අද දින පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් හෙට (15) උදෑසන 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත් අතර ඒ අනුව නැවතත් හෙට දිනයේ දී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද උදෑසන එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා යන වැකිය එම කළු පටි වල සඳහන් කර තිබුණි
මධ්‍යම බෙංගාල බොක්ක pro ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය මේවනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙම කුණාටුව කන්කසන්තුරේ සිට km 1040ක් පමණ ඊසාන  දිශාවෙන් ස්ථානගත වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගජා ලෙසින් නම් කර ඇති මෙම කුණාටුව ඉදිරි පැය 24 තුළ බස්නාහිරට බරව වයඹ දෙසින් ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවතමේන්තුව සඳහන් කළේ.
එමනිසා බෙංගාල බොක්ක අවට මුහුදු බඩ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු වලින් වැළකෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමේ පුවත අසත්‍යයයි

ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් පතුරවමින් සිටින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් පවතින අසත්‍ය ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මනුෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි!

එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කර තිබේ.
ඔහු පසුගිය නොවැම්බර් 01 වන දින ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදී.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා ඉදිරියට කටයුතු කරන බව  පැවසුවද ඔහු ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන් වන්නේ, කථානායකවරයාගේ ස්ථාවරය පිළිගන්නා තමන්ට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට සිදුවන බවයි. ඉන්පසුව ඔහු  අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති අතර මාධ්‍යයට ඉදිරිපත් කළ ලිපිය මෙසේය
image

තවත් අමාත්‍යවරුන් පිරිසක් දිව්රුම් දෙයි

අද දින තවත් අමාත්‍යවරුන් 4 දෙනෙකු දිවුරුම් දුන් අතර දිනේෂ් ගුණවර්ධන මහතා මහාමාර්ග හා බස්නාහිර සන්වර්ධන අමාත්‍යවරයා ලෙසත්,
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,
වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසත් ,
අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,  මෙලෙස  දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කර්යාලය පවසයි.

පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගුයි

අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ සමග විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ හමුවක් අද දින පැවැත් වුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම  හමුව සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් ආචාර්යවරුන් පැමිණ සිටි අතර එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සහ ඉදිරියේදී සිදුවිය   යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
ඒ අතරවාරය වාරයේ ලැබුණු දුරකථන ඇමතුමකට සවන් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව එළඹෙන 05වනදා යලි කැඳවීමට ජනාධිපතිවරයා  තීරණය කර ඇති බවයි.

ගෝඨාභය හෙළිකල රනිල් සමඟ කළ කතාව

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම පිළිබඳව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද දින මාධ්‍ය වෙත අදහස් පළ කළා.
 
මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ලේකම්වරයා ප්‍රකාශ කර තිබෙන්නේ දැනට පවතින තත්ත්වය පිළිබඳව තවදුරටත් ආරවුලක් නොවන පරිදි විසඳාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි. 
 
එමෙන්ම අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට රනිල් වික්‍රමසිංහට සියලු ආරක්ෂාව සපයන බවත්,  ඉන්පසුව ද ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික විය හැකි බවත් සඳහන් කර තිබෙනවා. 
 
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කතරගම කිරිවෙහෙර දී පැවති උත්සවයකට එක්වෙමින්.

රාජ්‍ය මාධ්‍ය ආයතන වලට වැඩ බලන සභාපතිවරු පත්කෙරේ …..

ඔක්තෝබර් 28 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය මාධ්‍ය ආයතන සදහා වැඩ බලන නව සභාපතිවරු පත්කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව
ස්වාධීන රූපවාහිනීය සහ ගුවන් විදුලි සංස්ථාව සදහා – ආචාරය සෝමරත්න දිසානායක,
ශ්‍රී ලංකාව රූපවාහිනී සංස්ථාව සදහා – නීතිඥ සරත් කෝන්ගහගේ
ලේක්හවුස් ආයතනය –  වසන්ත ප්‍රිය රාමනායක යන මහත්වරු ජනාධිපතිවරයා විසින් පත්කර තිබේ

මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි….

නව කැබිනට් මණ්ඩලය පත්කිරීම ඉදිරි පැය 48 ඇතුලත….
මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නේය. ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කල බවද කතානායකවරයාට දැනුම් දී තිබේ.
නව කැබිනට් මණ්ඩලය ඉදිරි පැය 48 තුල පත්කිරීමට තීරණය ගෙන ඇතැයිද වාර්තා වේ.
මෙම පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බව හටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී

Growing Caravan of Migrants March toward US Border

The Central American migrants moving their way through Mexico Tuesday as part of a controversial caravan — one President Donald Trump is pushing hard as a midterms election issue — is forging ahead in its long journey to the U.S.-Mexico border.

The first waves of migrants — who U.N. officials estimate may be as high as 7,200 and growing — began arriving late Monday to the small southern Mexican town of Huixtla after an exhausting eight-hour trek.

Many staked out grassy spots in the town square to sleep outdoors overnight before continuing their grueling trip north on Tuesday.

They were at least 1,100 miles from McAllen, Texas, the nearest U.S.-Mexico border entry

Source: USA Today