මල්වානේ රැඳී සිටින විශ්වවිද්‍යාල සිසුන් ගැන අගමැතිනියගේ අවධානය….

News Iamges.00_00_00_15.Still2571

දොම්පේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳ ව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ අවධානය යොමු ව තිබේ.

එම ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් පිළිබඳ අදාළ පාර්ශව සමඟ සාකච්ඡාවක් හෙට (18) අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය.

මෙම සාකච්ඡාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ව තීරණය කරනු ඇති බවද සඳහන් වේ.