නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනයට තාවකාලික තහනමක්

පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) සිදුවූ අනතුරින් පසුව නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් අදාළ තීරණය ගෙන ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ පවසා සිටියේ.

නවසීලන්තයේ ඊළඟ අගමැති ලෙස ‍Chris Hipkins යෝජනා වෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් විසින් ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ නවසීලන්ත පාලක පක්ෂය වන කම්කරු පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය යන දෙක සඳහා පුරප්පාඩු ඇතිවීමට නියමිතයි.

එම පුරප්පාඩුව සඳහා මේ වන වන එරට අධ්‍යාපන ඇමති, පොලිස් ඇමති, රාජ්‍ය සේවා ඇමති සහ සභානායක ධූරයන්ද හොඹ වනු ලබන Chris Hipkins යෝජනා වී තිබෙනවා.

ඒ අනුව හෙට (22) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමෙන් අනතුරුව ඔහු නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට නියමිතයි.

නානුඔය මාරක රිය අනතුරු පිළිබඳව පොලීසියෙන් නිවේදනයක්

ඊයේ (20) නානුඔය ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම සිදුවීමේ පුද්ගලයින් 07 දෙනෙකු මිය ගිය අතර තවත් 53 දෙනෙකු තුවාල ලැබුවා.

අදාළ නිවේදනය පහතින්,

dbcd116efdf77df544982c7066811c07

නානුඔය අනතුරෙන් පුද්ගලයින් 7 ක් මරුට

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 7 ක් මියගොස් තිබෙනවා.

එසේම අනතුරෙන් 41 ක් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පුද්ගලයින් 6 ක් හා ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.

පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටී ප්‍රපාතයකට පෙරළී මෙම අනතුර සිදු වුණා.

නානුඔය ප්‍රදේශයේදී බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුරක්

බස් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, පාසලක අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ දික් ඔය දෙස සිට නානුඔය දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් බවයි සඳහන් වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව පිළිබඳ මේ වන තෙක් අනාවරණයවී නොමැති බවයි සඳහන් වන්නේ.

බිත්තරයක උපරිම මිල පාලනය කෙරේ

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44 ක් සහ රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46 ක් ලෙස අදාළ ගැසට් නිවේදනය මඟින් මිල නියම කර ඇති බවයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ.

සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කරයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (21) දිනයේ පස්වරු 4.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී අවසන් කටයුතු සිදු කෙරෙන බවයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

fb893d35e8e8b4152dbb8be95dd0bcac

සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතුයි – එස්. ජයිශංකර්

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්විපාර්ශ්වික ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක වියයුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

කොළඹ දී පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට අවස්ථාව ලබාදීම සඳහා ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය මූල්‍ය සහතිකය ලබාදුන් බවයි.

එසේම බලශක්තිය, සංචාරක ව්‍යාපාරය සහ යටිතල පහසුකම් වැනි මූලික ක්ෂේත්‍රවල ශ්‍රී ලංකා ආර්ථිකයේ වැඩි ආයෝජන සඳහා ඉන්දියාව කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම යන කාරණා බලය බෙදීම සහ ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් බවද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළා.

පාසල්වල තෙවන වාරයේ 02 වන අදියර හෙටින් අවසන් වෙයි

2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ 02 වන අදියර හෙට (20) දිනයෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මුස්ලිම් පාසල් සඳහා තෙවන වාරයේ 02 වන අදියර පෙබරවාරි 06 වන සඳුදා දින අවසන් වන අතර සියලුම පාසල්වල තෙවන වාරයේ 03 වන අදියර පෙබරවාරි 20 වන සදුදා දින ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට පැමිණෙයි

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා. දෙදින නිල සංචාරයක් සඳහා ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම සංචාරය තුළදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් හමුවීමට නියමිතව තිබෙනවා.