අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ අවසරය ලබාදී ඇති අතර එය සති 8ක කාලයක් සඳහා බව වාර්තා වෙයි.
Breaking News
අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට විදෙස්ගත වීම සඳහා අවසර ලබා දී තිබේ.
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අදාළ අවසරය ලබාදී ඇති අතර එය සති 8ක කාලයක් සඳහා බව වාර්තා වෙයි.
කොළඹ ප්‍රෙද්ශයේ මුස්ලිම් කඩ 4ක් ගිනි තැබීමේ සැකකරු වශයෙන් හදුනා ගත් පුද්ගලයෙකු අද දින නුගේගොඩ, මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල කඩසාප්පුවල තිබූ සීසී ටී.වී කැමරා දර්ශන ආධාරයෙන් සැකකරු හදුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත. බොදු බලසේනා මගින් පවත්වන ලද රැස්වීම් කිහිපයකටම සහභාගී වී ලද මානසික විපර්යාසය මුල්කොටගෙන ඔහු විසින් හොර රහසේ තනිව මෙම ගිනි තැබීම් කර ඇති බව වාර්තා වේ
අයහපත් කාලගුණය හා හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් දකුණු පළාතේ පාසල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් ඒවා වසා දැමීමට ක්‍රියා කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා පවසයි.
ඒ ඒ අධ්‍යාපන කලාපවල තත්ත්වයන් කෙරෙහි සැලකිල්ල දක්වා ගත යුතු ක්‍රියා මාර්ග ඔවුන් විසින් ගනු ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.
පෙ.ව 06.47 – ගිං ගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, තවලම, නාගොඩ, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ. නිල්වලා ගඟ අවට පහත්බිම් වල සිටින ජනයා අවධානයෙන් සිටිය යුතු බවත්, කොක්දූව,මාලිම්බඩ, අකුරැස්ස,පිටබැද්දර, ඌරාව,පානදුගම ප්‍රදේශවල ජනයා ඉවත්විය යුතුව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිවේදනය කර ඇත. කැලණි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කඩුවෙල, කොටිකාවත්ත, කැලණිය, කැලණි මුල්ල, කොළොන්නාව, දොම්පෙ, හංවැල්ල, පාදුක්ක ,අවිස්සාවේල්ල ජනයා අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දීම.
(පෙ.ව 8.09) සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇත.
(පෙ.ව. 08.15) අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනයා මුදවා ගැනීමට හා ඔවුන්ට සහයවීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබේ. නෙළුව, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවලට ඩිංගි බෝට්ටු 04ක් යොදවා ඇති අතර මාතර දිස්ත්‍රික්කය සඳහා ඩිංගි බෝට්ටුවක් ද කළුතර, කලවාන ප්‍රදේශය සඳහා ඩිංගි බෝට්ටු 02ක් ද යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
ගුවන් හමුදාව විසින් සහන සැලසීම සඳහා බෙල් 212 සහ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇත.
(පෙ.ව 8.42) බෙලිඅත්ත-කහවත්ත ප්‍ර දේශයේ ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබේ.
ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් D.A.රුවන්පතිරණ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා සිටී.
පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් අද(21) රාත්‍රී 9ට විශේෂ සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.
ආන්දෝලනයට ලක්ව ඇති මුදල් ඇමැතිධූරය දැනට විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීරට ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව රවි කරුණානායකට හිමිවන්නේ විදේශ කටයුතු ඇමැතිධූරයයි.
සදුදා දිනයේදී ඇමැති මාරුව සිදුවන අතර මංගල සමරවීර සිකුරාදා උදෑසන අමාත්‍යාංශයේ සිය බඩු භාණ්ඩ ඉවත් කරගෙන ඇති බවද ආරංචි මාර්ග පවසයි.
මේ අතර ජනමාධ්‍ය ඇමැතිධුරයෙන් ගයන්ත කරුණාතිලක ඉවත් කර ඔහුට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට නියමිත බව තහවුරු කළ ආරංචිමාර්ගයක් අනාවරණය කළේය. ඔහු ජනමාධ්‍ය ඇමැති ධූරයේ සිටිනවාට ජනාධිපතිවරයා කැමැති නමුත් අගමැතිවරයාගේ අකමැත්ත නිසා මෙම මාරුව සිදුවනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති ධූර කිහිපයක්ද සංශෝධනය වීමට නියමිත බවද වාර්තා වේ.
වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පවසයි.සිද්ධියෙන් තුවාල ලැබු තවත් තුවාල කරුවන් 07 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.එ් අනුව පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.
මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක කොටසක් මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටින බව ද වාර්තා වේ.
අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරී බට පිරිසක්ද අදාළ සිද්ධියේ සහන කටයුතු සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.