කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් – ජනපති

2024 අයවැය කතාව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එම වතු ඉඩම් වල නිවාස සංකීර්ණ සහ වෙළඳ සංකීර්ණ ඉදිකිරීමට කටයුතු කරනවා.

* ඉදිකිරීම් සමාගම්වලට එම ඉඩම් ලබාදෙන අතර එහි පදිංචිකරුවන්ට එම නිවාස සංකීර්ණ වලින් හෝ වෙනත් තැනක නව නිවාස ලබාදිය යුතු වෙනවා.

* සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජාතික සන්නාමකරණ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 100 ක් වෙන් කරයි.

* ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් අයවැයකරණය හඳුන්වාදීම හා ඊට අදාළ නීති සම්පාදනයට යෝජනා කෙරේ.

* අවතැන්වූවන් නැවත පදිංචි කිරීමට රුපියල් මිලියන 2000 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* අතුරුදහන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරිම සඳහා තවත් රුපියල් මිලියන 1000 ක් වෙන් කරයි.

* පූනරින් නගරය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 500 ක් ලබා දෙනවා.

* යාපනයේ ජල ප්‍රශ්නයට විසඳුමක් ලබාදීම සඳහා මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 250ක් ලබා දෙනවා.

ලෝක බැංකුවෙන් මෙරට​ට ඩොලර් මිලියන 150ක් ලබාදීම​ට අනුමැතිය

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150 ක් අනුමත කර තිබෙනවා.

ඒ අනුව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ පැරිස් හේඩඩ් සර්වෝස් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ ජාලයක් අවශ්‍ය බවයි

ඒ සඳහා ආර්ථික, ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිඳු පවුල් සඳහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

654e180352dd6

බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහලට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර පාන කිහිපයක මිල ඉහල දැමෙන බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව එම ආහාර පාන වල වැඩි වන මිල ගණන් පහතින්.

* ප්ලේන් ටී – රු.5 කින්

* කිරි තේ – රු.10 කින්

* බත් පැකට්ටුවක් – රු.20 කින්

* ෆ්‍රයිඩ් රයිස් – රු.20 කින්

* කොත්තු – රු.20 කින්

ලිට්‍රෝ ගෑස් මිල රු.95 කින් ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව බහුලව භාවිතා වන කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.95 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.3,565 ක්.

කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.38 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.1.431 ක්.

කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.18 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු.668ක් ලෙසයි සඳහන් වන්නේ.

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නියම කර ඇති උපරිම සිල්ලර මිල ගණන් පහතින්.
* සුදු සීනි පැකට් නොකළ 1Kg – රු.275
* සුදු සීනි පැකට් කළ 1Kg – රු.295
* දුඹුරු සීනි පැකට් නොකළ 1Kg – රු.330
* දුඹුරු සීනි පැකට් කළ 1Kg – රු.350

ලිට්‍රෝ ගෑස් මිල හෙට සිට ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75 කින් පමණ ඉහළ දමන බවයි වාර්තා වන්නේ.
නව මිල ගණන් හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි

දිවයින පුරා ඇති සතොස අලෙවිසැල්වල භාණ්ඩ කිහිපයක මිල පහත දමා ඇති බව එම සමාගම පවසනවා.

ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි 400g පැකට්ටුවක මිල රුපියල් 22 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 948 ක්.

එසේම කඩල රුපියල් 09කින් සහ මුං ඇට රුපියල් 77 කින්ද පහත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

654338dc87308 654338dca0f9f

රේගු ආදායම රුපියල් බිලියන 109 ඉක්මවයි

පසුගිය ඔක්තෝබර් මස ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 109 ඉක්මවා ගොස් ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

මෙය රේගුව මසක් තුළ මෙතෙක් ඉපැයූ ඉහළම ආදායම වන බව රේගු අධ්‍යක්ෂ, සීවලී අරුක්ගොඩ සඳහන් කළා.

බදු රැස්කිරීමේ ක්‍රියාවලිය විධිමත් හා කාර්යක්ෂම කිරීම ආදායම ඉහළ නැංවීමට ප්‍රධාන හේතුව වන බවත්, මෙම වසරේ සමස්ත රේගු ආදායම බිලියන 925 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ඩොලර් මිලියන 100 ක් ලබාදීමට එකඟතාවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව සිය ව්‍යාපාර සඳහා අරමුදල් සපයා ගැනීම තවදුරටත් දුෂ්කර වී ඇති ව්‍යවසායකයන් වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය යනුවෙන් නව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළකර ඇති අතර එම ණය මුදල ලබාගැනීම සඳහා ඊට අදාළ ගිවිසුම්වලට එළැඹීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

65378019c1b68

විදුලි ගාස්තු අද සිට ඉහළට

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව 0 සිට 30 දක්වා පැවති ඒකකයක් සඳහා රුපියල් 10ක් පැවති ගාස්තුව රුපියල් 12කින් ඉහළ යන අතර, 150ක පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 දක්වා ඉහළ දමා තිබෙනවා.

එසේම ඒකක 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක පැවති ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට අවසර ලබාදී ඇති අතර එහි ස්ථාවර ගාස්තුවද 300 සිට 360 දක්වා ඉහළ දමා  ඇති බවයි සඳහන් වන්නේ.

ඒකක 61 සිට 90 දක්වා ඒකකයක් සඳහා 35ක පැවති ගාස්තුව 41 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 400 සිට 480 දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒකක 91 සිට 120 දක්වා ඒකකයක් සඳහා 50 ක පැවති ගාස්තුව 59 දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව 1000 සිට 1180 දක්වා ඉහළ දමා ඇති බවද සඳහන්.