අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.
එහිදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් වික්ටෝරියා නුලන්ඩ්ට සිය ස්තූතිය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමටද වික්ටෝරියා නුලන්ඩ් සිය එකඟත්වය පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

