ව්‍යවස්ථාදායක සභාව හෙට රැස්වෙයි

Capture-64-634x375

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 03.00 ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතව තිබෙනවා.

පසුගිය 25 වනදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමේ ක්‍රමවේදය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වූ අතර ඒ සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර තිබුණා.

ඒ අනුව, පෙබරවාරි මස පළමුවැනිදා සිට 15 වැනිදා දක්වා කොමිෂන් සභා සාමාජිකයින් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව හිමිව තිබෙනවා.