මහනුවර වැටලීමකදී කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 10 ක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

මහනුවර, බෝගම්බර ප්‍රදේශයේ සිදුකළ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමකදී කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව එහිදී සැකකරුවන් 06 දෙනෙකු සහ සැකකාරියන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 39යි මිලිග්‍රෑම් 265ක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සැකකරුවන් අවුරුදු 26ත් 52ත් අතර වයස්වල පසුවන හීරැස්සගල, සුදුහුම්පොළ, මහයියාව, මහනුවර සහ දිගන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකාරියන් අවුරුදු 24ත් 49ත් අතර වයස්වල පසුවන කටුගස්තොට සහ රෝහල් පටුමග ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව සඳහන් වන්නේ.