ආදර්ශා කරදන පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ආදර්ශා කරදන පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහාචාර්ය ආශු මාරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අදළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
2023 වසරේ පළමු සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,142 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව පසුගිය 02 වනදා සිට 07 වනදා දක්වා කාලය තුළ එම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.
එම කාලය තුළ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 440ක් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 433ක්, පුත්තලම ප්‍රදේශයෙන් 273ක්, කල්මුණේ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 147ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගින් 128 දෙනෙකු හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය සටෝෂි ෆුජිමරු ( Satoshi Fujimaru) මහතා ඇතුළු ජපාන ව්‍යාපාරිකයින් කණ්ඩායමක් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ආගන්තුක සත්කාරය සහ සංචාරක ව්‍යාපාරය, පතල් කැණීම, ශ්‍රම බලකාය පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීමට රජය දරන උත්සාහයන් පිළිබඳව දැඩි කනස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ඒ අනුව ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුව කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතිය යටතේ මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට ඉඩදිය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

1983 සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම් වලදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හතරදෙනෙකුට එරෙහිව විශේෂ ආර්ථික පියවර පනතට අනුව රෙගුලාසි යටතේ සම්බාධක පනවන බව කැනඩා විදේශ කටයුතු අමාත්‍යවරයා පවසනවා.
ඒ අනුව මෙරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සිව් දෙනාට මෙලෙස සම්බාධක පනවා ඇති බවයි සඳහන් වන්නේ.
මානව හිමිකම් සම්බන්ධයෙන් සිය වගවීම ආමන්ත්‍රණය කරන ලෙස කැනඩාව සහ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවෙන් දිගින් දිගටම ඉල්ලා සිටියද, ශ්‍රී ලංකා රජය සිය මානව හිමිකම් බැඳීම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇත්තේ සීමිත අර්ථවත් සහ සංයුක්ත ක්‍රියාමාර්ග පමනක් බව එම නිවේදනයේ දැක්වෙනවා.
මෙම සම්බාධක පැනවීම මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කළ පුද්ගලයන්ට අඛණ්ඩව දණ්ඩමුක්තිය ලබාදීම කැනඩාව පිළි නොගන්නා බවට පැහැදිලි පණිවිඩයක් යවන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේදී විදුලි කප්පාදුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ අනුව විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් ලබාගෙන ඒ අනුව අවශ්‍ය පියවර කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය කරමින් පවතින බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.
විභාගය පැවැත්වෙන කාල සටහන විභාග දෙපාර්මේන්තුවෙන් ලබාගෙන විදුලි කප්පාදුවකින් තොරව කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අතීතයට බලපාන ආකාරයට විදුලි බිල වැඩි කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාවෙහි ඇති ගණනය කිරීම් වැරදි බැවින් ඊට අනුමැතිය ලබාදීමට පෙර එම යෝජනාව සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලන බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
විදුලිබිල වැඩි කිරීමට අදාළ යෝජනාව ලැබුණේ ඊයේ දිනයේ බවත් මෙය සලකා බැලීම දින 45 ක 50 ක අතර කාලයක් යන බවත් විදුලිබල මණ්ඩලය අසාධාරණයක් නොවන ලෙසත් පාරිභෝගිකයන්ට සාධාරණයක් වන ලෙසත් සියලු කටයුතු සිදුකරන බවයි ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි එක්ව තරග කිරීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (10) දහවල් පැවති රැස්වීමකින් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
ඒ අනුව පක්ෂ දෙකෙහි දිස්ත්‍රික් ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී එක්ව තරග කරන පළාත් පාලන ආයතන සහ වෙන් වෙන්ව තරග කරන පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තීරණයකට පැමිණි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
උපයන විට බද්ද (PAYE) පුද්ගලයින් වෙනුවට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන මගින් ගෙවීම අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මෙම සතියේදී නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
කිසියම් සීමාවක් ඉක්මවා ආදායම් ලබාගන්නා පුද්ගලයින් විසින් උපයන විට බද්ද (PAYE) රජය වෙත ගෙවිය යුතු නමුත්, ඇතැම් රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන පුද්ගලයින් වෙනුවට එම බද්ද ගෙවීමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය මෙම සතිය තුළ නිකුත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
එහෙත් එය ක්‍රියාත්මක කරන කාල රාමුවක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය නිශ්චිත තීරණයකට එළඹ නොමැති බවයි සඳහන් වන්නේ.