ගෝඨාභය ගෙදර යන්න මහේල නැවත ඉල්ලයි

දින දෙකක් වයසැති දැරියක රෝහලට ගෙනයාම සඳහා පෙට්‍රල් නොමැතිවීමෙන් මිය යාම,  අවුරුදු 12ක් වයසැති දරුවෙකුට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ඔසුසල් 08කට ගියද සොයා ගත නොහැකි වීමෙන් මිය යාමේ සිද්ධිය වැනි ශෝචනීය සිදුවීම් වාර්තාවන පසුබිමේ ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන ට්විටර් සටහනක් යොදා තිබේ.

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

පසුගිය මැයි 09 වනදා බාහිරින් පිරිසක් අරලියගහ මන්දිරයට කැදවා ඔවුන්ට කෑම බීම දී සංග්‍රහ කර  පසුව විරුද්ධවාදීන් වෙත උසිගන්වා පිටත් කිරීමේ චෝදනා ලද ඉල්ලා අස්වූ අගමැතිගේ පුත් නාමල් රාජපක්ෂ
අද (20) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ සම්බන්ධ දීර්ඝ කට උත්තර ලබාදුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4කට ආසන්න කාලයක් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගිය අතර
අත්අඩංගුවට ගැනීමක් සිදු වූයේ නැත.

කැබිනට් අමාත්‍යවරු 9 ක් දිවුරුම් දෙති

කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනෙකු අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය- නිමල් සිරිපාල ද සිල්වා
අධ්‍යාපන අමාත්‍ය – සුසිල් ප්‍රේමජයන්ත
සෞඛ්‍ය අමාත්‍ය – කෙහෙළිය රඹුක්වැල්ල .
අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
– විජයදාස රාජපක්ෂ
සංචාරක හා ඉඩම් අමාත්‍ය- හරීන් ප්‍රනාන්දු
වැවිලි කර්මාන්ත අමාත්‍ය  -රමේෂ් පතිරණ
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ – මනූෂ නානායක්කාර
වෙළඳ වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය – නලින් ප්‍රනාන්දු
මහජන ආරක්ෂක අමාත්‍ය – ටිරාන් අලස්

බේරේ වැවට තල්ලු වුණ 47 වියැති අයෙකු රෝහලේදී මරුට

පසුගියදා ගාලුමුවදොර ආසන්න ප්‍රචණ්ඩක්‍රියා වල නිරතවූ අයට ප්‍රතිප්‍රහාර
එල්ලවෙද්දී හිසට හා පපුවට බරපතල පහරදීම් වලට ලක්ව පසුව බේරේ වැවට තල්ලුවී ගිය පුද්ගලයෙකු ප්‍රතිකාර සදහා රෝහල්ගතවී ඇති අතර සතියක පමණ කාලයක් බරපතල තත්වයේ පසුවී රෝහලේදී මියගොස් තිබේ. මියගිය පුද්ගලයා 47 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයෙන් පැමිණි අයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අනුව මියගිය අයට පහරදීම් නිසා ඇතිවූ බහුවිධ තුවාල මරණයට හේතුවූ බව සදහන් කර ඇත.මෙය ඝාතනයක් ලෙස සලකා සැකකරුවන් අත්අඩංගුවට ගන්නට සොයන බව පොලිසිය දන්වා ඇත.

India top court frees ex-PM Rajiv Gandhi’s killer

India’s Supreme Court has ordered the release of one of the convicts
involved in the 1991 murder of former prime minister Rajiv Gandhi.
AG Perarivalan was in jail for over 30 years. In 1998, he was
sentenced to death, but it was later commuted.

Arrested at 19, Perarivalan was convicted for procuring batteries that
were used in the bomb to kill Gandhi.  Gandhi was assassinated by a female suicide bomber as he addressed an election rally in Tamil Nadu state.

Gandhi’s killing was widely seen as retaliation for his having sent
Indian peacekeepers to Sri Lanka in 1987 when he was prime minister.

Perarivalan was a member of the Liberation Tigers of Tamil Eelam
(LTTE), a rebel group fighting for a separate Tamil state in Sri
Lanka. The rebels were finally defeated by Sri Lankan troops in 2009.

On Wednesday, a three-judge bench of the Supreme Court invoked a
section of the Indian Constitution that grants it extraordinary powers
“for doing complete justice in any cause” to release Perarivalan, one
of the seven convicts in the case, considering that he had been in
jail for over 30 years.

Over the years, governments in Tamil Nadu state had asked for
Perarivalan and the other convicts to be released.

In 2000, the state governor had commuted the death sentence of Nalini,
a female convict in the case, and in 2014, the Supreme Court had
commuted the death sentences of all the others on account of an
11-year delay in deciding their mercy petitions.

UN stands with Sri Lanka for a peaceful recovery from current crisis

While admiring the resilience shown by the Sri Lankan people, the
United Nations says it stands with Sri Lanka and hopes for a peaceful
recovery from the current crisis.

