අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කල ප්‍රකාශය

පසුගිය බ්‍රහස්පතින්දා මම අග්‍රාමාත්‍ය ධූරය භාරගත්තා. එම ධූරය මම ඉල්ලා
සිටියේ නැහැ. රටේ ඇතිවී තිබූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ගරු ජනාධිපතිතුමා
විසින් මෙම ධූරය භාරගැනීමට ම‌ට ආරාධනා කළා. මම දේශපාලන නායකයෙකු වශයෙන් පමණක් නොව නිදහස් අධ්‍යාපනය බුක්ති විඳලා කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඉහළට ගිය ජාතික නායකයෙකු වශයෙනුයි මෙම වගකීම භාර ගත්තේ.

මේ මොහොතේ ලංකාවේ ආර්ථිකය ඉතාමත් දරුණු තැනකයි තියෙන්නේ. 2022 ආරම්භයේ දී පසුගිය රජයේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 2.3ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත් මේ වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්.

2022 වසර සඳහා රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.3 ක්. කෙසේ වෙතත් පසුගිය
රජයේ පොළි අනුපාත වැඩිවීම් සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ සමස්ථ වියදම රුපියල් ට්‍රිලියන 04 කි. වර්ෂය සඳහා අයවැය හිඟය රුපියල්
ට්‍රිලියන 2.4 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13 කි.

ඒ වගේම අනුමත ණය සීමාව රුපියල් බිලියන 3200ක්. අපි මැයි මාසයේ දෙවන සතිය වන විට රුපියල් බිලියන 1950ක් වියදම් කරලා. ඒ අනුව දළ ඉතිරිය රුපියල්
බිලියන 1250ක්. අපි ඊයේ කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගත්තා භාණ්ඩාගාර
බිල්පත් නිකුත් කිරීමේ අනුදත් සීමාව බිලියන 3000 සිට 4000 දක්වා වැඩි
කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්න.

2019 නොවැම්බර් මාසයේ දී අපේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.5ක් තිබුනා. නමුත් අද භාණ්ඩාගාරයට ඩොලර් මිලියනයක්වත් සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙලා. ගෑස් නැව්ගත කිරීම සඳහා ගෙවීමට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 05ක් වත් මේ වෙලාවේ මුදල් අමාත්‍යාංශයට සොයා දීමට හැකියාවක් නෑ.

මේ සියලු අර්බුද අතර අපි මුහුණ දෙන බැරෑරුම් ම ගැටලු කිහිපයක් තියනවා.
ඉදිරි දින කිහිපයේ දී පෝළිම් පාලනය කිරීම සඳහා ඉතාමත් කඩිනමින් ඇමරිකානු
ඩොලර් මිලියන 75ක් පමණ සොයාගතයුතුව තිබෙනවා. මේ වන විට අප සතුව පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි. ඊයේ පැමිණි ඩීසල් නෞකාව නිසා ඔබගේ ඩීසල් ප්‍රශ්නයට අද සිට යම් සහනයක් ලැබේවි. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙල යටතේ මැයි 19 සහ ජුනි 01 දින තවත් ඩීසල් නෞකා දෙකක් සහ මැයි 18 සහ මැයි 29 පෙට්‍රල් නෞකා දෙකක් පැමිණීමට නියමිතව තිබෙනවා. අදට දින 40කට වැඩි කාලයක සිට ලංකාවේ මුහුදු සීමාවේ පෙට්‍රල්, බොර තෙල් සහ දැවි තෙල් නෞකා 03ක් නවතා තිබෙනවා. ඒ සඳහා මුදල් ගෙවීමට විවෘත වෙළඳපොලෙන් ඩොලර් ලබාගන්න කටයුතු කරනවා.

විදුලි අවශ්‍යතාවයෙන් හතරෙන් එකක් උත්පාදනය සඳහා යොදාගන්නෙත් ඉන්ධන. මේ නිසා දෛනික විදුලි කප්පාදුව තව ටික දවසකින් පැය 15ක් වීමටත් ඉඩ තිබෙනවා. නමුත් අපි මේ සඳහා දැනටමත් අවශ්‍ය මුදල් සොයාගෙන ති‌යෙන්නෙ. එමෙන්ම යම් පමණකින් හෝ පාරිභෝගිකයන්ට ගෑස් ලබාදීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20ක් ඉතාමත් ඉක්මනින් සොයගත යුතුයි. භූමිතෙල් සහ දැවි තෙල් සම්බන්ධයෙන් පවතින තත්ත්වය මෙයටත් වඩා භයානකයි.

