අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කෙරේ

bussl

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා සඳහන් කළේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගී සේවාව සාමාන්‍ය සේවාවක් හෝ සුඛෝපභෝගී සේවාවක් බවට පත්කරන ලෙස සියලු බස් හිමියන් දැනුවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී ලෙස ඇති බවත් මේ වන විට බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.