වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට අද (15) අධිකරණය විසින් මරණ දඬුවම ලබාදී තිබෙනවා.
2005 වර්ෂයේදී තිස්සමහාරාම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව එහි තීන්දුව ලබාදෙමින් එම නිලධාරීන්ට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බවයි සඳහන් වන්නේ.
එවක තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බවයි සඳහන් වන්නේ.