මේ මොහොත වන විට ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය රාජ්‍ය හා පෞද්ගලික බැංකු,
ලංකාවේ තිබෙන විදේශ බැංකු සියල්ලම ඩොලර් නොමැති වීමේ ගැටලුවට මුහුණ දීලයි ඉන්නේ. අප සතුව තිබෙන ඩොලර් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නා බව මේ වන විටත් ඔබ දන්නවා. නමුත් මෙම සියලු දුෂ්කරතා හමුවේ අප ඊයේ ලංකාවට ඩිසල් රැගත් නෞකාවක් ගෙන්වා ගත්තා. ඒ‌ නිසා අද සිට ඔබට එම ඩීසල් ලබාගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපට ඉන්දියාවේ සහයෝගය ලැබුණා. ඒ වගේම අඟහරුවාදා වන විට පැමිණ තිබෙන ගෑස් නෞකාවට මුදල් ගෙවීමට අපි කටයුතු කරනවා. ඒ තුළින් ඔබගේ ගෑස් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබේවි.

මේ අතර, තවත් උදාහරණයක් වන්නේ ඖෂධ හිඟයයි. හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සැත්කම් සඳහා අවශ්‍ය ශල්‍ය උපකරණ ඇතුළු ඖෂධ වර්ග රාශියක දැඩි හිඟයක් දැන් පවතිනවා. ඖෂධ, ශල්‍ය උපකරණ සහ රෝගීන්ට අවශ්‍ය ආහාර සපයන සැපයුම්කරුවන්ට මාස 04කින් ගෙවීම් කර නැහැ. ඔවුන්ට ගෙවන්න තියන හිඟ මුදල රුපියල් බිලියන 34ක්. ඒ වගේම රාජ්‍ය ඖෂධ සංස්ථාව ආනයනය කළ ඖෂධවලට මාස 04කින් ගෙවීම් කරල නෑ. ඒ නිසා ඔවුන්ව අසාදු ලේඛනගත කිරීමට විදේශ ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටිනවා. කණගාටුම කාරණය තමයි අත්‍යවශ්‍ය ඖෂධ 14ක් හිඟ වී තිබීමත්,  ඉන් දෙකක්වත් සැපයීමට අපගේ වෛද්‍ය සැපයුම් අංශයට මේ මොහොතේ හැකියාවක් නොමැති
වීම. එම ඖෂධ දෙක වන්නේ හෘද රෝගවලට භාවිත කරන ඖෂධයක් සහ ප්‍රතිජලභීතිකා ඖෂධයක්. හැබැයි ප්‍රතිජලභීතිකා ඖෂධය සඳහා විකල්ප ඖෂධයක්වත් නෑ.

මේ අතර 2022 වසර සඳහා ඉදිරිපත් කළ සංවර්ධන අයවැය වෙනුවට අලුත් අයවැයක් ඉදිරිපත් කරන්න සැලසුම් කරල තිබෙනවා. එය සහන අයවැයක් ලෙස ඉදිරිපත් කරන්නයි මගේ සැලසුම.

ඒ වගේම මේ වන විට දැඩි ලෙස අලාබ ලබමින් සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය
පුද්ගලීකකරණය කිරීමට මම යෝජනා කරනවා. 2020 – 2021වර්ෂයේ පමණක් ශ්‍රි
ලංකන් ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 45ක්.2021මාර්තු 31 වන විට මෙහි
සමස්ත පාඩුව බිලියන 372ක්. අප මෙය පුද්ගලීකකරණය කළත් මේ පාඩුව අපට දරන්න ම වෙනවා. මේ පාඩුව ජීවිතයටවත් ගුවන් යානයකට පය ගසා නැති මේ රටේ දුගී දුප්පත් අහිංසක මිනිස්සුන්ට විඳින්න වී ඇති බව ඔබ දැනගත යුතුයි. කෙටි කාලීනව අපි මුහුණ දෙන්න යන්නේ මීටත් වඩා දුෂ්කර කාලයකටයි. උද්ධමනය වැඩිවෙන්න ඉඩ තියෙනවා.

