Category: news_sub
ඇමතිවරුන් නිල නිවාස ඉල්ලයි
ඇමරිකානු තානාපතිනිය සහ සම්පන්ධන් අතර හමුවක්
පළමු පාර්ලිමේන්තුවේ වෙනස් කම්. මන්ත්‍රීවරුන්ට චිරිබිරි කතා බැහැ
පළමු කැබිනට්ටුව 19ට අත ගසයි
2020 මහ මැතිවරණය: සමස්ත ඡන්ද ප්‍රතිඵලය
පවත්වන ලද මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් ලබා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.
ඒ අනුව පොදුජන පෙරමුණ සමග එක්ව මෙනම සමහර දිස්ත‍්‍රික්කවලදී වෙන්ව තරග කල පක්‍ෂ එක් කර ගැනීම මගින් පහසුවෙන්ම 2/3 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලැබී ඇත.
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්‍ෂය, TMVP පක්‍ෂද ආණ්ඩුව සමග දැනටමත් ගිවිසුම්ගත පක්‍ෂයි.
එම මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මෙසේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6853690 (59.09%) 145
සමගි ජන බලවේගය 2771980 (23.99%) 54
දෙමළ ජාතික සන්ධානය 327168 (2.82%) 10
ජාතික ජන බලවේගය 445,958 (3.84%)
අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය 67,766 (0.58%) 2
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 61,464 (0.53%) 2
එක්සත් ජාතික පක්ෂය 249,435 (2.15%) 1
අපේ ජන බල පක්ෂය 67,758 (0.58%) 1
TMVP 67,692 (0.58%) 1
ශ්රී ලංකා නිදහස් පක්ෂය 66,579 (0.57%) 1
TMTK 51,301 (0.44%) 1
ACMC 43,319 (0.37%) 1
ජාතික කොංග්‍රසය 39,272 (0.34%) 1
මුස්ලිම් කොංග්‍රසය 34,428 (0.30) 1
