනෝල් ආනයනය කිරිමට පනවා තිබු තහනම කිසිදු ලෙසකින් ඉවත් නොකරන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කරනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භක කාල සිමාවේදීම මෙරට එතනෝල් ආනයනය කිරිම අත්හිටවනු ලැබුවා.
ඒ රජයට අයත් දේශීය සමාගම් දෙකක් වන ලංකා සුගර් ලිමිටඩ් පැලවත්ත සහ සෙවණගල කර්මාන්ත ශාලා වලින් සිදුකරන සීනි නිෂ්පාදනය සමග එතනෝල් නිෂ්පාදනය සිදුකරනවා. එම සමාගම් වලින් නිෂ්පාදනය කරන එතනෝල් මෙරටට සෑහෙනවා.
ලංකාවේ නිෂ්පාදනය කරන එතනෝල් සඳහා ස්ථාවර මිලක්  නියම කිරීම තුලින් එම සමාගම්වලට මේ වන විට ආදායම් ලබමින් තිබෙන බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටියේ.
රජය විසින් ආනයනය සීමා කර තිබියදීත් මෙරටට ගෙන්වූ විශාල එතනෝල් ප්‍රමාණයක් වරායේ රඳවා තබාගෙන ඇති බවද සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

MCC සමාලෝචන වාර්තාව වෙබ් අඩවි 03ක

 MCC  පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට පිළිවන.
එම වෙබ් අඩවි වන්නේ,
www.president.gov.lk
www.presidentsoffice.lk
www.pmdnews.lk
MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටු සභාපතිවරයා විය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ  නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
කමිටුවේ අවසන් වාර්තාව 2020 ජූනි 25 වැනි දින මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්  විසින් ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.

පෙරටුගාමී විරෝධය අවහිර කරන්න ඉල්ලීමක් කළේ නැහැ : තානාපති කාර්යාලය

ඊයේ(9) එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විරෝධතාවක් පවත්වනු ලැබුවා.
එහිදී එය නැවතීමට පොලීසිය කටයුතු කළ අතර විරෝධතාකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකා එක්සත් ජනපදය තානාපති කාර්යාලය සඳහන් කරන්නේ සාමකාමී ලෙස විරෝධතා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට සහ සියලුදෙනාට ඇති අයිතිය ඇමෙරිකා එක්සත් ජනපදයේ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූල බවයි.
වැඩිදුරටත් එම ලිපියේ දැක්වෙන්නේ  එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැති බවයි.
ලිපියෙන් උපුටා ගැනීමක්
‘‘අද දිනයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපට පවත්වන්නට නියම කරගෙන තිබූ පෙළපාළියක් අවහිර කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කළ බව අපි දන්නෙමු. එම පෙළපාළිය අවහිර කරන මෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර නොමැත. සෑමවිටකම මෙන් රටේ සිටින තානාපති ආයතන දරන වෑයම් සහ මුහුණු ආවරණ පැළඳීමට නියම කිරීම, මහජන රැස්වීම්වල විශාලත්වය සීමා කිරීම සහ අනෙකුත් ක්‍රියාමාර්ග හරහා කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා ඔවුන් විසින් දරනු ලබන අඛණ්ඩ වෑයම් අපි අගය කරන්නෙමු.’’