රුපියල් මිලියන 160ක වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ඔස්සේ ඉන්දියාවේ මුම්බායි නුවර වෙත සූක්ෂම ගෙන යාමට උත්සාහ කළ රත්‍රං කිලෝ ග්‍රෑම් 10.5ක බරකින් යුතු රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රත්‍රං‍ තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160ක් පමණ වන බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ගුවන්තොටුප‍ොළේ සංක්‍රමණික පරිශ්‍රයේ රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු ද මෙම සිදුවීමට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා. සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරනවා.

දුම්රියේ වැසිකිළිය තුළ අත්හැර ගිය බිළිඳා ගැන පොලිස් විමර්ශන ඇරඹෙයි

කොළඹ සිට මඩකලපුව සිට ධාවනය වීමට තිබූ ශීඝ්‍රගාමී දුම්රියක වැසිකිළියක දමා ගොස් සිටියදී මාසයක්වත් වයසැති බිළිඳකු ඊයේ (10) රාත්‍රීයේ දී සොයා ගෙන තිබුණා.

අදාළ බිළිඳා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වනවා.

බිළිඳාගේ දෙමාපියන් හඳුනා ගැනීම සඳහා මේ වන විටත් පොලිස් විමර්ශන ආරම්භ කර ඇති බවත් අද (11) දිනයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් කොටුව පොලීසිය වැඩිදුරටත් පවසා සිටියා.

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහිව ජනකගෙන් පෙත්සමක්

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද (10) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන උපයෝගීතා කොමිසම, එම කොමිසමේ සාමාජිකයන්, ලංකා විදුලිබල මණ්ඩල මණ්ඩලය, ලෙකෝ ආයතනය සහ නීතිපතිවරයා නම් කර ඇති බවයි සඳහන් වන්නේ.

මහජන උපයෝගීතා කොමිසම යනු මහජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට බැඳී සිටින ආයතනයක් බවත් මෙම විදුලි ගාස්තු සංශෝධනයට අනුමැතිය දීම තුළින් එම කොමිසම මහජන යහපතට පටහැණි ආකාරයෙන් කටයුතු කර ඇති බවත් එය නීතියට පටහැණි බව ඔහු සිය පෙත්සම මඟින් පෙන්වාදී තිබෙනවා.

එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ විදුලි ගාස්තු වැඩි කිරීම තුළින් මෙරට මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ අදාළ ගාස්තු සංශෝධනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

හිඟව තිබූ ඖෂධ 151 ක් අතුරින් 83 ක් අද ලබා ගන්න පුළුවන් වුණා – සෞඛ්‍ය ඇමති

ඊයේ (09) දිනය වන විට මෙරට හිඟව තිබූ ඖෂධ 151 ක් අතුරින් 83 ක් අද (10) දිනයේ ලබා ගැනීමට හැකියාව ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමුකළ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා උපරිම වශයෙන් සහයෝගය ලබාදීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇති බවයි.

අත්‍යවශ්‍ය කිසිඳු දෙයක් කල් දැමිමට කටයුතු කර නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළේ.

ෂී ජින් පින් ඉතිහාසය ගත වෙමින් තෙවනිවරටත් ජනපති ධූරයට

චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් තෙවන වරටත් එරට ජනාධිපති ධුරය සඳහා පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති අතර එහිදී ඡන්ද 2,952ක් ලැබුණු බවයි සඳහන් වන්නේ.

චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් විසින් 2018 වසරේදී ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

ඉදිරි දිනවලදී නව අගමැතිවරයෙකු සහ විවිධ ඇමතිවරුන් නම් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුටරත් වාර්තා කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය දෙවන දිනටත් අඛණ්ඩව

සියලු විශ්ව විද්‍යාල ආවරණය වන පරිදි ආරම්භ කළ වැඩ වර්ජනය අද (10) දෙවන දිනටත් අඛණ්ඩව පැවැත්වෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක පවසනවා.

ඒ අනුව මේ වන විට විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යන කටයුතුවලින් ආචාර්යවරුන් ඉවත්වීම හේතුවෙන් විශ්වවිද්‍යාලවල කටයුතු අඩාලවී ඇති බවද ශ්‍යාම් බන්නැහැක සඳහන් කළා.

මෙම තත්ත්වය තවදුරටත් ඉදිරියට යාමට ඉඩ නොදී රජය මේ සඳහා මැදිහත්ව මෙම බදු ප්‍රතිපත්තිය සඳහා විසඳුමක් ලබාදෙන ලෙසයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

අද (10) දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරනවා.

ඒ අනුව එහිදී රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.

අද (10) දිනයේ වෘත්තීයවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුවට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් ලැබී ඇති බවත් එහිදී මෙම ගැටලුව විසඳෙනු ඇති බවට විශ්වාසක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

විරෝධතා පාලනය කිරීම සඳහා පොලීසිය කටයුතු කළ ආකාරය ගැන පරීක්ෂණයක්

කොළඹ විශ්ව විද්‍යාලය සහ කැළණිය විශ්ව විද්‍යාලය අවට විරෝධතා පාලනය කිරීම සඳහා පොලීසිය ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව උද්ඝෝෂණ මැඩපැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් අනුගමනය කරනු ලැබූ ක්‍රියාපිළිවෙත් පැහැදිලි කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාර්තු 13 වනදා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා ඇති බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

9eaa9fd01380cd5415be966c176bad2c

විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළට පොලීසිය ඇතුලුවීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අධ්‍යාපන ඇමතිගෙන් ඉල්ලීමක්

විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළට පොලීසිය ඇතුලුවීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් සහ පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

මේ වන විට විශ්විද්‍යාල සිසුන් විරෝධතාවල නිරත වන්නේ විශ්විද්‍යාල පද්ධතිය තුළ ඇති ගැටලු සම්බන්ධයෙන් නොවන බවත් පොදුවේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

විශ්විද්‍යාල පද්ධතිය තුළ ඇති ගැටලු සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සාකච්ඡා කිරීමට සුදානම් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කළ සමරු කාසි මිලදී ගැනීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් සැමරුම නිමිත්තෙන් නිකුත් කරන ලද සංසරණය සඳහා නොවන සමරු කාසි සීමිත ප්‍රමාණයක් අද (09) සිට මහ බැංකු අලෙවි ස්ථාන හරහා අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව මහ බැංකුව පවසනවා.

එම එක් කාසියක් රුපියල් 6000ක මුදලකට පහත නිවේදනයේ සඳහන් ස්ථාන හරහා මිලදී ගැනීමේ අවස්ථාව හිමිවන බවයි නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ.

අදාළ නිවේදනය පහතින්,

ee1cb1e6192c2e8c97343c2b376e93b2