වෙසක් උත්සවයට දන්සැල් 7000 ක් ලියාපදිංචි වෙයි

වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් 7,000ක් පමණ ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ලියාපදිංචි වී නොමැති දන්සැල් සම්බන්ධයෙන් ද සොයාබැලීමට තීරණය කර ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

දන්සැල් කටයුතු පරීක්ෂාව සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3000 ක් පමණ යොදවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර ඇති බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපයට අයත් රථ ගාල්, බෞද්ධාලෝක වෙසක් කලාපයකට අයත් රථ ගාල් සහ ගාලු මුවදොර ප්‍රදේශය ආශ්‍රිත රථ ගාල් කිහිපයක් සකස් කර ඇති බවයි පොලීසිය මහජනතාවට දැනුම්දෙන්නේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මහජනතාවගේ ආරක්ෂාව සඳහා වෙසක් කළාප ආශ්‍රිතව පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් සිවිල් ඇඳුම්වලින් යෙදවිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

වෙසක් පුර පසළොස්වක පෝය දිනය අදයි

සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසළොස්වක පොහෝ දිනය අදට (05) යෙදී තිබෙනවා.

සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණය කිරීම යන අවස්ථා තුන සිදුවූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සැමරනු ලබනවා.

මීට අමතරව බුදුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනල කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.

වෙසක් පොහෝ දිනය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව සමරන අතර ශ්‍රී ලංකාවේද සෑම විහාරස්ථානයකම ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

ඒ අනුව වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර ඇති බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරතවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කරයි

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවල නිරතවීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කළ බව පවසනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (04) දහවල් රැස්වී මේ සම්බන්ධයෙන් තීරණය කළ බවයි එම සමිති සම්මේලනය වැඩිදුරටත් සඳහන් කළේ.

බුද්ධ රශ්මි වෙසක් කලාපය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) විවෘත කර තිබෙනවා.

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03, 04, 05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීල භාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

එම වෙසක් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපතිවරයා අතින් සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මේ මාසය තුළ ඉදිරිපත් කිරීමට සූදානම් – රංජිත් සියඹලාපිටිය

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල මේ මාසය තුළ ඉදිරිපත් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව රටට සුබවාදී ආකාරයෙන් එම කටයුතු සිදු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තිරික්ක වල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයැම් අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊයේ (02) පස්වරු 4.00 සිට අද පස්වරු 4.00 දක්වා කාලය සදහා එම අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පාර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙසක් පොහොය වෙනුවෙන් දින තුනක් සුරාසැල් වැසේ

වෙසක් පොහොය නිමිත්තෙන් දින තුනක කාලයක් සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද (04) හෙට (05) සහ අනිද්දා (06) දිනවල මෙලෙස සුරාසැල් වසා දැමීමට කටයුතු කරන බවයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ.

ජනපති එක්සත් රාජධානියට බලා පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (04) අලුයම එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් රාජධානියේ රජු සහ රැජින ලෙස III වන චාල්ස් සහ ඔහුගේ බිරිඳ කැමිලාගේ රාජාභිෂේකයට සහභාගීවීමට මෙලෙස ජනාධිපතිවරයා එක්සත් රාජධානියට ගොස් ඇති බවයි සඳහන් වන්නේ.