ඔහොම යමු ගිහින් බලමු කවුද මේ සෙල්ලමෙන් දිනන්නේ කවුද කියලා – ළහිරු වීරසේකර

lahiru-weerasekara

විදුලිබිල වැඩි කිරීම හමුවේ ඉදිරියේ දී සේවා රැසක මිල ගණන් ඉහළ යාමට නියමිතව ඇති බව Youth For Change සංවිධානයේ ජාතික සංවිධායක ළහිරු විරසේකර පවසනවා.

ලබන සතියේ දී මෙරට වෘත්තීය සමිති, බහුජන සංවිධානයන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනා විරෝධතාවයකට පෙළ ගැසෙමින් සිටින බවත්, ජනතාව රටපුරාවටම විරෝධතාවයන් සඳහා පැමිණෙමින් සිටින බවයි ළහිරු වීරසේකර පවසන්නේ.

තමන්ට වාසි මැතිවරණය ‍මොකක්ද යන්න පිළිබඳවත්, තමන්ට දිනන්න පුළුවන් මැතිවරණය මොකක්ද යන්න පිළිබඳවත්, වාසි සහගතවම ලබාගත හැකි මැතිවණය මොකක්ද යන්න පිළිබඳවත් ආණ්ඩුව ගණන් බලමින් සිටින බවයි ඔහු කියා සිටින්නේ.

මුළු රටක ක්ෂේත්‍ර රැසක පිරිස් ආණ්ඩුවට විරෝධය පළ කරද්දී ආණ්ඩුව ඒවා විහිළුවට ගෙන ඇති බවත්, මෙලෙස ගොස් මෙම සෙල්ලමෙන් දිනන්නේ කවුද යන්න පිළිබඳව බලාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.