ජන්ද නිලධාරීන් 51ක් ජාතික රෝහලට

කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිටි ජන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් 51 දෙනෙක් ආහාර විෂවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඒ අතර සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 04 දෙනෙකු ද සිටියි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ උදෑසන ලබාදුන් ආහාර විෂවීම හේතුවෙන් මෙම පිරිස රෝහලට ගෙනා බවයි. මේ වන විට එම සියලු නිලධාරීන් ප්‍රතිකාර සඳහා රෝහලේ නේවාසික වාට්ටු වෙත යොමු කර තිබෙන බවයි.

ගෝඨාට එරෙහිව ගොනුකළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක්  ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර කළා
අද පෙරවරුවේ පෙත්සම සලකා බැලීම යලි තුන්වන දිනයේත් ආරම්භ කෙරුණු අවස්ථාවේ  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා තවදුරටත් කරුණු දක්වමින්  පුරවැසි පනතට අනුව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව සඳහන් කලා
2005 වසරේ නොවැම්බර් මස 21 වනදා රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඒ අනුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් තබා ඇති මෙම ලියවිල්ල  සත්‍ය ලියවිල්ලක් බව මේ වන විට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා හට

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා හට ලබා දීමට තීන්දු වී ඇත.

අද (24) සවස අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂයේ ජ‌්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්ජාවකදී ඒකමතිකව ‌මෙම තීන්දුව ‌‌ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මෙම හමුවට කබීර් හෂීම්, රංජිත් මද්දුමබණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, මලික් සමරවික්‍රම, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම් ඇතුළු පිරිසක් සහභාගී වී සිටි අතර සජිත් ඊට සහභාගී වී සිටියේ නැත.

එහිදී කබීර් හෂීම්, මලික් සමරවික්‍රම යන මහත්වරුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ජනපති අපේක්ෂකත්වය සජිත් ‌ප්‍රේමදාස මහතාට ලබා දුන්නද අගමැති ධූරය සහ පක්ෂ නායකත්වය තවදුරටත් වික්‍රමසිිංහ මහතා විසින් දැරිය යුතු බවකි.

ඒ අනුව තව සුලු ‌මොහොතකින් රනිල් වික්‍රමසිංහ හා සජිත් ‌ප්‍රේමදාස යන මහත්වරුන් අතර අරලිය ගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇත.

ලබන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වෙන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජන්දයකට ‌නොගෛාස් ‌මේ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට කටයුතු ‌යොදා ඇති අතර ඉන් පසුව වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කිරීමටද නියමිතය.

දිල්රුක්ෂිගේ වැඩ තහනම් කරයි

ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග මතභේදාත්මක දුරකතන ඇමතුමක නියැලුණු නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (23) දිනයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකරනු ලැබුවා.

Letter from Speaker Karu Jayasuriya

Over the past few weeks, several members of the clergy, representatives of civil society, academics, intellectuals, professionals, youth organizations and professional activists have reached out to me.   

Some of these groups met me in person. Others spoke to me over the telephone or held press conferences. Their common request is that I consider contesting as a candidate at the upcoming presidential election on a platform encompassing certain national issues.   

The common thread raised by all of these stakeholders is that they believe the country needs new leadership to strengthen our democracy, move away from political paralysis and progress towards an era of functional administration. 

I wish to express my gratitude to all those stakeholders who have reposed their confidence and faith in me, especially the venerable clergy. 

Any prospect of my accepting a nomination to contest as a presidential candidate would be conditioned upon the support of all forces united behind the critical objective of abolishing the executive presidency, which has been the objective of civil society since 1995.  

In addition, the democratic reforms first brought forward by the 17th Amendment to the Constitution and thereafter strengthened by the 19th Amendment must be safeguarded and form the basis for broader constitutional reform.  

I must emphasise that I would not accept such an offer out of a desire for the powers of the presidency. I would only serve in office for such a limited period as is necessary to complete the constitutional reforms that we promise in order to lay the foundations for a secure, prosperous and advanced democracy.   

However, it is my view that if I am to come forward as a candidate representing the alliance led by the United National Front, it must be in accordance with the party constitution and not without the blessings of all parties concerned.

Karu Jayasuriya

inglish

තද වැසි සමග අපදා තත්වයන්

තද වැසි සමග ඇතිවිය හැකි ආපදා පිළිබඳ විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට උපදෙස් ලබා දෙනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කරන එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලිමේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයට ඊයේ (14) රාත්‍රියේ සිට පවතින  අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත ප්‍රදේශයේ මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ලවී ඇත. එම ස්ථානයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.
ඊට අමතරව හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක් වැසි ජලයෙන් යටවී ඇති අතර අම්බලන්තොට රිදියගම, බැරගම යන ප්‍රදේශවල වැසි ජලය එක් රැස්විම හේතුවෙන්  පහත් බිම් යටවී ඇත.
පවතින වැසි හේතුවෙන් කුඹුරුවල පැසුනු ගොයම් කපා ගැනීමට ගොවීන්ට හැකියාවක් වී නොමැතිව ඇති බව සඳහන්.

මුලතිව් පිපුරුම් හඩක්

මුලතිව්,මුල්ලිවයික්කාල් ප්‍ර‍දේශයේ ඊයේ (09) රාත්‍රියේ දැඩි පුපුරණ හඬක් වැනි හඩක් ඇසී තිබෙනවා.
මුල්ලිවයිකාල්  681බළසේනා මුලස්ථානය හා මුලතිව් නාවික හමුදා කදවුරු භූමිය පිහිටි අතරමැදි කලාපයේ අදාළ පිපිරීම් හඩ ඇසුණු බව මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් පවසා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියෙන් විමර්ශනය කරණ අතර අදාළ පිපිරීම් හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැත.
යුද්ධයේ අවසන් සටන් මුල්තිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වු අතර, ආරක්ෂක අංශහා එල් ටී ටී ඊ සංවිධානය සිට සටන් වෙනුවෙන් යොදාගත් පුපුරණ ද්‍රව්‍ය අදාළ ප්‍රදේශයන්ගේ පවතින බව මුලතිව් ආරක්ෂක අංශ පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් FBI වාර්තා 5ක්

පාස්කු ප‍්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකාවේ FBI කාර්යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව පැවසේ.
ඒ බව සනාථ කරමින් එම දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවක් ඊයේ (04) ලබා දීලා.
ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI)  විසින් එවනු ලැබූ එම වාර්තා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වූ අපේක්ෂිත වාර්තාවන් බවත් ඒවාට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට මෙලෙස දැනුම් දුන්නා.
මිට අමතරව පසුගිය අපේ‍්‍රල් 21 වනදා සිදුකළ බෝම්බ ප‍්‍රහාර සැලසුමේ මහ මොළකරු ලෙස සැලකෙන මොහොමඞ් සහරාන් හෂීම් නමැත්තාගේ බිරිඳ ඊයේ (04) කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක හමුවේදී පැය 02ක රහස් ප‍්‍රකාශයක් ද ලබා දුන්නේ තුන් වන වරටය. මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා සිටින අබ්දුල් කාදර් පාතිමා කාදල් නමැති එම සැකකාරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.