ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

maha-na-himi

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ජනපති කළ ප්‍රකාශය රට තුළ ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.

13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අනර්ථකාරීත්වය පිළිබඳව ත්‍රෛනිකායික මහ නාහිමිවරු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

රටේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩත්වය හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු නිර්මාණය කරන 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බවට මහා සංඝරත්නය එමගින් අවධාරණය කරන බවයි අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

469df32420d7fc6ccd8e5025e96b8b93