ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර තොග සෞඛ්‍ය ආරක්ෂිත බවට දැනුම්දෙයි

egg

ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 10කට ආසන්න තොගයක් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සතුව පවතින බව එහි සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඉකුත් සතියේ ඉන්දියාවේ සංචාරයක නිරත වූ සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොවිපළ කිහිපයක් පරීක්ෂාවටද ලක් කළ බවත් ඔවුන්ගේ වාර්තාව පසුගියදා ලබාදුන් බවයි ඔහු සඳහන් කරන්නේ. ඒ අනුව එම ගොවිපළවලින් බිත්තර සෞඛ්‍ය ආරක්ෂිතව අපනයනය කරන බවට සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වාර්තාවක් මගින් පෙන්වාදී ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.