රජය මේ වන විට 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 84.38, 95 පෙට්‍රල්
ලීටරයකින් රුපියල් 71.19, ඩීසල් ලීටරයකින් රුපියල් 131.55, සුපර් ඩීසල්
ලිටරයකින් රුපියල් 136.31 සහ භූමිතෙල් ලීටරයකින් රුපියල්  294.50 පාඩු
ලබනවා. තෙල් සංස්ථාවට මෙම පාඩු තවදුරටත් දරාගැනීමට හැකියාවක් නෑ. ඒ වගේම විදුලිබල මණ්ඩලය විදුලි ඒකකයක් සඳහා ඔබෙන් රුපියල් 17ක් අය කළත් ඒ සඳහා රුපියල් 48ක පමණ මුදලක් වැය කරනවා. ඒ අනුව පාඩුව එක ඒකකයකින් රුපියල් 30ක් පමණ වෙනවා. එයත් බරපතල ගැටලුවක්.

මට දැඩි අකමැත්තෙන් වුවත් මේ මොහොතේ මුදල් මුද්‍රණය කිරීමට අවසර දෙන්න
සිදුවෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ගේ මේ මාසයේ වැටුප් ගෙවීම සහ ඔබට අවශ්‍ය
අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වෙනුවෙන් වැය කිරීම සඳහායි. කොහොම වුනත් මුදල් මුද්‍රණය කිරීම නිසා  රුපියල අවප්‍රමාණය වන බව අප සිහි තබාගත යුතුයි. මේ වන විට පවතින තත්ත්වය හමුවේ තෙල් සංස්ථාවට සහ විදුලි බල මණ්ඩලයට රුපියල් සොයාගැනීමට ද හැකියාවක් නෑ.

කෙසේ වුවත් ඉදිරි මාස කිහිපය ඔබට මට ජීවිතයේ දුෂ්කරම කාලපරිච්ඡේදය ගත කරන්න සිදු වේවි. එයට අපි සියල්ලෝම කැපවීමෙන් මුහුණ දිය යුතුයි.

මම ජනතාවට කරුණු සඟවා බොරු කීමට කිසිසේත්ම කැමති නෑ. භයානක වූවත් අප්‍රසන්න වූවත් මේකයි ඇත්ත තත්ත්වය. කෙටි කාලීනව අප මුහුණ දෙන්න යන්නේ ගෙවූ කාලයටත් වඩා දුෂ්කරම කාලයකට.  මේ වෙලාවේ අපට තිබෙන්නේ දුක් කම්කටොලු විතරයි. ඒත් මේ තත්ත්වය කෙටි කාලීනයි. ඉදිරි මාස කිහිපයේ දි අපේ මිත්‍ර රටවල උපකාරය සහ සහයෝගය අපට ලැබේවි. ඔවුන් මේ වන විටත් අපට උදව් කරන්න පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ සඳහා ගතවන මාස කිහිපය අපට ඉවසීමෙන් දරාගෙන ඉන්නම වෙනව.  නමුත් අපිට මේකෙන් ගොඩයන්න පුළුවන්. ඒ සඳහා අපිට අලුත් මාර්ගයකට යන්න වෙනවා.

මේ අවස්ථාවේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මම විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින්ට යොමු කළ ලිපිවලට පිළිතුරු ලබා දීම සම්බන්ධයෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

දැනට පවතින මෙම ගැටලුවලට පිළිතුරු සොයාගැනීම සඳහා ජාතික සභාවක් හෝ දේශපාලන මණ්ඩලයක් සියලු පක්ෂවල සහභාගීත්වයෙන් වහාම පිහිටුවීමට කටයුතු කළ යුතුව තිබෙනවා.

එවිට සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කොට තීරණය කර ගන්නා නිශ්චිත කාල
රාමුවක් තුළ පොදු කෙටි කාලීන – මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අවම වැඩසටහන් ක්‍රියාවට නංවා රට නැවතත් ඉහළට ඔසවා තබන්නට අපට හැකිවෙනවා. භූමිතෙල්, ගෑස්, ඉන්ධන පෝළිම් නැති රටක්, විදුලි බලය කැපෙන්නේ නැති රටක්, කෘෂිකර්මාන්තය නිදහසේ කරගෙන යන්න පුළුවන් පහසුකම් ඇති රටක්, තරුණ තරුණියන්ගේ හෙට දවස ආරක්ෂිත රටක්. මිනිස් ශ්‍රමය අරගල භූමිවල සහ පෝළිම් වල නාස්ති කරන්න ඕන වෙන්නේ නැති රටක්. හැමෝටම නිදහසේ ජීවිතය ඉදිරියට ගෙනියන්න පුළුවන් රටක්, තුන් වේල කන්න පුළුවන් රටක් අපි ගොඩනගනවා.

මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්. හුණුවටයේ ගෲෂා අනුන්ගේ දරුවෙක් වඩාගෙන වැල් පාලම තරණය කළා. මේක ඊටත් වඩා භයානක අභියෝගයක්. හෙළ ගැඹුරුයි. පතුළ පේන්නෙ නෑ. පාලම හදල තියෙන්නේ තුනී වීදුරුවලින්. අත්වැලකුත් නෑ. මගේ කකුල් දෙකට ගලවන්න බැරි සපත්තු දෙකක් දාල තියෙනවා. ඒකේ අඩියේ තියෙන්නේතියුණු යකඩ ඇණ. දරුවාව ආරක්ෂිතව  එහා පැත්තට අරන් යන්නයි මට තියෙන්නෙ. මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්. මගේ අරමුණ සහ කැපවීම පුද්ගලයෙක්, පවුලක් හෝ කණ්ඩායමක් බේරා ගැනිම නෙවෙයි. මුළු රටේම ජනතාව බේරා ගැනීම,
මුළු රටම බේරාගැනීම, තරුණ පරපුරේ අනාගතය බේරාගැනීම. ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මූණ දෙනවා. ඒ අභියෝගය ජය ගන්නවා. ඊට ඔබ හැම දෙනාගෙම සහයෝගය මට ලබා දෙන්න.

මම මගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරනවා.
ඒ මා ඔබට දෙන පොරොන්දුවයි.

මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්- පී.බී. ජයසුන්දර

රාජපක්ෂ පවුලේ මුදල් වලට වැඩිපුරම කෑදර බැසිල් රාජපක්ෂ බව හිටපු
අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර සඳහන් කරයි. රට විනාශ කරන ලද්දේ බැසිල්
රාජපක්ෂ පී.බී. ජයසුන්දර එකමුතුව විසින් බවද පවසන ඔහු පී බී ජයසුන්දර
ජනාධිපති ලේකම් කරන ලද්දේ බැසිල්ගේ උවමනාවට බවද පවසයි.

තමන් ලංකාවෙන් පිටත් කළේ නැගෙනහිර ජැටියේ ගිවිසුමට විරුද්ධ වූ නිසා බව ද
හෙතෙම තවදුරටත් කියා සිටියේ චමුදිත සමරවික

කැබිනට් මන්ඩලය පත්කල යුත්තේ ජනාධිපති නොව ජනතාවයි- නාගානන්ද කොඩිතුවක්කු

මම යෝජනාකරලා තියෙන්නේ ජන සම්මත ව්‍යවස්ථාවට අනුව දහදෙනක් ඉන්නවා දහදෙනා පත්කන්න්නෙ කව්ද ඒකෙ පාර්ලිමෙන්තුවෙන් එක්කෙනෙක්වත් නැහැ කැබිනට් මන්ඩලයෙන් එක්කෙනෙක් වත් නැහැ
දහදෙනාම පත්කරන්නෙ රටේ ජනතාව ජාතික ලැයිසිතුවෙන් වගේ කියන්න ඔනෙ මෙන්න අපේ ව්‍යවස්ථාදායක සභාව මේක ඇතුල්කල යුතුුමයි
යනුවෙන් නාගානන්ද මහතා බොස්ටන් ලංකා මාධ්‍ය ජාලය සමග සම්මුක සාකච්චාවකට එක්වෙමින් සදහන් කලේය

Oral Update on the human rights situation in Sri Lanka

48th session of the Human Rights Council
Statement by Michelle Bachelet, UN High Commissioner for Human Rights

Geneva, 13 September 2021

Distinguished President,
Excellencies,

I am pleased to update the Human Rights Council on Sri Lanka and the trends and issues identified in my last report.  I acknowledge the inputs sent by the Government in preparation for this update, and I note the President’s statement in June that the Government is “committed to work with the UN to ensure accountability” and will implement “necessary institutional reforms.” I look forward to seeing concrete actions to this effect – in line with the recommendations that have been made in our reports and by various human rights mechanisms – and my Office stands ready to engage.

I also encourage the swift and public release of the reports of the national Commission of Inquiry that was appointed in January 2021, which I understand will complete its mandate by the end of this year, so that its work and recommendations can be assessed.

The current social, economic and governance challenges faced by Sri Lanka indicate the corrosive impact that militarisation and the lack of accountability continue to have on fundamental rights, civic space, democratic institutions, social cohesion and sustainable development.