On behalf of the Secretary-General and the United Nations Country Team
in Sri Lanka, Hanaa Singer-Hamdy, UN Resident Coordinator in Sri Lanka
wished all those celebrating Vesak.
“Hatred is, indeed, never appeased by hatred in this world. It is
appeased only by loving-kindness.” As Sri Lanka and the world journey
through these troubled times, may this teaching of the Buddha from the
Dhammapada guide you.

His message of compassion, tolerance, and respect for one another are
true today as they were over 2500 years ago.

Acknowledging the contributions of Buddhism to the world, an eminent
Sri Lankan the then Foreign Minister Lakshman Kadirgamar, brought a
proposal to the United Nations General Assembly to make the Buddhist
holy day an International Observance Day. Vesak was thus declared a
Day of Observance by a General Assembly Resolution in 1999. Today the
United Nations stands with Sri Lanka, we admire the resilience shown
by her people, and are hopeful of a peaceful recovery from the current
crisis.

It is only with compassion, and purity of intent, that present
challenges can be overcome. “Not to do evil, to cultivate merit, to
purify one’s mind – this is the Teaching of the Buddhas” Hamdy in a
message said.

මහින්ද රාජපක්ෂට අයත් පාරම්පරික නිවස …

පසුගිය 9 දා රාත්‍රී ඇඳිරි නීතිපැනවූ කාලයේ මැදමුලනේ මහින්ද රාජපක්ෂට
අයත් පාරම්පරික නිවස ගිනිතබා විනාශ කළ බවට වාර්තා පළවූ නමුත් සත්‍ය ලෙසම ගිනි තබා ඇත්තේ රාජපක්ෂ පවුලට සම්බන්ධ කෙනෙකුගේ වෙනත් නිවසක් බවටත් වාර්ථා වෙයි.

100,000 doses of the Pfizer vaccine: From USA to Sri Lanka

Colombo, Sri Lanka — The United States donated over 100,000 doses of the Pfizer-BioNTech COVID-19 vaccine to Sri Lanka today. These vaccines, delivered through COVAX, will help save lives and increase the COVID-19 vaccination coverage in Sri Lanka so essential to ending the pandemic.

“As the pandemic continues and new variants emerge, it is critical we work together to vaccinate as many people as possible, as quickly as possible,” said Alaina Teplitz, the U.S. Ambassador to Sri Lanka and Maldives. “This donation of FDA-approved Pfizer-BioNTech vaccines comes at no cost and represents the United States’ continuing commitment to the health and prosperity of the Sri Lankan people.”

This vaccine delivery is in addition to over 1.5 million Moderna doses donated by the U.S. to Sri Lanka on July 16.  As the global leader in public health assistance, the United States has donated $2 billion to the COVAX facility, an international initiative accelerating the research, development, and distribution of safe, effective, and high-quality vaccines to countries around the world.  COVAX has already delivered 209 million vaccines to 138 countries.  The U.S. is its largest single contributor

විමුක්ති කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට?

තම පුත් විමුක්ති කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත් මුළුමනින් ම අසත්‍ය හා පදනම් විරහිත බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග අවදාරණය කර සිටියි.
එවැනි ප්‍රචාරයන් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ශේප කරන බවද ඇය කියා සිටියි.
හිටපු ජනාධිපතිනිය එබව සඳහන් කර ඇත්තේ, ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
එම සටහනේ මෙසේද සඳහන් වේ.
”ඔහුට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ ආසාවක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුට ද උරුම කරවීමේ කිසිදු අදහසක් මට ද නොමැත.
ඔහු අප රටට බෙහෙවින් ආදරය කළද, රට වෙනුවෙන් සේවය කළහැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බව ද පවසනු කැමැත්තෙමි.
එබැවින් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන් සියලු ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. ”

ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට ……

දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරු වලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන්ය. මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි. වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුය. යම් නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳව කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

ළමා හා කාන්තා සංවර්ධනය සඳහා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් විශේෂ අවධානය යොමු කර තිබේ. එය යථාර්තයක් බවට පත් කරගැනීමට වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ද ස්ථාපිත කෙරිණ.

ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙනයන වැඩපිළිවෙළ ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණය අධ්‍යයනය කර, නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පෙන්වා දුන්නේය.

අනිවාර්යය කර ඇති පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමත්, ළමුන් පාසල් නොයැවීමට හේතු සොයා ඊට පිළියම් යෙදීමත් ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය. සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන අධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා දෙමාපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු අතර ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් දීමේ අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳව දැනුවත් කිරීම, මව්වරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක්කිරීම, හිංසනයට ලක්විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනාගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු නිම වෙමින් පවතින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී පිළිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදාකර දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව පියල් නිශාන්ත මහතා සඳහන් කළේය.

ළමා හා ස්ත්‍රී අපයෝජන වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ හා සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව  ද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතනවල කාර්ය සාධනය පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කරනු ලැබීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එස්.ඩී. ජයසේකර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ යන මහත්ම මහත්මීහු සහ අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.