ATM යන්ත්‍රවලින් මුදල් සොරකම් කිරීමේ සිද්ධිය​කට පොලිස් නිලධාරියෙකු ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට

දකුණු පළාතේ ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කළ සිද්ධියකට පොලිස් නිලධාරියෙකු සහ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර විදේශිකයින් දෙදෙනා කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නවාතැන්ගෙන සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම සැකකරුවන් අතර මීගහතැන්න පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාද සිටින බව පොලීසිය සඳහන් කළා.

වරාය නගර කොමිසමේ නිලධාරීන්ට මුදල් කාරක සභාවේ අප්‍රසාදය

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සහභාගී නොවීම සහ ඒ පිළිබඳව විධිමත්ව කාරක සභාව දැනුවත් නොකිරීම පිළිබඳව රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී අප්‍රසාදය පළවී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව රැස් වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

වාර්ෂික විගණන වාර්තා කඩිනමින් ඉදිරිපත් කිරීම සහතික කරන ලෙස කාරක සභාව කොමිෂන් සභා නිලධාරීන්ට නියෝග කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කැසිනෝ ව්‍යාපාරය නියාමන වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව අධීක්ෂණය සඳහාද අනුකමිටුවක් ස්ථාපනය කළ බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

1713e1c145f298e6173b23cfb9bc242b

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් අද යළි ජාතික පද්ධතියට

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය මඟින් අද (08) සිට යළි විදුලි උත්පාදනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් පසුගිය මස 23 වනදා අක්‍රිය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබුණා.

මේවන විට ගල් අඟුරු මෙට්‍රික්ටොන් 60,000 බැගින් වූ නෞකා දෙකක් දිවයිනට පැමිණ ඇති බවයි විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා සදහා සහභාගීවීමට තායිලන්ත රජයේ නියෝජිත කණ්ඩායම අද (08) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අවුරමන් සුප්තාවිතුම්ගේ (Ms. Auramon Supthaweethum, Director General of the Department of Trade Negotiations) ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම නියෝජිතයන් 26 දෙනෙකුගෙන් සමන්විත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාළ තුන්වැනි වටයේ සාකච්ඡා හෙට (09) සහ අනිද්දා (10) කොළඹදී පැවැත්වීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

b4027dca166d1a309e9a9022c042adc4

ජනවාරි 17 සිට උසස් පෙළ උපකාරක පංති පැවැත්වීම තහනම්

2022 වර්ෂයේ උසස් පෙළ සිසුන් සඳහා වන උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම එළැඹෙන ජනවාරි 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වන දින ආරම්භවීමට නියමිත බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්වෙන ලකුණු

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දී පැවැත්විමට අපේක්ෂා කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටියේ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිතව තීරණය ගෙන නොමැති බවයි. පාසල්වල විෂය ආවරණය සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය යටතේ විභාගය පැවැත්වෙන දිනයක් පිළිබඳව තීරණයක් ගන්නා බවයි කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම්

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් බවයි “2022 ජාතික විශිෂ්ටතා සම්මාන උළෙල” අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

බිඳ වැටුණු ආර්ථිකය දෙස බලා පසුතැවෙනවා වෙනුවට වඩා සමෘද්ධිමත් අනාගතයක් උදා කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම ජනවාරි මාසයෙන් ඔබ්බට යා හැකියි – ​ෂෙහාන් සේමසිංහ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය සහනය සඳහා IMF අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය තවදුරටත් පමාවිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව එම අනුමැතිය ජනවාරි මාසයෙන් ඔබ්බට යා හැකි බවත් 2023 වසරේ පළමු කාර්තුව තුළදී ඊට අදාළ අනුමැතිය ලබාගැනීම රජයේ උත්සාහය බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

CEB ඉංජිනේරු සංගමයේ සභාපති කළ ප්‍රකාශය අසත්‍යයක් – බලශක්ති ඇමති

දෙසැම්බර් 31 වනදායින් පසු දීර්ඝ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බවට ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව එම ප්‍රකාශය සිදුකළ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපතිවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් බලධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

බලාගාර තුනේම කටයුතු එකවර අක්‍රීය කිරීමට කිසි ලෙසකින්වත් බලාපොරොත්තු නොවන බවත් එවැනි තත්ත්වයක්ද ඇති නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව වැඩිවීමේ හැකියාවක් තියෙනවා – ජනක රත්නායක

ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළයාමේ හැකියාවක් පවතින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඔහු පවසන්නේ ලබන වසර සඳහා ගල් අඟුරු නෞකා 38ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවද මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ ගල් අඟුරු නෞකා 06ක් පමණක් බවයි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ 15 වනදා වෙනතුරු පමණක් ගල් අඟුරු ගෙන්විය හැකි බවත් එසේ වුවත් නැව් 20 කට වඩා ගෙන්විය නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලබන වසර තුළ අනිවාර්යෙන්ම ගල්අඟුරු අවශ්‍ය සංචිත ප්‍රමාණය නැතිවීමේ අවදානමකට ලක්ව ඇති බවත් ගල් අඟුරු නැති වුවහොත් මෙම වසරේ ජනවාරි මාසයේ තිබුණා මෙන් දීර්ඝ විදුලි කප්පාදුවකට යාමේ පදනමක් පවතින බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.