A new state of emergency was declared in Sri Lanka on 30 August, with the stated aim of ensuring food security and price controls, amid deepening recession. The emergency regulations are very broad and may further expand the role of the military in civilian functions. The Office will be closely monitoring their application.

I note with interest the President’s recent meeting with some civil society leaders, and I encourage broader dialogue and steps to open Sri Lanka’s civic space.  Regrettably, surveillance, intimidation and judicial harassment of human rights defenders, journalists and families of the disappeared has not only continued, but has broadened to a wider spectrum of students, academics, medical professionals and religious leaders critical of government policies. Several peaceful protests and commemorations have been met with excessive use of force and the arrest or detention of demonstrators in quarantine centres.

New regulations on civil society groups are being drafted, and it is widely feared that they will further tighten restrictions on fundamental freedoms. I urge that the draft be made public to allow the broadest possible discussion.

I am concerned by developments in judicial proceedings in a number of emblematic human rights cases.  They include the Attorney General’s decision not to proceed with charges against former Navy commander Wasantha Karannagoda in the case of the enforced disappearances of 11 men in 2008 and 2009.

Despite various inquiries, the victims of the Easter Sunday bombings in 2019 and religious leaders continue to call urgently for truth and justice, and a full account of the circumstances that permitted those attacks.

The President’s recent pardon of a former member of parliament, Duminda Silva, who was convicted for killing a politician in 2011, also risks eroding confidence in the rule of law and judicial process.

I am deeply concerned about further deaths in police custody, and in the context of police encounters with alleged drug criminal gangs, as well as continuing reports of torture and ill-treatment by law enforcement officials.

In March, new “de-radicalization” regulations were issued that permit arbitrary administrative detention of individuals for up to two years without trial.  I note that the Supreme Court has issued an interim stay order on their enforcement while it considers fundamental rights petitions to challenge the decree. The Government has also prescribed or listed over 300 Tamil and Muslim groups and individuals for alleged links to terrorist groups.

In June, 16 prisoners who had been convicted under the problematic Prevention of Terrorism Act, and who were nearing the end of their sentences, were pardoned. An Advisory Board has been established to which detainees under the Act can apply for their cases to be reviewed, and I urge a speedy resolution to these long-standing cases.

The Government has reaffirmed its intention to revisit the Act and established a Cabinet sub-committee for this purpose. However, I am deeply concerned about the continued use of the Act to arrest and detain people.  Lawyer Hejaaz Hizbullah has now been detained for 16 months under the Act without credible evidence presented before a court. Likewise, Ahnaf Jazeem, a teacher and poet, has been detained without charge since May 2020.  I urge an immediate moratorium on the use of the Act, and that a clear timeline be set for its comprehensive review or repeal.

A National Policy for Reparations was approved in August, and reparation payments and reconciliation programs have continued. The Office of Missing Persons has also continued to operate – with a sixth regional office opened in Kilinochchi – but it needs to inspire confidence among victims.  I stress again the importance of transparent, victim-centred and gender sensitive approaches, and that reparations programs must be accompanied by broader truth and justice measures.

I note also that last month, the Global Alliance of National Human Rights Institutions decided to initiate a special review of the national Human Rights Commission to determine its compliance with the Paris Principles, indicating its concerns about the appointment process of the Commission and its effectiveness in discharging its human rights mandate.

Against this backdrop, my Office’s work to implement the accountability-related aspects of Resolution 46/1 has begun, pending recruitment of a start-up team.  We have developed an information and evidence repository with nearly 120,000 individual items already held by the UN, and we will initiate as much information-gathering as possible this year. I urge Member States to ensure the budget process provides the necessary support so that my Office can fully implement this work.

I encourage Council members to continue paying close attention to developments in Sri Lanka, and to seek credible progress in advancing reconciliation, accountability and human rights.

Thank you

ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති නියෝගයක් අත්හිටුවයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත.

මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වන රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැත්තන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියා සිටින්නේ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින් “ දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම් නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බවය.

මෙම රෙගුලාසි යටතේ ඔනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.

මේ හේතුවෙන් පුද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වන බවද පෙත්සම්කරුවෝ සිය පෙත්සම් වලින් කියා සිටිති.

මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත් , තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත් , මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

 

Covid Patients should not be inconvenienced – President Gotabaya

President Gotabaya Rajapaksa has instructed the Heads of Health Services not to allow any patient coming to hospitals with COVID-19 symptoms to be inconvenienced.

