විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට ප්‍රංශ රජය විසින් ගෙනා යෝජනාවට එරෙහිව එරට ජනතාව විරෝධතා දියත් කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට වයස අවුරුදු 62 න් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමටයි ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සැලසුම් කර තිබුණේ.
මෙම විරෝධතා හේතුවෙන් පාසල්, පොදු ප්‍රවාහනය සහ තෙල් පිරිපහදුවලට බාධා එල්ල වී තිබෙන අතර මේ සඳහා ප්‍රධාන වෘත්තීය සමිති අටක් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

