බදු ප්‍රතිපත්තිය පිළිබඳව පිළිගත හැකි විසඳුමක් අද හෝ හෙට අවශ්‍යයි – වෘත්තීයවේදීන්

Student-Protest

රජයේ අසාධාරණ නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පිළිගත හැකි විසඳුමක් අද (02) හෝ හෙට (03) දිනයේ බලාපොරොත්තු වන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් හෙට (03) වෘත්තීය සමිති 30 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

ඒ අනුව ආණ්ඩුව මේ සඳහා විසඳුමක් ලබා නොදෙන්නේ නම් ආණ්ඩුවට දැනෙන ආකාරයේ පිළිතුරක් ලබාදීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.