There has been an increase in the number of patients being treated at hospitals in several major Cities including Colombo due to COVID-19 symptoms. The President emphasized that they should not be inconvenienced due to the congestion that occurred in diagnosing such patients.

Intermediate treatment centres have been set up in several major cities since a few months ago. The centres were designed with the objective of preventing infected people from being inconvenienced in any emergency situation. Therefore, the President pointed out the need to refer those who show symptoms first to the Intermediate Treatment Centres and then to the hospitals after monitoring the patient’s condition.

The President made these remarks at a meeting held with the Special Committee on Prevention of COVID 19 Outbreak on vaccination drive and its future plans,  at the Presidential Secretariat today (06).

The President instructed Ministers, State Ministers and Health Officials to directly intervene to create a proper method to avoid any inconvenience to the public at the hospital level.

President Rajapaksa further stated that it is the responsibility of health professionals to constantly advise the public through the media to avoid contracting the virus.

It was also decided to provide facilities for anyone over the age of 30 to receive the first dose at any of the vaccination centres that administer the second dose.

Vaccines have been ordered to provide both two doses to all citizens over the age of 18 before September. The government is even prepared for a third dose. However, Consultant Neurosurgeon Dr. Prasanna Gunasena said it was disappointing to note the lack of support from the public to prevent the spread of the virus.

 

Sri Lanka receives 1.5 million doses of COVID-19 vaccines donated by the USA through COVAX

President Gotabaya Rajapaksa in a twitter message this morning (16 July) said “Grateful to the US government and the American people for generously donating 1.5 Mn Moderna vaccines through the COVAX program to Sri Lanka. Together we shall reach our common goal of beating this pandemic”.

The President’s tweet followed the arrival earlier today of a stock of 1.5 million doses of the Moderna COVID-19 vaccines, donated by the USA, and made available through the COVAX facility of the World Health Organization (WHO). The consignment was handed over to Health Minister Pavithra Wanniarachchi, by US Ambassador to Sri Lanka Alaina Teplitz at Katunayake.

In a tweet announcing the donation US Secretary of State Blinken tweeted “The United States is proud to lead the global fight against COVID-19 by sharing 1.5 million Moderna vaccine doses with our Sri Lankan friends. We are committed to vaccinating as many people as possible to save lives, rebuild the global economy and stop the threat of new variants”.

Responding to it, Foreign Minister Dinesh Gunawardena was to observe “On behalf of the GOSL & our people, I thank US Govt for donating 1.5 mn Moderna vaccines to Sri Lanka. Greatly appreciate US commitment & efforts in eradicating global pandemic & saving lives”.

The US decision to make available COVID 19 vaccines as donations to needy countries was first announced by President Biden on 26th April 2021. The Sri Lanka Government which made known its interest in benefitting from this generous gesture early, has through its Embassy in Washington D.C., in coordination with the Sri Lanka State Pharmaceuticals Cooperation (CPC), been in discussion with the relevant US administration partners and vaccines manufacturing companies in facilitating the donation to Sri Lanka.

US aid

මොන සක්කරයා ආවත් තෙල් මිල අඩු වෙන්නේ නැහැ

අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල යහපාලන රජයට වඩා මේ වන විට අධික ලෙස ඉහළ ගිහින් තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (13* පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්තී‍්‍රවරයා මේ බව කී අතර එහිදී මෙසේද කියා සිටියේය.

ජනතාව අද සිටින්නේ අධික පීඩනයකින්. ඔවුන් විශාල ආර්ථික බලපෑම්වලට ලක්වෙලා ආදායම් අඩු වෙලා. රැුකියා අහිමි වෙලා. රජයේ රැුකියා කරන අය විතරයි රැුකියාව කරන්නේ. දෛනික ආදායම් ලබපු අයගේ ආදායම් විශාල ලෙස අහිමි වෙලා.

2015 යහපාලන රජය රාජ්‍ය සෙවකයින්ගේ පඩි වැඩි කළා. එය ප‍්‍රාථමික ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා වැඩි කළා. ඒ වගේම යහපාලන රජය කාලයේ බඩු මිලත් පහල මට්ටමේ තිබුණා. එදා පොල් ගෙඩියක් රුපියල් 60යි. අද වනවිට රුපියල් 90 දක්වා වැඩි වෙලා. ඒ ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල යහපාලන රජයට වඩා අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා.

