ආහාරවලටත් මිල සූත්‍රයක් හඳුන්වාදෙන්න – අසේල සම්පත්

ඉන්ධන සඳහා හඳුන්වාදුන් ආකාරයේ මිල සූත්‍රයක් ආහාර සඳහාද හඳුන්වාදෙන ලෙස ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

මේ අවස්ථාව වන විට මිනිසුන්ට තුන්වේලට කෑම සඳහා භාණ්ඩවල මිල ගණන් අඩුවී ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එහි වාසිය ජනතාවට ලබාදීම සඳහා ආහාරවල මිල වැඩිවීම හෝ අඩුවීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන ලෙසයි අසේල සම්පත් ආණ්ඩුවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

පුද්ගලයින් 72ක් සමඟ ගුවන් යානයක් කඩා වැටෙයි

මගීන් 68 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනෙකු සමඟ නේපාලයේ Pokhara ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී මගී ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Yeti ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර මේ වන විට මළ සිරුරු 40 ක් හමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තව තිත්ත බෙහෙත් ගන්න තියෙනවා ගොඩ එන්න – ජනපති

IMF සහය පැතීම හැර ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට වෙනත් විකල්පයක් නොමැති හෙයින් ඉදිරියේදී තව තිත්ත බෙහෙත් ගැනීමට සිදුවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනතාව විඳින දුක තමන් හොඳින් දන්නා අතර පාසල් ළමුන්ට තියෙන අඩුපාඩුකම් සහ සෞඛ්‍ය ගැටළු සියල්ල ආර්ථිකය කඩා වැටීම සම්බන්ධ විපාක බවද ජනාධිවරයා පෙන්වා දෙනවා.

සියලු අසීරු තීරණ ගිය වසරේ දී ආණ්ඩුව ගනු ලැබුව ද, එම තීරණ ජනතාවට දැනෙන්න පටන් ගන්නේ ඉදිරි මාස තුන හතරේ දී බවද ජනාධිවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනයේ සහාය බලාපොරොත්තු වෙනවා – ජනපති

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා චීනයේ සහාය බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ජනාධිපතිවරයා චීනයේ සහාය තවදුරටත් ඉල්ලා සිටි බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

මෙරට සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී මෙම අදහස් පළකර ඇති අතර චීන ජනාධිපතිවරයා විසින් ලබාදුන් ලිපියක්ද චීන නියෝජිත පිරිස විසින් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.

අදාළ Twitter පණිවිඩය පහතින්,

f4b67b4b9ae82f4214fa5df14df91d25

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීමේ නිවේදනය නිකුත් කෙරේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජන අදහස් විමසීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහජන අදහස් විමසීම පිළිබඳ දැන්වීම නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ, ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව 66.2% ක ආදායම් ඉහළ දැමීමක් ඉලක්ක කෙරෙන බවයි.

ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාව ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින අතර, ලිඛිත අදහස් පහත සඳහන් තැපෑලෙන්, ඊමේල් හෝ ෆැක්ස් මඟින් ඉදිරිපත් කළ හැකියාව පවතිනවා.

ඒ අනුව මහජන අදහස් සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා වෙළඳ කුළුණ, අංක 28, සාන්ත මයිකල් පාර, කොළඹ 03 ලිපිනයට හෝ consultation@pucsl.gov.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතිනවා.

44a33d3c66018666849c20083a331f59

මාර්තු 20 වනදා වන විට පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

2023 වර්ෂය සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය නිල ඇඳුම් මාර්තු 20 වනදා පමණ වන විට ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

චීන රජයෙන් මේ වන විට මෙරට පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදිපිළි අවශ්‍යතා‍වයෙන් 70%ක් සපුරා ඇති අතර අදාළ නිල ඇඳුම් රෙදිපිළි ඉදිරි දින කිහිපය තුළ සමුපකාර දෙපාර්තමේන්තුවේ ලොරි රථ යොදාගෙන බෙදාහරින බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

 

උසස් පෙළ උපකාරක පන්ති ජනවාරි 17 සිට තහනම්

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 17 වනදා සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පංති පැවැත්වීම සහ සංවිධානය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කොට ඇති අතර ඊට අදාළ විෂයානුබද්ධ දේශන සහ වැඩමුළු පැවැත්වීමත් තහනම් කොට තිබෙනවා.

එමෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම එවැනි දේවල් ප්‍රසිද්ධ කරමින් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් සිදු කිරීමත් තහනම් කර ඇති බව එම නිවේදනයේ සදහන්.

උසස් පෙළ විභාගය ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

f8945a07e8e2ef1b94fd69044568382f

2023 වසරේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සඳහා චීනයෙන් රෙදිපිළි පරිත්‍යාගයක්

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.

මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) විසින් අදාළ රෙදි තොගය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත ඊයේ (13) දිනයේ දී කොළඹ වරාය පරිශ්‍රයේ භාරදෙනු ලැබුවා.

සිසුන්ට සෘජුව ම ලබාදිය හැකි වන පරිදි කපා අසුරා ලේබල් කර ඇති එම රෙදි තොගයෙන් 1/3ක ප්‍රමාණයක් මේ වන විටත් මෙරටට ලැබී ඇති අතර ඉදිරියේ දී කෙටි කලක් තුළ ඉතිරි රෙදි පිළි තොගය ද ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිෂමට කරුණු දක්වයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න විසින් පසුගියදා පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාර නොගන්නා ලෙස නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම හමුවේ කරුණු දක්වා තිබෙනවා.

අදාළ ලිපිය නිකුත් කිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට යම් අපහසුතාවක් සිදු වුයේ ඒ සම්බන්ධයෙන් තමා සමාව අයැද සිටින බවයි එහිදී ඔහු පවසා තිබුණේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් පමණක් මෙම ලිපිය නිකුත් කල බවයි.

ea7974e8dc7a0782d20a7d4f84b23e4c

ජනපති මැදුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීමේ නඩුවෙන් වසන්තට ඇප

අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අල්ලා ගත් අවස්ථාවේ දී එහි තිබූ මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හට ඇප හිමි වී තිබුණා.

ඒ ඊයේ (14) දිනයේ ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේ දී යි.

පුද්ගලයින් 72 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇති අතර කොටුව පොලිස් ස්ථානය විසින් වසන්ත මුදලිගේ එම නඩුවේ 73 වෙනි සැකකරු ලෙස නම් කර තිබුණා.

කෙසේ වෙතත් වසන්ත මුදලිගේ නැවතත් ජනවාරි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

comment loading imageමහජන ප්‍රතිචාර