නව විදුලිබල පනතේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් පවසා සිටිනවා.
එහි පිටපත් පාර්ශ්වකරුවන්, සංවර්ධන නියෝජිතයින් සහ ප්‍රතිව්‍යුහගතකරණ විශේෂඥයින් වෙත ලබාදී ඔවුන්ගේ නීරීක්ෂණ හා නිර්දේශ ලබාගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
ඉන් අනතුරුව අවසන් කෙටුම්පත මෙම මාසයේ අවසානය වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසු කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.


