කොළඹ ප්‍රෙද්ශයේ මුස්ලිම් කඩ ගිනි තැබූ අයට වැඩ වරදී

කොළඹ ප්‍රෙද්ශයේ මුස්ලිම් කඩ 4ක් ගිනි තැබීමේ සැකකරු වශයෙන් හදුනා ගත් පුද්ගලයෙකු  අද දින නුගේගොඩ, මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල කඩසාප්පුවල තිබූ සීසී ටී.වී කැමරා දර්ශන ආධාරයෙන් සැකකරු හදුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත.  බොදු බලසේනා   මගින් පවත්වන ලද රැස්වීම් කිහිපයකටම සහභාගී වී ලද මානසික විපර්යාසය මුල්කොටගෙන ඔහු විසින් හොර රහසේ තනිව මෙම ගිනි තැබීම් කර ඇති බව වාර්තා වේ

 බස්නාහිර පළාත් දකුණ, නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතා, නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රසාද් රණසිංහ මහතා යන නිළධාරීන්ගේ මෙහෙයුම යටතේ  මූලස්ස්ථාන පොලිස්පරීක්ෂක විජේවර්ධන සහ මූලස්ස්ථාන පොලිස්පරීක්ෂක  ජයවර්ධන ඇතුළු නිළධාරීන් විසින් මොහුව අත්අඩංගුවට ගෙන ඇත. 

විපතට පත් ජනතාවට ඇමරිකාවෙන් මිලියන 350ක ආධාර

ආපදා වලින් විපතටපත් ජනතාව සඳහා සහන සැලසීම සඳහා රුපියල් මිලියන තුන්සිය පනහක අධාර ලබාදෙන බව අමරිකානු තානාපති අතුල් කේෂප් මහතා පවසයි.
(3) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් අමරිකානු තානාපතිවරයා මේ බව පවසා තිබේ.

ගංඟා කිහිපයක ජල මට්ටම් පහල බැස යයි – නමුත් ජනතාව අවදානයෙන් පසුවන්න

ගංඟා කිහිපයක ජල මට්ටම් මේ වන විට අඩු වෙමින් පවතින බව වාර්මාර්ග අධ්‍යක්ෂිකා ජානකී මීගස්තැන්න මහත්මිය පවසයි.
මේ අතර අද (29) දිනයේ පළාත් කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේය.
ගංඟාවල ජල මට්ටම් අඩු වුවද අවදානම් ප්‍රදේශවල සිටින ජනතාව අවදානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

රට වටා ජල ගැලීම් හා විපත් – තොරතුරු යාවත්කාලීන වෙමින් පවතී

අයහපත් කාලගුණය හා හදිසි ආපදා තත්ත්වයන් හේතුවෙන් දකුණු පළාතේ පාසල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත්නම් ඒවා වසා දැමීමට ක්‍රියා කිරීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබාදී ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතා පවසයි.

ඒ ඒ අධ්‍යාපන කලාපවල තත්ත්වයන් කෙරෙහි සැලකිල්ල දක්වා ගත යුතු ක්‍රියා මාර්ග ඔවුන් විසින් ගනු ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

පෙ.ව 06.47 – ගිං ගඟ පිටාර ගැලීමත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, තවලම, නාගොඩ, වැලිවිටිය, දිවිතුර යන ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්වයක් හටගෙන තිබේ. නිල්වලා ගඟ අවට පහත්බිම් වල සිටින ජනයා අවධානයෙන් සිටිය යුතු බවත්, කොක්දූව,මාලිම්බඩ, අකුරැස්ස,පිටබැද්දර, ඌරාව,පානදුගම ප්‍රදේශවල ජනයා ඉවත්විය යුතුව ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිවේදනය කර ඇත.  කැලණි ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති අතර කඩුවෙල, කොටිකාවත්ත, කැලණිය, කැලණි මුල්ල, කොළොන්නාව, දොම්පෙ, හංවැල්ල, පාදුක්ක ,අවිස්සාවේල්ල ජනයා අවධානයෙන් සිටිය යුතු බව දැනුම්දීම.

(පෙ.ව 8.09) සබරගමු පළාතේ සියලුම පාසල් වසා දැමීමට තීරණය කර ඇත.

(පෙ.ව. 08.15) අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනයා මුදව‍ා ගැනීමට හා ඔවුන්ට සහයවීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් යොදවා තිබේ. නෙළුව, මොරවක, කඹුරුපිටිය යන ප්‍රදේශවලට ඩිංගි බෝට්ටු 04ක් යොදවා ඇති අතර මාතර දිස්ත්‍රික්කය සඳහා ඩිංගි බෝට්ටුවක් ද කළුතර, කලවාන ප්‍රදේශය සඳහා ඩිංගි බෝට්ටු 02ක් ද යොදවා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
ගුවන් හමුදාව විසින්  සහන සැලසීම සඳහා බෙල් 212 සහ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් යොදවා ඇත.

(පෙ.ව 8.42) බෙලිඅත්ත-කහවත්ත ප්‍ර දේශයේ ජල පහරකට හසුවීමෙන් පුද්ගලයෙකු අතුරුදහන් වී තිබේ.

බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට ගත් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා මැයි 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඒ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්  D.A.රුවන්පතිරණ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රහස් පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසා සිටී.

පිරිසිදු පානීය ජලය ඉල්ලා රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ උද්ඝෝෂණයට වෙඩි තැබීමට අණ දුන් බව කියන බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.

