නියෝග පිළිගන්නේ නැත්නම් ලංවිම නීතිය ඉදිරියට ගේනවා – ජනක රත්නායක

මානව හිමිකම් ‍කොමිෂන් සභාවේ දී ලංකා විදුලිබල මණ්ඩලයට තර්ජනයන් එල්ල වූ බවට වන චෝදනා මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක විසින් ප්‍රතික්ෂේප කර සිටියා.

සභාපතිවරයා පවසා සිටියේ උසස් පෙළ දරුවන්ගේ සියලු පහසුකම් රජය විසින් දැරිය යුතු බවත්, ඇමතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාකාලාපය නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි.

සඳුදා දිනය වන විට මෙම ගැටලුව යථා තත්ත්වයට ගත යුතු බව පෙන්වා දෙන සභාපතිවරයා අවධාරණය කර සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති නියෝග පිළිනොපඳින්නේ නම් විදුලිබල මණ්ඩලය නීතිය ඉදිරියට ගෙන ඒමට අනිවාර්යෙන්ම කටයුතු කරන බවයි.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා තරග විභාගයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා applications.doenets.lk/exams වෙබ් අඩවිය වෙත පිවිස විභාගය සඳහා අයැදුම්පත් යොමු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියේ. මේ සඳහා 2023 පෙබරවාරි 10 වනදා දක්වා කාලය ලබාදී තිබෙනවා.

83b3ce1ed7e32becf8cbe01190af1b75

විදුලිබල මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම නඩු මග​ට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට විදුලිබල මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (27) දින යොමු කළ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එස්. ඉලංගකෝන් සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මානව හිමිකම් කොමිෂන් සභාවේදී ඇතිවූ සිදුවීම ගැන නීති උපදෙස් විමසනවා – කංචන විජේසේකර

උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් සිය නිලධාරීන් මේ වනවිටත් නීති උපදෙස් විමසා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මානව හිමිකම් කොමිසම සමග පැවැති සාකච්ඡාවට සහභාගී වූ නිලධාරීන් එහිදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් තමා ඊයේ ජනාධිපතිවරයාව දැනුවත් කළ බවත් ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

උසස් පෙළ විභාග සමයේ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා පැවති සාකච්ඡාවේදී ඉන්ධන ලබාදීමට අදාළව තම නිලධාරීන්ගේ මතයට ගරු නොකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අත්සන් ලබාගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ.

f5a2ea6ae9a4f6977cda37ad69baa031

10653c0537f4fbccd40ecda18bd97110

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහි​ව ඛනිජ තෙල් වෘත්තිය සමිති විරෝධතාවක

රජයේ බදු ප්‍රතිපත්තිවලට එරෙහිව වෘත්තීයවේදීන් ප්‍රකාශයට පත්කර ඇති කළු විරෝධතා සතිය අද (27) පස් වැනි දිනටත් ක්‍රියාත්මක වුණා.

අදත් විවිධ ප්‍රදේශවලදී වෘත්තියවේදීන් විරෝධතා ව්‍යාපාරවල නිරත වූ අතර පසුගිය 23 වැනි දා ආරම්භ කළ කළු විරෝධතා සතිය අද දිනයෙන් අවසන් වනවා.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වූ අතර ‘එක්වෙමු – පෙළගැසෙමු, අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ එම විරෝධතාව සංවිධානය කර තිබුණා.

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් තුළ පිහිටි විහාරස්ථානයන්ගේ හා රට පුරා පිහිටි සුවිශේෂී ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයන්ගේ ආරක්ෂාව හා ප්‍රතිසංස්කරණ කටයුතු තහවුරු කිරීම සම්බන්ධයෙන් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම පසුගිය කාලවකවානුව තුළ දිවයිනේ අනෙකුත් පළාත්වල සුවිශේෂී ඓතිහාසික වැදගත් කමකින් යුත් විහාරස්ථානයන්ගේ ආරක්ෂාව හා සංවර්ධන කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව විශේෂ දායකත්වයක් ලබාදුන් බවත් එම සිද්ධස්ථානයන්ගෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම එම සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට හේතුවන බවද අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් උතුරු නැගෙනහිර හා අනෙකුත් පළාත්වල සුවිශේෂී ඓතිහාසික වැදගත්කමකින් යුත් බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂාව සඳහා හමුදා නිලධාරීන් එම සිද්ධස්ථාන ආශ්‍රිතව යෙදවීම සුදුසු බවත් උතුරු නැගෙනහිර පළාත්වල විහාස්ථානවල ආශ්‍රිතව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශවල ආරක්ෂාව සඳහා එලෙසම පවත්වා ගැනීම සුදුසු බවයි මහනාහිමිවරුන් එම ලිපිය මඟින් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

af68f0e6d7b269d9b3b64deac88782bc

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස බල කරමින් සත්‍යග්‍රහයක්

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය වහා විවෘත කරන ලෙස බල කරමින් පවත්වන සත්‍යග්‍රහයක් අද (27) පැවැත්වෙනවා.

ඒ අනුව අත්තනෝමතිකව සිසුන් 39 දෙනෙකුට ලබා දී ඇති ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා හකුලා ගන්නා ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය පැවැත්වෙනවා.

අනුරාධපුරයේදී නිවසක් ගිනිගැනීමෙන් මවක් සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

අනුරාධපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගින්නෙන් තුවාළ ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇලයාපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

ෆේස්බුක් හරහා නිදහස් උත්සවය පිළිබඳව තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක් අත්අඩංගුව​ට

75 වන නිදහස් උත්සවය සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා තර්ජනාත්මක අදහස් පළකළ පුද්ගලයෙක්ව මහරගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ෆේස්බුක් සමාජ ජාලයෙහි මහජන කැලඹීමක් ඇති වන ආකාරයෙන් නිදහස් උත්සවයට සමගාමීව විවිධ අදහස් (පෝස්ට්) පළකර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

40 හැවිරිදි සැකකරු අද (27) නුගේගොඩ ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදු කාලසටහන් අනුමත කරන්නේ නැහැ – PUCSL

ජනවාරි 26 සිට පෙබරවාරි 17 දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇති කිසිදු විදුලි කප්පාදුවක් මහජන උපයෝගීතා කොමිසම විසින් අනුමත නොකරන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

ඒ අනුව එම කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට කටයුතු කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට විධානයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළා.

ලංකා විදුලි බල මණ්ඩලය එම විධානය උල්ලංඝණය කරමින් කටයුතු කළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

410fe879237a2cc433a76be6e16b8114