අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව මේ වන විට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව කොළඹ ලිප්ටන් වටරවුම අසළින් අසලින් ආරම්භ කළ විරෝධතාව මේ වන විට ඉදිරියට ගමන් කරමින් සිටින බවයි සඳහන් වන්නේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාව මේ වන විට ආරම්භවී තිබෙනවා.
ඒ අනුව කොළඹ ලිප්ටන් වටරවුම අසළින් අසලින් ආරම්භ කළ විරෝධතාව මේ වන විට ඉදිරියට ගමන් කරමින් සිටින බවයි සඳහන් වන්නේ.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මේ වනවිට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස්වී සිටිනවා.
ඒ අනුව ඔවුන් “රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් විරෝධතාවක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට එම ස්ථානයට පොලීසිය කැඳවා ඇති අතර ජල ප්‍රහාරක රථද එම ස්ථානයට පැමිණ තිබෙනවා.
උද්ඝෝෂණ මාර්ගයෙන් රටේ ආර්ථික ස්ථාවරත්වය නැති කිරීමට කටයුතු කරනවා නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව දැඩිව ක්‍රියා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.
ඒ අනුව අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව රැස්වීම් හා පෙළපාලි පැවැත්වීමට කිසිඳු ගැටලුවක් නොමැති බවයි.
ජූලි 9 වනදා රට කඩා වැටුනා නම් අද මෙම තත්ත්වයට පැමිණීමට නොහැකි වන බවත් ජුනි මාසය වන විට රටේ ආදායම් තත්ත්වය බලා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කිරීම සිදුකරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ වරාය, තෙල්, ජල විදුලිය ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ඉවත් කර ගැනීම සඳහා ගත යුතු ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග තීරණය කිරීමට එම සාකච්ඡාව කැඳවා ඇති බවයි පොදුජන ප්‍රගතිශීලී සේවක සංමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළේ.
වැඩ වර්ජනයක් දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගියහොත් රටට විශාල පාඩුවක් සිදුවන බවත් මේ හේතුවෙන් රජය මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදවීම හේතුවෙන්, සාමාන්‍ය පෙළ විභාගය සති දෙකකින් පමණ කල් යෑමේ හැකියාවක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා කර ඉදිරි සති කිහිපය තුළ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
උත්තර පත්‍ර ඇගයීම් කටයුතු සඳහා ගෙවනු ලබන දීමනා සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මත ගුරුවරුන් ඒ සඳහා අයදුම් කිරීමේ ප්‍රමාදයක් සිදුව ඇති අතර මේ වන විට එම ගැටලුව නිරාකරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (07) දිනයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
“රනිල් – රාජපක්ෂ ජුන්ටාව පන්නමු, ක්‍රම වෙනසකට පෙළ ගැසෙමු” යන තේමාවෙන් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව මෙම විරෝධතාව අද දහවල් 12.00 ට කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතයි.
කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුලදස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත මාර්ග භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව එම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර අද රාත්‍රී 7.00 ට ආරම්භවීමට නියමිත අතර පෙරහැර බෞද්ධලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර බොරැල්ල හන්දිය, මරදාන පාර බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී එම මාර්ගයේම විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් පෙරහැර ගමන් ගන්නා මාර්ග භාවිත කිරීමේදී වාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම අපහසුතා මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
මෙම සතිය තුළ රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කෝප් කමිටුව හෙට රැස්වීමට නියමිතව ඇති අතර හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
ලබන 8 වනදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර මාර්තු 09 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පාසල් සිසුන් සඳහා 30% ක මිල අඩුකිරීමක් යටතේ අභ්‍යාස පොත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඉදිරියේදී සතොස වෙළඳසැල් හරහා රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව මුද්‍රණය කරන අභ්‍යාස පොත් පාසල් සිසුන්ට මිලදී ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.
ඒ අනුව ඉදිරි සති කිහිපය තුළ එම පොත් සතොස වෙළඳසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (06) ට යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ බවයි සඳහන් වන්නේ.
යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම. රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වීම, මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්වීමද අද වැනි දිනක සිදුවී ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධාන කර තිබෙනවා.