2013 වසරේ අගෝස්තු මස පළමුවනදා වැලිවේරිය නගරයේදී රතුපස්වල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම උද්ඝෝෂණයට වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

එජාප මැති ඇමතිවරුන් විශේෂ සාකච්ඡාවකට අරලිය ගහ මැදුරට

එක්සත් ජාතික පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් අද(21) රාත්‍රී 9ට විශේෂ සාකච්ඡාවක් සඳහා අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර මේ වන විට විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

මුදල් ඇමතිකම විදේශ ඇමතිට යයි

ආන්දෝලනයට ලක්ව ඇති මුදල් ඇමැතිධූරය දැනට විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කරන මංගල සමරවීරට ලබාදීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව රවි කරුණානායකට හිමිවන්නේ විදේශ කටයුතු ඇමැතිධූරයයි.

සදුදා දිනයේදී ඇමැති මාරුව සිදුවන අතර මංගල සමරවීර සිකුරාදා උදෑසන අමාත්‍යාංශයේ සිය බඩු භාණ්ඩ ඉවත් කරගෙන ඇති බවද ආරංචි මාර්ග පවසයි.

මේ අතර ජනමාධ්‍ය ඇමැතිධුරයෙන් ගයන්ත කරුණාතිලක ඉවත් කර ඔහුට රාජ්‍ය පරිපාලන අමාත්‍යධූරය ලබාදීමට නියමිත බව තහවුරු කළ ආරංචිමාර්ගයක් අනාවරණය කළේය. ඔහු ජනමාධ්‍ය ඇමැති ධූරයේ සිටිනවාට ජනාධිපතිවරයා කැමැති නමුත් අගමැතිවරයාගේ අකමැත්ත නිසා මෙම මාරුව සිදුවනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති ධූර කිහිපයක්ද සංශෝධනය වීමට නියමිත බවද වාර්තා වේ.

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පුද්ගලයින් 21දෙනෙකු තුවාල

වැල්ලවත්ත සැවෝයි සිනමාශාලව අසළ අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින්  14 දෙනෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල) ට ඇතුළත් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන මහතා පවසයි.සිද්ධියෙන් තුවාල ලැබු තවත් තුවාල කරුවන් 07 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.එ් අනුව පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා තිබේ.

මහල් පහකින් යුතුව ඉදිකරමින් පැවති ගොඩනැඟිල්ලක කොටසක්  මෙලෙස කඩාවැටීමට ලක්ව ඇති අතර ගොඩනැඟිල්ලට යටවූ තවත් පිරිස් මුදාගනිමින් සිටින බව ද වාර්තා වේ.
අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරී බට පිරිසක්ද අදාළ සිද්ධියේ සහන කටයුතු සඳහා යොදවා ඇති බව වාර්තා වෙයි.

ගීතාගෙ නඩු තීන්දුව නිසා, දමිල සංධානයටත් ෙගදර යන්න ෙවයි?

පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මියට එරෙහිව අභියාචනාධිකරණය ලබා දුන නඩු තීන්දුව නිසා, සමස්ත පාර්ලිමේන්තු සංයුතියම අවුලෙන් අවුලට පත්ව තිබේ. මේ අනුව දමිළ සංධානයේ සියළුම පාර්ලිමේන්තු ආසන අහිමි වීමේ අවධානමකට ඔවුන් පත්ව සිටී.

දකුණු පළාත් එජාප පැරදුනු අපේක්ෂකයෝ නැවත නඩු ගොනු කිරීමට සූදානම් වන්නේ ගීතා කුමාරසිංහගේ නම ඇතුලත් කල නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන නාම යෝජනා සියල්ල නීති විරෝධී බව දක්වමිනි. එසේ වුවහොත් අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ආණ්ඩුවේ අය සේම රමේශ් පතිරණ, මොහාන් ද සිල්වා වැනි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද සිය අසුන අහිමි වෙයි. එයින් ද නොනැවතී සංධාන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන ඒ.එච්.එම්. ෆවුසි සහ ෆයිසර් මුස්තෆා ද අවදානම් කලාපයේ රැදී සිටී.

තත්ත්වය එසේ වුවහොත් දමිළ සංධානයට එරෙහිව නීතිමය කටයුතු කරන්නට ඒකාබද්ධ විපක්ෂය සැරසේ. උතුරු හා නැගෙනහිර දෙපලාතම නියෝජනය කරන පිරිස්වල ද්විත්ව පුරවැසිභාවය තිබෙන පුද්ගලයින් දමිළ සන්ධානය හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන බැවින් දමිල සන්ධානයේ සියළු පාර්ලිමේන්තු ආසන ඔවුන්ට අහිමි වී යාමේ අවධානමක් ඇති බව දේශපාලන නීති විශාරදයින් පවසයි.

මේ තුල එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් සෑදීමේ වාසිය හිමිවනු ඇතැයිද, දේශපාලන විචාරකයෝ තව දුරටත් පවසති.

ලංකාවට ජී.එස්.පී. දෙන්න යුරෝපා විදේශ හා වෙළෙඳ සංගමයේ අනුමැතිය!

යුරෝපා විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා දීමට යුරෝපා විදේශ සහ වෙළෙඳ අමාත්‍යවරුන්ගේ කවුන්සිලය  අනුමැතිය ලබා දී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට GSP+ සහනය ලබා ගැනීමේ අවසන් කඩුල්ල ලෙස මෙම අනුමැතිය සැළකිය හැකි බවයි.