අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස ආයතනය පවසනවා.
ඒ අනුව අද සිට එම මිල අඩු කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

අත්‍යවශ්‍ය භාණ්ඩ 12ක මිල අඩු කිරීමට පියවර ගෙන ඇති බව සතොස ආයතනය පවසනවා.
ඒ අනුව අද සිට එම මිල අඩු කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ. අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්,

ඉන්ෆ්ලුවෙන්සා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබෙනවා.
ඒ අනුව ඉන්ෆ්ලුවෙන්සා A වෛරස ප්‍රභේදය දිවයින පුරා පැතිරගොස් ඇති බවට සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
දිවයින පුරා රෝහල් 19 ක බාහිර රෝගී අංශවලට පැමිණෙන රෝගීන්ගෙන් ලබාගත් සෙම පටල පරික්ෂාවේදී මේ බව තහවුරු වී තිබෙනවා.
මේ වන විට වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ කුරුණෑගල, පොළොන්නරුව, හලාවත, රාගම හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල්වලින් බවයි සඳහන් වන්නේ. ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ ලෙස උණ, ඇඟපත වේදනාව, කැස්ස, නාසයෙන් සොටු දියර ගැලීම, සෙම්ප්‍රතිශ්‍යාව, හුස්ම ගැනීමේ අපහසුතාව පවතින අතර එම රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ සඳහන් කළේ.
ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ආදරණීය බිරිඳ වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසු වුණා.
ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා නුඹ හින්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, වෛශ්නාවී ආදී චිත්‍රපට රැසක් ඇය විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා.
2021 (2022) වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk ඔස්සේ එම ප්‍රතිඵල ලබාගැනීමට හැකියාව තිබෙනවා.
2021 (2022) වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් 27,012 දෙනෙකු ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා අයදුම් කර තිබුණා.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9කින් පමණක් රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය නොහැකි බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.
කෙසේ වෙතත් අමාත්‍යවරයා කියා සිටියේ එමඟින් මෙරටට දීර්ඝ කාලයක් තිස්සේ අවශ්‍යව තිබූ ජනප්‍රිය නොවන එහෙත් ගත යුතුව තිබුණු තීන්දු තීරණ ගැනීමට හැකි වතාවරණයක් සැලැසෙන බවයි.
ඒ හා සමානවම රට සම්බන්ධයෙන් පොදුවේ ජාත්‍යන්තරය මීට වඩා වැඩි විශ්වාසයක් ඇතිවන බවත්, එමඟින් යම් ස්ථානයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
යුක්රේනයේ කිව් අගනුවර නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව BBC වාර්තා කරනවා.
මෙලෙස මිය ගිය Denys Monastyrsky අමාත්‍යවරයා යුක්රේනයේ සටන් වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදුන් පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
මෙම හෙලිකොප්ටර් යානය යුක්රේන හදිසි ඒකකයන්ට අයත් එකක් වන අතර එය කඩාවැටෙන අවස්ථාවේ දැඩි මීදුම් ස්වභාවයක් පැවති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡාවලදී චීනය කඩාකප්පල්කරුවෙකු ලෙස කටයුතු නොකරනු ඇතැයි කියා තමා සිතන බවට අමෙරිකානු තානාපති ජුලි චන්ග් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කර තිබෙනවා.
එහිදී ඔවුන් චෝදනා කර සිටින්නේ ශ්‍රී ලංකාව සඳහා වඩාත් සහනදායී විසඳුමක් මූල්‍ය අරමුදල වෙතින් ලබාදීම සඳහා කටයුතු නොකර, චීනය සහ ශ්‍රී ලංකාව අතර විරසකයක් නිර්මාණය කිරීමට අමෙරිකාව උත්සාහ කරමින් සිටින බවයි.
සැබෑ කඩාකප්පල්කරු කවුරුන් ද යන්න වටහා ගැනීමට චීන සහ ශ්‍රී ලංකා ජනතාව බුද්ධිමත් බවද මෙරට චීන තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.
පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත හරහා අරගලකරුවන් හෝ විරුද්ධවාදීන්ට මර්දනය කිරීමට උත්සාහ කරන බවට වන චෝදනා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළා.
එහිදී මුල් පනත් කෙටුම්පත තුළ නොමඟ ගිය අය සහ සටන්කාමීන් ලෙස අර්ථ ගන්වා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සටන්කාමීන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පාස්කු සිදුවීමේ දී එම අන්තවාදී සමඟ කටයුතු කොට අන්තවාදී මත දැරූ තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීම සිදු කරන බවත්, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇතුළත ක්‍රියාත්මක කිරීමට හැකි කටයුතු පමණක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් විසින් ගොනුකර තිබෙන නඩු අද (18) කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එහිදි නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට වන්දි ඉල්ලා ගොනුකර ඇති නඩුවල වගඋත්තරකරුවෙකු වන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී නොසිටින බව අධිකරණයට දැනුම් දුන්නා.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන ජනවාරි මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඔහු අද (17) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
ඔහුගේ ඇප අයැදුම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.