2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් දැනුම්දීමක් සිදු කර තිබේ.
ඒ අනුව මේ වසරට අදාළ ලේඛනයට ඇතුළත්වී නොමැති හෝ ලිපිනයෙහි, නමෙහි, හැඳුනුම්පතෙහි සංශෝධන ඇති, 2009.02.01ට පෙර උපන් අය තම ග්රාම නිලධාරී කාර්යාලයෙන් ඒ බව විමසීමක් සිදු කළ යුතුය.
ඉදිරි ලියාපදිංචි කිරීමේ ක්රියාවලියට පෙර තම තොරතුරු නිවැරදිව සටහන් කර ඇති බව සහතික කර ගන්නා ලෙසට කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඒ අනුව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වෙත පිවිස සිය තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කළ හැකිය.