එදා සීනි කිලෝවක් රු 85යි. අද 130 දක්වා වැඩි වෙලා. මේ රජය සීනිවලට කළ වැඬේ අමුතුවෙන් කිවයුතු නැහැ. සීනි බද්ද ශත 25 දක්වා අඩු කර බිලියන 15.9ක මුදලක් රටට අහිමි කළා. බදු අඩු කළාට

පාරිභෝගිකයාට සහනයක් වුනේ නැහැ. මේ රජයට ආර්ථිකය කළමනාකරණය කරන්න බැහැ .ගෑස් මිල වැඩි වීමක් පමණක් නොව ගෑස් සිලින්ඩරයේ බරත් අඩු කළ.

පෙට්‍්‍රල් අද 157 දක්වා වැඩි වෙලා. ලෝක වෙළෙඳපොළ බොර තෙල් උපරිම අඩු වූවත් මේ රජය එම සහනය ජනතාවට ලබා දුන්නේ නැහැ. ඞීසල්, භූමිතෙල් සියල්ල මිල වැඩි කරලා. යහපාලන රජය කාලෙට වඩා පොල්තෙල් මිල දෙගුණයකින් වැඩි වෙලා. එදා 320 යි අද 750යි මේවා විශාල ලෙස දැනෙන්නේ කුස්සියටයි. අද කන කෑම වේල හෙට කන්න බැහැ. පාන් මිල තිරිඟු‍ පිටි මිල ඉහළ ගිහින්. ටින් මාළු මිල වැඩි වෙලා. මේ සියල්ල සිදු වී තිබෙන්නේ ජනාධිපතිවරයා පත් වී වසර දෙකක් වනවිටයි. පඩි වැඩි වීමට වඩා බඩුමිල වැඩි වීමක් පමණයි සිදුවෙලා තියෙන්නේ.

යහපාලන රජය සෞඛ්‍ය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කළා. එදා පිළිකා රෝගියෙක් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළා. ස්ටෙන්ට් මිල 24000ක් දක්වා අඩු කළා. අද රෝගීන් විශාල පිරිසකට සැත්කම් ස`දහා ලිස්ට් එකේ ඉන්න වෙලා. බෙහෙත් මිල විශාල ලෙස වැඩි වෙලා.

පසුගිය සතියේ කොතලාවල විශ්වවිද්‍යාල පනත ගෙනාවා. එය දවසක් තුළ සම්මත කරගන්න රජය උත්සාහ කළා එම පනතට සමගි ජන බලවේගයේ අපි විරුද්ධයි. සෑම ශිෂ්‍යයෙක්ටම උසස් අධ්‍යාපනය ලබා දියයුතුය.ි එය ජනතාවගේ බදු මුදල්වලින් ලබා ගන්නේ එය ඕනම විශ්ව විද්‍යාලයකින් ලබා ගත්තට කමක් නැහැ.

ආරක්ෂක විද්‍යාලයක් තියෙන එකේ කිසිම ගැටලූ‍වක් නැහැ. හේතුව ආරක්ෂක ක්ෂේත‍්‍රයේ අයට අවශ්‍ය පුහුණු ලබා දියයුතු නිසා. නමුත් එය විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට අයත් වියයුතුයි. සිවිල් සමාජයේ අය බැෙ`දන විට සාධාරණයක් තිබිය යුතුයි. එම නිසා බ`දවා ගැනීමේ එකම පටිපාටියක් තිබිය යුතුයි.

විශ්ව විද්‍යාලයක නිදහස තිබිය යුතුයි. එය ශිෂ්‍යයාගේ ඉ`දලා ආචාර්යවරයා දක්වා. සයිටම් එකට වුණ දේ අපිට මතකයි. ප‍්‍රශ්න කරන්න නිදහස තිබිය යුතුයි. අධ්‍යාපනයේ සැපයීම හා නියාමනයක් තිබිය යුතුයි. ඒ නිසා තමයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවට අයිති විය යුතුයි කියන්නේ.

