මැදින් පුර පසළොස්වක පොහොය දිනය අද (06) ට යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ ස්වකීය ජන්ම භූමිය වූ කිඹුල්වත් පුරයට වැඩම කිරීම ආරම්භ කළේ මැදින් පුර පසළොස්වක පෝය දිනයේ බවයි සඳහන් වන්නේ.
යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය (සඳ කිඳුරු ජාතකය) දේශනා කිරිම. රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවීම. එමෙන්ම දහම් අවබෝධ ලබාගත් ආනන්ද, අනුරුද්ධ, දේවදත්ත, උපාලි යන තරුණ කුමාරවරු පැවිදි බිමට පත්වීම, මහා ප්‍රජාපති ගෝතමි දේවිය සෝවාන් ඵලයට පත්වීමද අද වැනි දිනක සිදුවී ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
අදට යෙදී තිබෙන මැදින් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රට පුරා සෑම විහාරස්ථානයකම ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධාන කර තිබෙනවා.

