ඉකුත් 4දින සවස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ තම නිල කාමරය තුළ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇත. එම අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක නිලධාරීන් හා ලේකම්වරුන් සිය නිල කාමරයෙන් ඉවත් කර සංගක්කාර සමග රහස් සාකච්ඡාවක් පැවැත්වූ අතර එය පැය දෙකහමාරක් පමණ පැවතුණි. මහජනතාවගේ පුද්ගල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා සංගක්කාර දායක කරගැනීම සඳහා ඇමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වන ලද බවට ආරංචි මාර්ග පැතිර ගියද සංගක්කාර සහ රාජිත අතර පැවතී දීර්ඝ රහස් සාකච්ඡාව දේශපාලන කරළිය නැවත උණුසුම් කරන කාරණයක් බවට පත් වී ඇත.

2015 වසරේ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ගෙන ඒමට මුලිකව කටයුතු කරන ලද්දේ රාජිත සේනාරත්න මහතායි . මීලග ජනාධිපතිවරණය සදහා එජාපය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවට රාවයක් පවතින අතර මේ වන විට එම අපේක්ෂකයා සංගක්කාර විය හැකි බවට දේශපාලන කසුකුසුවක් පවතී. එය වඩාත් තිවුර වුයේ රාජිත සංගක්කාර රහසිගත සාකච්ඡාවයි. නමුත් තමන් කිසිදා දේශපාලනයට නොඑන බව සංගක්කාර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කරන ලදී. නමුත් මෙම දෙපලගේ හමුවීම අලුත් දේශපාලන ගමනක ආරම්භයක පෙරමන් සලකුණක් විය හැකිය. සංගක්කාර ක්‍රීඩා කෞශල්‍යය අතින් ඉහළ ස්ථානයක සිටියෙකි. නමුත් ඔහුගේ දේශපාලන කෞශල්‍යය අප දැක නැත. දේශපාලනයට පිවිසීම තුළින් ඔහු මෙතෙක් ගොඩ නගා ගත් කිර්තිය, ක්‍රීඩාලෝලින්ගෙ ආදරය, ආශීර්වාදය දේශපාලනය නිසා විනාශ විය හැකිය. විවිධ ක්ෂේත්‍රයන්  ඔස්සේ රටට ජාතියට සේවය  කර ජනතා ගෞරවයට පත් වූ චරිත දේශපාලනයට පැමිණ, අද ඔවුන් අත්කර ගෙන තිබෙන ඉරණම පිළිබඳ කතා කර ඵලයක් නැත. බොහොමයක් තමන් තෝරා ගත් දේශපාලන මාවත තමන් විසින්ම වරද්දවා ගැනීමෙන්, රටට ජාතියට අත්වී ඇති විනාශයට ඔවුන් මෙන්ම ජනතාවත් වගකිව යුතුය. සංගක්කාරට එසේ නොවේ වා යැයි ප්‍රර්ථනා කරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ දී විශේෂ ප්‍රකාශයක්  සිදුකර සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
ඔහු සිය ට්විටර් ගිණුමේ මේ පිළිබඳව සඳහන් පණිවුඩයක් තබමින් වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව ඉදිරියේ දී පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් දියත් කරන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය ට එකඟ නොවන බවට ප්‍රකාශ කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීම්ට මේ මොහොතේ සිට කටයුතු කරන බව එම නිවේදනයේ වැඩිදුරටත්දුරටත් සඳහන් වේ.
කැබිනට් මණ්ඩලය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණධිකරණය අද ලබාදුන් අතුරු තහනම් නියෝගය ට තමා එක්ඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. එහි දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය  කිරීම සහ ඊට අදාළ අවසානාත්මක තීන්දු තීරණ ගැනීමේ පරම අයිතිය ව්‍යවස්ථානුකූලව පැවරී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයට බවයි.
මවුබිමට ඇති ආදරයද, නීතියට ඇති ගෞරවය ද දේශප්‍රේමී දේශපාලනය අවංක භාවය පෙරදැරි  රටේ ජනතාව මෙම තීරණාත්මක මොහොතේ දී සාමකාමීව සහ ධෛර්යය සම්පන්නව වගකීමෙන් කටයුතු කරනු ඇති  බවට මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බව මෙහි තවදුරටත් දැක්වේ
මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා.
මේ අනුව සියලුම වර්ගයේ පෙට්‍රල් සහ සියලුම වර්ගයේ ඩීසල් වල මිල ගණන් රුපියල් 5 කින් අඩු කිරීමට තීරණය කර ඇති බව අද දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසුවේය.
ඒ අනුව මේ දක්වා රුපියල් 145 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140ක් සහ රුපියල් 172 කට අලෙවි  වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167ක් වනු ඇති.
ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 116යේ සිට රුපියල් 111 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 141 සිට රුපියල් 136 දක්වා පහත දමා තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ දී පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, අද දිනයේ දී ඉන්ධන මිල පහත දැමීමට තීරණය කර ඇති බවයි.
මුදල් අමාත්‍යාංශය හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අතර සිදු කල සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව ද ගාමිණී ලොකුගේ මහතා මෙහිදී කියා සිටියේය.
අද දින පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් හෙට (15) උදෑසන 10.00 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා පියවර ගත් අතර ඒ අනුව නැවතත් හෙට දිනයේ දී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද උදෑසන එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා යන වැකිය එම කළු පටි වල සඳහන් කර තිබුණි
මධ්‍යම බෙංගාල බොක්ක pro ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය මේවනවිට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මෙම කුණාටුව කන්කසන්තුරේ සිට km 1040ක් පමණ ඊසාන  දිශාවෙන් ස්ථානගත වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ගජා ලෙසින් නම් කර ඇති මෙම කුණාටුව ඉදිරි පැය 24 තුළ බස්නාහිරට බරව වයඹ දෙසින් ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවතමේන්තුව සඳහන් කළේ.
එමනිසා බෙංගාල බොක්ක අවට මුහුදු බඩ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතු වලින් වැළකෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමේ පුවත අසත්‍යයයි

ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් පතුරවමින් සිටින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් පවතින අසත්‍ය ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මනුෂ නානායක්කාර ඉල්ලා අස්වෙයි!

එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම්ට තීරණය කර තිබේ.
ඔහු පසුගිය නොවැම්බර් 01 වන දින ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන ලදී.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමා ඉදිරියට කටයුතු කරන බව  පැවසුවද ඔහු ජනාධිපතිතුමාට යැවූ ලිපියේ සඳහන් වන්නේ, කථානායකවරයාගේ ස්ථාවරය පිළිගන්නා තමන්ට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිල අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගැනීමට සිදුවන බවයි. ඉන්පසුව ඔහු  අරලියගහ මන්දිරයට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති අතර මාධ්‍යයට ඉදිරිපත් කළ ලිපිය මෙසේය
image

තවත් අමාත්‍යවරුන් පිරිසක් දිව්රුම් දෙයි

අද දින තවත් අමාත්‍යවරුන් 4 දෙනෙකු දිවුරුම් දුන් අතර දිනේෂ් ගුණවර්ධන මහතා මහාමාර්ග හා බස්නාහිර සන්වර්ධන අමාත්‍යවරයා ලෙසත්,
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,
වාසුදේව නානායක්කාර මහතා ජාතික ඒකාබද්ධතා සහ රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසත් ,
අශෝක ප්‍රියන්ත මහතා සංස්කෘතික අභ්‍යන්තර කටයුතු සහ වයඹ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්,  මෙලෙස  දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කර්යාලය පවසයි.

පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගුයි

අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ සමග විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ හමුවක් අද දින පැවැත් වුණා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම  හමුව සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් ආචාර්යවරුන් පැමිණ සිටි අතර එහිදී ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සහ ඉදිරියේදී සිදුවිය   යුතු වෙනස්කම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.
ඒ අතරවාරය වාරයේ ලැබුණු දුරකථන ඇමතුමකට සවන් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව එළඹෙන 05වනදා යලි කැඳවීමට ජනාධිපතිවරයා  තීරණය කර ඇති බවයි.