සෞඛ්‍ය ප‍්‍රශ්න සෞඛ්‍යයට බාර දියයුතුයි එය හමුදාවට බාර දීම වැරදියි. ත‍්‍රස්තවාදී ප‍්‍රශ්නයක් නම් කමක් නැහැ. ඒ තුළින් රජයේ කළමනාකරණය වැරදි හොදින් බලාගන්න පුළුවන් .ලෝකයේ කිසිම රටක එකම පවුලේ 05 දෙනෙක් කැබිනට් එකේ නැහැ. එකම රට අපේ රටයි.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. එම්. මරික්කාර් මහතා –

විශ්වාසභංගයට මුහුණ දෙන්න සිටින උදය ගම්මන්පිල මහත්තයා ඊයේ විශේෂ ප‍්‍රකාශයක් කළා මිල සූත‍්‍රය තිබුණා නම් පෙට‍්‍රල් 157 ටත් වඩා වැඩි වෙන බව. එම ප‍්‍රකාශය සරම ඇ`දගෙනද කියන්නේ. ගිය වසරේ පෙබරවාරි බොරතෙල් බැරලයක් ඩොලර් 19ට අඩු වුණා. එහිදී මිල සූත‍්‍රය තිබුණා නම් මිල අඩු වෙන්න තිබුණා. එසේනම් රුපියල් 50කට පමණ අඩු වෙන්න තිබුණා. ගිය වසරේ තෙල් බැරලයක අගය ඩොලර් 45.5යි. ඒත් අඩුකරේ නැහැ. දැන් ඩොලර් 67ට වැඩි වුනාම තමයි වැඩි කරේ. අපි අහනවා මේ වසරේ අන්තිම වෙද්දී ලෝක වෙළෙඳපොළ තෙල් බැරලයක් ඩොලර් 100ට නගිනවා කියලා විවිධ ආරංචි තියෙනවා. හේතුව කොරෝනා නිසා වහපු රටවල් ඇරියාම ඉන්ධන පරිභෝජනය වැඩි වෙනවා. එහිදී තෙල් මිල වැඩි වීමේ සම්භාවිතාවක් තියෙනවා. එසේනම් තවත් 157ක් වැඩි කරන්න ද බලාපොරොත්තු වෙන්නේ.

බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියනම් තෙල් වැඩි වෙන්නේ නැහැ කිව්වා. නමුත් අපි දන්නවා මොන සක්කරයා ආවත් තෙල් මිල අඩු වෙන්නේ නැහැ. ඒ අයට ජනතාව ගැන කැක්කුමක් නෑ. වැඩි කරනවා මිසක් අඩු වෙන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයා ඇවිත් ඇමැතිකමට පත් වුණා තෙල් මිල අඩු වුණේත් නෑ උදය ගම්මන්පිල අස්වුණේත් නෑ. සාගර කාරියවසම් අස්වුණෙත් නෑ.

ආණ්ඩුව කිසිම දෙයක මිල අඩු කරන්නේ නැහැ. ආණ්ඩුවට කඬේ ගිය බයියෝ බුකියෙත් නැහැ පාරෙත් නැහැ.

අනුෂ පැල්පිට – ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්

ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් මෙරට පරිපාලන ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියකු වන අනුෂ පැල්පිට පත්කර තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ විසින් ජනාධිපතිවරයා ගෙන් කළ ඉල්ලීමක් අනුව, ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර විසින් ජුලි 12 දින අත්සනින් යුතුව අදාල පත්වීම සිදුකර තිබේ.
කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු පෞද්ගලික හේතුන් මත පසුගියදා ශ්‍රී ලංකා පරිපාලන සේවයෙන් විශ්‍රාම ගනු ලැබිය.

“රන්ජන් ගැන දැන්ම තීන්දු ගන්න එපා”

රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන්  12 වැනිදා තෙක් කිසිදු පියවරක් නොගන්නැයි අභියාචනාධිකරණය අද (05) පාර්ලිමේන්තු මහලේකම්ට නියෝග කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිව් වසරක බරපතල වැඩසහිත සිරදඩුවම් නියමව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ,තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දෙන ලදී.

මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවූණි.

විදානපතිරණ ඇසෝසියේට්ස් නීතීඥ සමාගම මාර්ගයෙන් රංජන් රාමනායක මහතා  ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

2020 අගෝස්තු 05 මහමැතිවරණයෙන් සමගි ජනබලවේගට පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරී පත් තමාට ඉකුත් ජනවාරි 12 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව සිර දඩුවම් නියම වුවද ඉන් දින 4 කට පසුව ඉකුත් 19 වැනිදා තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්න⁣ට පළමු වගඋත්තරකාර පාර්ලිමේන්තු මහලේකම්වරයා කටයුතු කරන බව තොරතුරැ මගින් දැන ගන්නට ලැබුණු බවද ඔහු කියා සිටී.

එසේ කළහොත් එය නීතිවිරෝධී බවත් , පාර්ලිමේන්තු මහලේකම්වරයා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද රංජන් රාමනායක මහතා සිය රිට් පෙත්සමින් ඉල්ලා තිබිණි.